දිනය - 2213 පුනි 13
වෙලාව - ප.ව 4
ස්ථානය - A.C.C Time Travel Research Center, Sigiriya, SL, S.Asia,Planet Earth.කාල තරන 0613 වන උත්සහය
Traveler - Dr. Serah Kim613වන වස්තුවක් කාලයේ ආපසු යැවීම සාර්ථකයි.. අද පලමු මිනිස් අත්හදා බැලිම.. නොනවතින යන්ත්‍රවල හඩත් සමග මගේ ශරිරය පුරා දිවෙන ලේසර් කිරනවලට ඉඩ දි මං ඇස් පියාගත්තා.. පලමු උත්සහය වසර 10යි.. පරිගනකයට වසර 10කටපෙර අද දිනය ඇතුල් කලා.. මුලින්ම මගේ ශරිරයට මද අපහසුතාවයක් සමග වේදනාවක් දැනුනත් නිමේෂයකින් මගේ ඇගේ බර ශුන්‍යයටම යනු දැනුනා.. ගත වුනේ තප්පර කිපයයි.. මං ඇස ඇරියේ කන් බිහිරි කරවන තරම් සද්දෙන් ඇහෙන සංගිතයක් නිසා..
එක්වරම ඇති වු තිගැස්සම නිසා මුලින්ම ඉන්න තැන හිතාගන්න බැරි උනා.. වටාපිටාවම ගෑනු ලමයි පිරිලා.. එක විදියක සංගිත ප්‍රසංගයක් ලෙස එහි වටා පිටාවෙන් හිතුනා..
ඒත් එක්වරම මතකයට ආව දේට මං තවත් බය උනා.. සංගිතය යනු දැනට වසර 100කට පෙර මිනිසා විසින් බැහැර කල දෙයක්.. එතැන් පටන් මිනිසුන්ට රසවින්දනයට කිසිවක් තිබුනේ නෑ.. ඒ කියන්නේ මම වසර 10 වෙනුවට වසර 100කටත් වඩා අතීතයට ඇවිත්ද?
කාල තරන පරිගනකයේ(Oracle) යම් දෝෂයක් බව මට තේරැනා.. මගේ අතට සම්බන්ධ එම පරිගනකයේ දුරස්ථ පාලකයට මගේ මනසින් සම්බන්ධ උනා..
"Dr. Kim සමාවෙන්න, වසර 10ක් වෙනුවට ඔබ වසර 200ක අතීතයට පැමිණ ඇත.. ඔබ දැනට සිටින්නේ වසර 2013 ජුනි මස 13 වන දින.. පුරාන පෘථිවියේ දකුනු කොරියාවේ සෝල් අගනුවර කොරියානු සම්මත වෙලාවෙන් වෙලාව ප.ව 5.30..."
"එතකොට මං ආපහු යන්නේ කොහොමද?"
"Dr.Kim මෙයින් ඔබේ දින දෙකේ ගමනට බාධාවක් නැහැ.. තව පැය 48කින් ඔබට නැවතත් වර්තමානයට පැමිනිය හැකි.."
"මං දවස් දෙකක් මොකද කරන්නේ?"
"Dr. Kim මේ ඔබේ පරපුරේ නිජබිම.. අද දකින්න ලැබෙන ලෝකයට වඩා මෙය වෙනස්.. මං හිතනවා ඔබ මේ දින දෙක ඇතුලත මෙතෙක් අත් නොවිදි අත්දැකිම් ලබා ගනිවි කියලා.. මුලින්ම සංගිතයෙන් පටන් ගන්න.."
ඒ එක්කම නැවතත් තරමක් කනට රළු සංගිතයක් වාදනය වෙන්න පටන් ගත්තා.. මං වේදිකාව දෙස බැලුවේ Oracle පැවසු විදියට පුරාන පෘථිවියේ පලමු අත්දැකීම ලබාගන්න..
ŞİMDİ OKUDUĞUN
Way Back In Time
Hayran KurguDr.Serah is a Scientist from the future. due to a technical fault in her time machine, she had to go back 100 years back in time... there she met BTS as rookies. she did something she shouldn't. as a result, she stuck between time and space forever...