එයාලා හැමෝම බිම ඉදගෙන.. එයාලාගේ හිතට එක එක දේවල් එනවා.. Oracle ඒ දේවල් එකින් එක රෑපමය විදියට මට පෙන්වුවා.. ඒත් එකක් පැහැදිලි ඔවුන් ගොඩක්ම බය ඔවුන්ට.. තමන් නිසා කන්ඩායමට අසාධාරනයක් වෙයි කියන බය එයාලාගේ හිතේ තිබුනා.. ඒ වගේම අනාගතේ එයාලාගේ හීන ගැන බය උනා..
RM - ඩොක්ට, මං හිතන්නේ මං ගොඩක්ම බය මගේ අතින් වෙන වරදක් නිසා මගේ කන්ඩායම අමාරැවේ වැටෙයි කියලා.
Jin, Jimin - මමත් හිතනවා ඒ දේ ගැන..
JK - මගේ අනාගතය ගැන..
හෝසොක්ටත් යුන්ගිටත් තිබුනේ එයාලාගේ හැකියාව ගැන සැකයක්.. කණ්ඩායමට ගැලපෙනවද කියන බය..
"හරි මුලින්ම අපි භාවනා කරමු.."
එයාලා ටිකක් ඇත් වෙලා භාවනා කරන්න ඇස් පියාගත්තා.. දැන් තමා හොදම වෙලාව..
"ඩොක්ට ඔබට බෑ අතිතය වෙනස් කරන්න... මං මේක කියන තුන්වන පාර.."
"oracle මං දන්නවා.. මං කාලයේ නියමයට පිටින් යන්නේ නෑ.. මට නම්ජුන් UN එකේ කතා කරන රෑප රාමු දෙන්න.."
මම මුලින්ම ඔහු ලගට ගියා..
"මොනවද ඔබට පේන්නේ?"
"මොකුත් නෑ අදුර විතරයි.."
"හ්ම්ම්.. මං මේ කියන දේ හිතේ මවාගන්න.. ඔයා එක්සත් ජාතින්ගේ සංගමයේ කතාවක් කරනවා.. ඔයා ඉස්සරහ රටවල් ගනනාවක නියෝජිතයෝ.. ඒ වගේම ඔයා පිටි පස්සේ ඔයාගේ Membersලා ආඩම්බරෙන් බලාගෙන ඉන්නවා.. දැක්කද?"
ඔහුගේ මුහුනේ ලාවට හිනාවක් ඇදුනා.. සිහිනයක් වගේ මං ඔහුගේ මනසේ ඔවුන්ගේ අනාගතය රෑපනය කලා.. ඒත් RM හිතුවේ ඒවා ඔහුගේ හිතේ මැවෙන දේ කියලා..
මං ඊලගට ගියේ ජින් ලගට.. ඔහුගේ හිත තාම කලබලයි.. වරින් වර මතක් උනේ ඔහුගේ අත්වැරැද්ද.. මට ටිකකට ඒ සිතුවිල්ල ඔහුගේ මනසින් මැකුවා..
"ජින්ෂී.. මං මේ කියන දේ හිතෙන් මවන්න.. කවදාහරි London වෙම්බ්ලි ස්ටේඩියම් එක දැකලා තියනවද?"
ඔහු ඔලුව වැනුවා..
"ඔයා ඉන්නේ ලොකු වේදිකාවක් උඩ.. ඔයා වටේට ඔයාගේ රසිකයෝ ගොඩක් ඉන්නවා.. එයාලා ඔයා එක්කම සිංදුව කියනවා.. ලස්සනයි නේද?"
"ඔව්.. මගේ කොන්ඩේ පාට...... දම් පාටයි..."
ජින් හිතුවේ ඒ ඔහුගේ හිතේ ඇදුන හීනයක් කියලා..
"දැන් ඔයාගේ අතේසම්මාන දෙකක් තියනවා.. මොනවද ඒ?"
"එකක් Grammy අනික ඔස්කා"
ඔහු ටික ටික තේරැම්ගත්තා ඔහු ඉස්සරහට කලයුතු දේ..
