04 කොටස ( අවසානය )

71 17 13
                                    

මම පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා. තරුණ කොල්ලෙක් පාර අයිනෙ වැටීගෙන මොනවද දොඩවනව. කොන්ඩෙත් අවුල් වෙලා.

"හොඳ කුඩුකාරයෝ ටිකක්නේ වට කරගෙන හිටියේ. දැන් ඉතිං යන එනමං නෑ. කාලකන්නි"

එතනින් ගියපු මිනිස්සු දෙන්නෙත් එහෙම කියාගෙන යනව මට ඇහුණා. මම එතනින් යන ගමන් ඒ ලමයගෙ මූන බැලුවා. ඒ Joon Woo. 😲
මගේ කලින් ඉස්කෝලෙ හිටපු ලමයෙක්. එයත් මං වගේම පංතියෙ මුල්ලකටම වෙලා හිටපු අහිංසකම ලමයෙක්. එයාට කොල්ලො විහිලු කලේ "බබා" කියල.  ඒ වගේ කොල්ලෙක් මෙහෙම දකිනකොට හරි පුදුමයි.

මම දිග හුස්මක් අරන් ආයෙත් මගේ ගමන ගියා..

මම ආවා මගේ ගමනාන්තයට. Jamsu bridge එක. 🌉
මං දන්නව මං විනාශ කරන්නේ එක ජීවිතයක් නෙවෙයි කියලා. ඒත් මට මේ ලෝකෙ ජීවත් වෙන්න තරම් බලපොරොත්තුවක් තව ඉතුරු වෙලා නෑ.
ඒ සැනෙකින්ම Yun Hee ගේ අවසන් හුස්ම වා තලයට එකතු වුනේ මහා වේදනාවක් එක්ක. මේ කිසිවක් නොතේරෙන Han ගංගාව Yun Hee ගේ නිසල සිරුරත් අරන් ලස්සනට ගලාගෙන ගියා..

එදා ගංගාවෙන් ගොඩගත්තේ Yun Hee ගේ මිනිය විතරක් නෙවෙයි. තවත් තරුණයෙකුගේ සිරුරකුත් තිබුණා. ඔහුගේ කලිසම් සාක්කුවේ තිබිලා පොලීසියට හම්බුනේ පුංචි කොල කෑල්ලක්. ඒකෙ තිබුනේ..
"කොහේ හෝ මට වැරදුණා.. ආයෙ එන්නට බැරි වුණා"
ඒ තමයි Joon Woo. Yun Hee යන අතරමගදී දැකපු ඒ අහින්සක කොල්ලා. (කුඩුකාරයා)
           
                      💔 සමාප්තයි 💔
************************

මේ ටිකත් අනිවාර්යෙන්ම කියවන්න ☝️

Yun Hee ගේත් Joon woo ගේත් මරණයට වගකියන්න ඕන කවුද?
**එයාලව කොන් කරපු පීඩා කරපු යාලුවො?
**ඔවුන්ගේ වචනෙකට ඇහුම්කන් නොදුන් දෙමවුපියො?
**ඒ අසරණකමින් ඒ අයව බිලිගත්ත මිනිස්සු?
**නැත්නම් ඔවුන්ම ගත්ත වැරදි තීරණ?

මම හිතන්නේ මේ ඔක්කොම කියලයි. ☝️
??ඒ ඇයි??😐

අපි හැමෝම කැමතී ආදරේ ලබන්න. ඒත් කාගෙවත් ආදරයක් අවධානයක් නොලැබ තනි වුනු ජීවිත විඳවන්නෙ හරියට ඊ තලයක් වැදුනු මුව පැටියෙක් වගේ. යන්නෙ කොහෙද කරන්නෙ මොනාද කියල තේරෙන්නෙ නෑ. ඌ දන්නෙ ඌට රිදෙනව කියල විතරයි. ඒ අඩපණ සතා දඩයක්කාරයෙකුට අහු උනොත්??
ඒ දේ තමයි Yun Hee ට වුනෙත්. Joon Woo ට වුනෙත්.

Joon Woo ට ලැබුන එකම යාලුව එයාට ඉගැන්නුවෙ මත් පෙත්තෙන් ගංජා සුරුට්ටුවෙන් දුක තුනී කරගන්න.ඒත් ඇත්ත තේරුම් ගන්නකොට හුඟාක් පරක්කුයි.
ඉතින් ලේසිම උත්තරේ එයාලා තෝරගත්තා. "මරණය" 😢

දැන් ලෝකෙ හරිම කාර්යබහුලයි. අම්ම තාත්තට වැඩ වැඩී. යාලුවො දන්නේ නෑ යාලුකම් කියන්නෙ මොනාද කියලා. උන් ලකුණු 100% ගන්න අනිත් එකාගෙ බෙල්ල උඩින් හරි හැල්මේ දුවනවා..🤐

Yun Hee/Joon Woo වගේ අහිංසක, ලැජ්ජාවෙන් මුළුගැන්වුන ලමයි ඕන තරම් ඔයාල දැකලා ඇති.
කවදා හරි ඔයා එයාලට කතා කරලා, "එන්න අපි යාලුවො වෙමු" කියල තියෙනවද?☝️උදවුවක් කරලා තියෙනවද?☝️
කෙනෙක් තව කෙනෙක්ට හිංසා කරද්දී "එපා" කියන්න ඔයාට පුලුවන් උනාද??☝️

මං හිතනවා මීට පස්සේ ඔයා ඒ අය දිහා වෙනස් විදිහට බලයි කියලා.
ඔයාගේ එක වචනෙකට පුලුවන්  Yun Heeලා, Joon Woo ලා සිය ගානක් අඳුරෙන් බේරගන්න.
මේ කියවන අය අතරේ Yun Hee ලා ඇති..
Eun Ae ලා ඇති..
Hae Wonලත් ඇති.
ඒ වගේම Jae Gyuලාත් ඉන්න පුලුවන්.😔

හිතන්න. වෙනස් වෙන්න. ලෝකෙම සුවපත් කරන්න.✌️
ඔයාලා එක්කෙනෙක් හරි වෙනස් උනා නම් ඒ තමයි මට ඕන වුන දේ.💜

Você leu todos os capítulos publicados.

⏰ Última atualização: Apr 20, 2020 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

ඔබ නොදුටු මමOnde histórias criam vida. Descubra agora