හතරවන කොටස

274 18 9
                                    

සාම චෛත්‍යයට පහලින් මුහුදු වෙරල දෙසට වූ පටු අඩිපොර දිගේ අපි කෙමින් පියමන් කලෙමු. මම තවමත් සිතමින් උන්නේ ඇය ගැනය. පටු බෑවුමක් සහිත අඩිපොර දිගේ අපි එකා පිටුපස එකා ගමන් කළමු. ඇය සිටියේ කෙලින්ම මට ඉදිරියෙනි. එය දෛවයේ කැමැත්තට සිදුවූවක් නොව මගේ කැමැත්තට සිදුවූ දෙයකි. නිශ්ශබ්දතාව බිදිමින් පිටුපසින්ම පැමිණි ගයියා කුරුල්ලෙකුගේ හඩින් සිවුරුහන් කළේය. එය ඇසුණු සමින්දි අක්කා සැනකින් පිටුපස බැලුවාය.

"ඇහුනද අක්කේ ඒකද්ශීය පක්ෂියෙක් කෑගහනව.." පැතුමා කීවේය.

"ඔව් ඔව් ඇහුනා.." ඇය සිනාසෙමින් පැවසුවාය.

"ඌ තමයි අක්කේ පුක රතු මල් කොහා.. මල්වර වෙන්න ලං උනාම ඔහොම තමයි කෑගහන්නේ.." බන්ටිගේ වාචාල කට විවර වනවාත් සමගම අපි සියල්ල හඩ නගා සිනාසුනෙමු.

"උඹ දන්නේ කොහොමද ඌ මල්වර වෙන්න ලං උනාම කෑගහන්නේ ඔහොම කියල..?" එවර ගයියා බන්ටිගෙන් විමසුවේය.

"දැන් කාලෙ හරිනෙ බන්.." බන්ටි කට ඇරියොත් උගේ චරිතය ගැන අනිත් අයට ලෙහෙසියෙන්ම දැනගත හැක.

"හෝ හෝ ඇති ඇති දැන්.. සමින්දි ඔයා  මෙයාල කියන ඒව වැඩිය ඔලුවට ගන්න එපා.. පිස්සු හැදිල තමයි නතර වෙන්නේ.." පැතුමි අක්කා බන්ටිගේ කතාව නවත්වමින් කීවාය.

ස්වල්ප වේලාවකින් අපට මුහුද රල ගසන හඩ ඇසෙන්නට විය. ඈතින් මුහුදු වෙරල දිස්වනු දුටු සමින්දි අක්කාගේ මුහුණ සතුටින් බැබලුනි.

"අම්මෝ.. බලන්නකකෝ මුහුද දැක්ක්ම මෙයාගෙ මුණ.." සමින්දි අක්කා දෙස බලමින් එවර අපේ අක්කා පැවසුවාය.

"ඇයි අක්කේ මුහුද දැකලම නැද්ද  කලින්.." පැතුමො ඇසුවේය. 

"එහේ මුහුද මෙහේ තරම් ලස්සන නෑ.." ඇය මුහුද දෙස බලමින් අවංක උත්තරයක් දුන්නාය.

"යමු රැල්ල පාගන්න.." ඇය පැතුමි අක්කා හා අපේ අක්කාගේ දෑත් වලින් අල්ලාගෙන මුහුද දෙසට ඇවිදගෙන ගියාය.

මම ඇය දෙස බලා උන්නෙමි. ඇය හැසිරෙන්නේ කුඩා දැරියක් ලෙසිනි. මුහුදු රල ලගට එනවිට කෑගසමින් උඩ පැන්නාය. ඒ දුටු මට සිනා පහල උනි.

ආදරයට ආදරෙන්Where stories live. Discover now