"Epiphany"
"මං අන්තිමට තේරැම්ගත්තා.."
ඔහුගේ මනස මගේ හඩට ප්‍රතිචාර දැක්වුවා..
ඊලගට හිටියේ ජිමින්...
"ජිමින්ෂි.... ඔයාගේ ගීතයකට Grammy සම්මානයක් ලැබිලා.. දැක්කද ඒක.. ඔයා හරි ආඩම්බරෙන් ඒක අතේ තියාගෙන ඉන්නේ.. ඔයාගේ මුනේ ලොකු හිනාවක්.. ඒත් ඇස් අග චුටි කදුලක්.."
ජිමින්ගේ කම්මුල දිගේ ඇත්තටම කදුලක් ගලාගෙන යනවා.. ඒත් එයා හිනාවෙනවා.. එයාගේ අනාගතේ දැකලා.. මං මේ වගේ හැමෝටම තමන්ගේ අනාගතේ හීනයක් විදියට හිතේ මැවුවා..
"ඩොක්ට ඒවා ඇත්ත වගේ.."
"මටත් එහෙම දැනුනා.."
"මෙහෙමයි.. ඒ හිනෙට යන ගමන ලේසි නැති වෙයි.. අවුරැද්දකින් දෙකකින් හැබැ නොවෙන්නත් පුලුවන්... නම්ජුන්ෂී කවදාවත් කණ්ඩායම අතාරින්න එපා... ඔයයි මේ හත් දෙනා එකතු කරන ගම් එක.. ජින්ෂී.. උත්සහය කැපවීම ඒ දෙක තියනවා නම් ඔයාගේ Epiphany ඇත්තක් වෙයි... ජන්ග්කුක්ෂි ඔයා තමා මං දැකපු ශක්තිමත්ම කෙනා.. මේ වගේ පොඩි වයසකින් ඔයා මේ තරම් දෙයක් ලොකු දෙයක් කලා.. ඒ වගේම ඔයා අද දැකපු අනාගතේ ඇත්තක් කරගන්න ඔන හරිද?"
ජන්ග්කුක් ඔලුව වනලා ලස්සනට හිනා උනා..
"යුන්ගි, ඔයා ඔයා කරන දේට ආදරේයි.. මිනිස්සු ගොඩක් දේවල් කියයි,අතැරලා දාන්න හිතෙයි.. ඒත් අතාරින්න එපා.. මිනිස්සුන්ගේ කටවහන්න පොඩි දෙයක් හොදටම ඇති.."
ඩොක්ටර්, ඔබ කියන දේ ගැන සැලකිලිමත් වෙන්න.. ඔබ වක්‍රව කාලයේ නියමයන්ට පිටින් යනවා..
oracle මාව විස්වාස කරන්න.. මං කැමති නෑ ඔවුන් මේ ගමන මැදදි අතාරිනවට.. මං කාලයේ නියමයන් වෙනස් කරන්නේ නැහැ.. එහෙම කලොත් ඒකේ ඵල විපාකත් මං විදින්නම්..
ඩොක්ට එහි විපාකය ඔබ සදාකාලිකවම කාලය අතර හිර වෙනවා.. වර්තමානය, අනාගතය අතිතය කිසිම වෙනසක් නැති වේවි..
මං දන්නවා.. ඒකටකමක් නෑ..
Oracle මට කාලයේ නියමයන්ට පිටින් යාම ගැන පැහැදිලි කරන අතරේ මං ටේහ්‍යොන්ග් ලගට ගියා..
"ටේහ්යොන්ග්ෂි.. මං අහපු ලස්සනම කටහඩ වගේම පිරිසිදුම හදවත තියෙන්නේ ඔයාට.. මං දන්නවා ඔයා ආසයි ලස්සනට අදින්න.. ටික කාලයක් මේ දුක කට්ට ඉවසන්න.. අමාරැම නම් අඩන්න.. ඔයාගේ යාලුවෝ ඔයා ලග ඉදිවි හැමදාම.. ඒ වගේම කවුද දන්නේ ඔයා ලෝකෙන්ම කඩවසම් කොල්ලා වෙයිද කියලා.. ඒ තරම් ඔයා ලස්සනයි.. කවදාවත් තමන් ගැන පහත් කරලා හිතන්න එපා.. තේරැනාද?"
