01 කොටස

102 18 0
                                    

අදයි මම මුලින්ම අලුත් ඉස්කෝලෙට යන්නේ.😊
YOUNGSAN INTERNATIONAL SCHOOL.
SOUTH KOREA.

මට නම් ටිකක් බයයි. මට යාලුවෙක් ලබෙයිද දන්නෙත් නෑ නෙ. ☹️
මම ඉතිං clz එකේ 1st නම් වෙලා නෑ කවදාවත්. ඒත් 33න් දෙනාගෙන් 10 - 15 අතර ඉන්නවාමයි. හොඳයි නේ??
මගේ පවුලෙ මම විතරයි. මං පොඩි කාලෙම තාත්තා මේ ලෝකෙන් ගිහිං තිබුනා. මට එයාගේ කටහඬ වත් මතකයක් නැති තරම් එයා මට දුරයි.😔

- මේ මගේ කතාව -

මම Kim Yun Hee 💜

පුතේ එහෙනම් පරිස්සමින් යන්න clz එකට. හවසට බස් එකේ එන්න. හරිද. සල්ලි තියෙනව නේ.

හරි අම්මා.. පරිස්සමින්..

ටීචර් කෙනෙක් මාව clz එකට ගෙනත් ඇරලුවා.. මම හිමීට හිමිට ඇතුලට ගියා..😳 ලමයි ඔක්කොම මං දිහා බලන් ඉද්දි දැනුනේ මන් හරියට වැරැද්දක් කරලා පොලිස් ජීප් එකේ දාගෙන අරන් යන මනුස්සයෙක් වගේ. 😣

මැද පේලියේ අයිනෙම desk එකේ කවුරුත් හිටියේ නෑ. මං එතනින් ඉඳගත්තා. මට එහා පැත්තේ හිටියේ සුදු ලස්සන ගැණු ලමයෙක්. මට ඇහුන විදිහට නම් එයාගෙ නම Eun Ae එයා සැරින් සැරේ මං දිහා බල බල අනිත් අයත් එක්ක හිනා වෙනවා මට හොරැහින් පෙනුනා..

Interval එක වෙලාවේ හැමෝම එලියට ගියා. මං තනියම මගේ මේසෙට වෙලා කැම එක කන්න ගත්තා.
**මේ වෙනකම් කවුරුත්ම මාත් එක්ක කතා කලේ නෑ නෙ.😐  මං අලුත්නේ. පස්සෙ හරි යයි🙃 **

ටිකකින් Eun Ae එයාගෙ යාලුවො දෙන්නයි ආවා. ඇවිත් මගේ පිටි පස්සේ table එකෙන් ඉඳගත්තා.

"ඌට පිස්සු, හිතේ ඇති මං කැමති කියලා" 😂
"ඉතිං Eun Ae ඔයා ඌ දුන්න චොකලට් එක එක පාරින්ම ගත්තනේ.ඉතින් එයාට එහෙම හිතෙන්න ඇති "
"අනේ බං So Young නිකන් දෙන දෙයක් ගන්න ලව් කරන්න ඕනද?? 😂😂

එහෙම කියලා හයියෙන් හිනා වෙන ගමන් එයා මේසෙට පයින් ගැහුවා. ඒක වැදුනෙ මගේ පුටුවේ. මං සද්ද නොකරම හිටියා.

"මේ ලමයා"
මං හිමීට හැරිලා බැලුවා..
"ඔයාගේ නම මොකක්ද අනේ....😏 " Eun Ae ඇහුවෙ ඇද වෙච්ච හිනාවක් එක්ක.

මම.. Yun Hee  Kim Yun Hee..😐

එයා මුකුත් නොකියා ආපහු යාලුවො එක්ක කතාව. මාත් ඉස්සරහා හැරිලා පාඩුවේ හිටියා..

මං එදා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගියේ අද දවස ගැන හිත හිත.
**අනේ හෙට වත් මට යාලුවෙක් ලබෙනව නම්. Eun Ae මගේ නමත් ඇහුවනේ.. එයා හෙට මාත් එක්ක කතා කරයි.**

--------------------

" Ya.. Yun Hee.. මට සල්ලි දෙනවකො rice cake එකක් ගන්න " 🤨
මන් ඒ වෙලාවෙම එයාට rice cake එකක් අරන් දුන්නා.එයා පව් නේ.

"මේ මට සල්ලි නැතුව නෙවෙයි ඉල්ලුවේ හරිද. මගේ පර්ස් එකේ මාරු සල්ලි නෑ. ඒකයි." 😒
ආඩම්බර විදිහට එහෙම කියල එයා යාලුවො එක්ක ගියා..

ටික දවසක් ගෙවුනා. හැමෝම මාත් එක්ක යන්තම් හිනා වෙලා joh eun achim ( සුබ උදෑසනක් ) කිවුවා මිසක් කවුරුත්ම මාව එයාලා එක්ක එකතු කරගත්තේ නෑ.
හැමෝම එකට කෑම කනකොට, එකට පාඩම් කරනකොට,ඕප දූප කියලා හිනා වෙනකොට මට ඔලුවෙ කැක්කුමකට pain killer එකක් ඉල්ලගන්න වත් මට clz එකේ කවුරුත්ම නෑ. එයාලා මාව ගනන් ගන්නේ නැති නිසා මටත් එයාලා එක්ක කතා කරන්න බයයි.😕

මේ තනිකම මට දිගින් දිගටම ලොකු වේදනාවක් වෙන්න ගත්තා. මට මං ගැනම ලොකු අසරණකමක් දැනුනා.. ඒ හැම වෙලාවකම කවුරුත් නොදැකපු කඳුලු මගේ ඇස් වල තිබුනා.😢

" Yun Hee"
ඒ කතා කලේ Hae Won. Eun Ae ගේ යාලුවෙක්.
"ආ.. මේ කේක් කෑල්ලක් ගන්න" 🍰
"Gomabseubnida ( ස්තූතියි )  Hae Won "😊

එකපාරටම Eun Ae කොහෙන්දෝ ඇවිත් මගේ ඇඟේ හැප්පුනා. කේක් කෑල්ල බිමට චප්ප වෙලා.
"අනේ.. mianhae.. මම දැක්කේ නෑ.. 🤨 ඕකට මූන බෙරි කරන් ඉන්න ඕනද ඉතිං. කඩෙන් එකක් අරන් කන්නකො. ඕවා ප්‍රශ්නද.. හී හී.." 😁
එහෙම කියලා එයා Hae Won ගේ අතින් ඇදගෙන ගියා..

"Eun Ae.. තමුසෙට මොනා වෙලාද. අත අරිනවකෝ"😕
"මෙහෙ වරෙන් Hae won. ගොන් නැම්බි" 😤

*****************

ඔබ නොදුටු මමOpowieści tętniące życiem. Odkryj je teraz