ටේහ්‍යොන්ග් ලස්සනට හිනාවෙලා මට ඔලුව නැමුවා..
ඩොක්ට.. මේක මෙහෙම කරන්න බැහැ.. මට ඔබව පාලනය කරන තැනට වැඩ කරන්න එපා..
Oracle මට පලමු අවවාදය දුන්නා.. මං දන්නවා මං කලේ කාලයේ නියමයන්ට පිටින් යාමක්.. තව දෙන්නයි..
"හෝසොක්ෂි, ජිමින්ෂී.. ඔයාලා තමා මං දැකපු දක්ෂතම Dancers.. ජිමින්ෂි ඔයගේ කටහඩට මිනිස්සු සුවපත් කරන්න පුලුවන්.. කවදාවත් අද දැකපු හිනේ අමතක කරන්න එපා.. හැමදේම අතාරින්න හිතෙන වෙලාවට ඇස් දෙක පියාගෙන ඒ හීනේ දකින්න.. හොසොක්ෂී.. එහෙම කරනවා නේද? ඔයාගේ නම වගේම ලෝකෙට බලාපොරොත්තුවක් වෙන්න.."
"මං කරන්නම් ඩොක්ට.. "
හෝසොක් හිනාවෙලා මට හිස නැමුවා..
"එහෙනම්.. අපි ආයේ හමුවෙමු.."
මගේ පැය 48 කාලයේ නියමයන්ට පිටින් යාම නිසා ඉක්මනට ගෙවුනා.. එයාලාගෙන් සමුගෙන මං එලියට එනකොට පාන්දර වෙලා.. මට නැවත මගේ බර අඩුවෙනවා දැනුනා.. මගේ ඔරලෝසුව වේගෙන් කැරකෙන්න පටන් ගන්නකොට මගේ ඇස් ඉස්සරහ අනාගතයේ දවසකට ගියා.. ඊට පස්සේ නැවත අතිතයට.. Oracle මගෙත් එක්ක තිබුන සම්බන්ධය බිදිලා.. මට තවදුරටත් ඔහුගේ කටහඩ ඇහුනේ නෑ..
එක්වරම මං ගියේ මුහුදු වෙරලකට.. ඇයි මං මෙතන.. කවුරැහරි අඩනවා.. මං ලගට ගියා.. ඔහුට මාව පේන්නේ නෑ.. දැන් මං පදාර්ථයක් නෙමෙයි ශක්තියක්..
"Seok Jin.."
ඇයි ඔහු අඩන්නේ..
"අනේ මට කාලය වෙනස් කරන්න පුලුවන් නම්.. එයාලා හැමෝම මං ලග.."
මොනවද ඔහු කියන්නේ.. මං ඉක්මනට ඔහුගේ කාලයේ පසුපසට ගියා..
අප්‍රේල් 11..
මං හැමදේම බලන් හිටියා.. මං දුන්න හින එයාලා අතැරලා.. සාමන්‍ය කොල්ලෝ ටිකක් වෙලා.. මේ 2015.. මේහැමදේම මං කාලය වෙනස් කරපු නිසාද? හැමදේටම වැරදිකරැ මං.. මට වගේම ඔවුන්ටත් දඩුවම් ලැබිලා..
මං ආපහු ජින් ලගට ගියා.. ඔහුට මාව පේන්නේ නෑ.. වටපිට බලනකොට දැක්කා ලස්සන සුදු පුසෙක්.. මං ඌගේ මනසට ඇතුල් උනා..
"ඔබට කාලයේ ආපසු යා හැකි නම් හැමදේම වෙනස් කරනවද? එයාලාව බේරගන්නවද?"
ඔහු කලබල උනා.. මාව දැකලා.. ඒත් එයාලාව බේරගන්න ඔන අදහස නිසා ඔහු මට කතා කලා..
"කාලය ගැන මං දන්නේ නෑ.. ඔවුන්ව මට බේරගන්න විතරයි ඔන.."
"එහෙනම් අද ඉදන් ඔයා මාත් එක්ක මේ ගැටගැසුන දෛවයේ කාලය තුල ජිවත් වෙවි.."
මට කාලයේ අවකාශය දැනෙන්නේ නෑ.. දවස් සති මාස අවුරැදු මට ඔන නම් නිමේෂයකින් ගමන් කරන්න පුලුවන්.. මුලින් ජින්ට එයාගේ කාල චක්‍රයේ කරන්න ඔන දේ තේරැනේ නෑ.. කාල වක්‍ර කිපයකට පසු ඔහු තේරැම්ගත්තා කරන්න ඔන දේ..
මං හිතුවා වගේම ඔහු කාලයේ නියමයන්ට පිටින් නොයා ඔවුන්ව බේරගත්තා.. ඔවුන්ගේ දෛවයන් එකිනෙකට සම්බන්ධයි... ජින්ට නම්ජුන් හමුවිම, නම්ජුන් ජන්ග්කුක්ව සියදිවි නසා ගන්න එකෙන් බේරගැනිම, ජන්ග්කුක් යුන්ගිව ගින්දරෙන් බේරගැනිම, යුන්ගි ජිමින්ව බේරගැනිම, ජිමින් හෝසොක්ව වැටෙන්න නොදි අල්ලගැනිම.. අවසානයේ ටේහ්‍යොන්ග් අතින් වෙන්න ගිය වරද හෝසොක් වැලැක්විම හැමදේම එකිනෙකට සම්බන්ධයි.. ඔවුන් නැවතත් පැරනි ජිවිතවල... එයාලාට මං පෙන්වු අනාගතය අමතකයි.. ඒත් මගේ උදව් නැතිවම ඔවුන් ඒ හිනවලට ගියා..
End Of the Dr. Serah Kim's Time Travel Log. We lost her Connection 2 Days after the 0613 Time Travel Attempt.
- Record and Saved by AI Oracle
දිනය - Year 2015
ස්ථානය - BTS Private Dorm, Seoul, South Korea.
නම්ජුන්ට ලැබුන මේ නාදුනන විඩියෝ පටය හා හඩ පටය එක දිගටම අහලා HeadSet එක ගැලෙව්වේ මොකුත් හිතාගන්න බැරිව.. ඒ හැමදේම එකිනෙකට ගැලපෙනවා.. කවුරැත් නොදන්න එයාලාගේ එක් ජිවිත කතාවක්...
"ඩොක්ට, මේ හැමදේම ඇත්තද?"
"නම්ජුන්ෂී, ඒ හැමදේම ඇත්ත.. මං තවමත් කාලය හා අවකාශය අතර සැරිසරනවා.. ඒ වගේම ඔයාලා හත් දෙනාට මාත් එක්ක තියන සම්බන්ධය නිසා වරින් වර ඔබේ හිනවල මං ඉදිවි.. මට කතා කරන්න ඔන නම්ඇස් පියාගන්න.."
යුන්ගි නම්ජුන්ව හොයාගෙන ආවේ lyrics වගයක් දෙන්න.. නම්ජුන් අත මිටි මොලවගෙන ඒක උඩ අත තියාගන ඇස් වහගෙන..
"යාාා.. ඇදට ගිහින් නිදාගන්න නිදිමත නම්.."
නම්ජුන් ගැස්සිලා ඇහැරැනා.. මේසේ උඩ ඩොක්ට සේරාගේ සටහන් ලියපු පොතත්, පරිගනකයේ ඇය දැක්ක ලෝකයේ විඩියෝ.. යුන්ගි ඒක දැකලා නම්ජුන් දිහා බැලුවා..
"මොකක්ද මේ?"
"ජිවිතේ සුන්දරම මොහොත.."
(Most Beautiful Moment of Life)
෴නිමි෴
YOU ARE READING
Way Back In Time
FanfictionDr.Serah is a Scientist from the future. due to a technical fault in her time machine, she had to go back 100 years back in time... there she met BTS as rookies. she did something she shouldn't. as a result, she stuck between time and space forever...