CHAPTER 02

134 30 2
                                        

මං කො‌රිඩෝ‌වක් දිගේ ඇ‌විදගෙන ගියේ තවත් මේ පැරනි ලෝ‌කය ගැන ඉගෙන ගන්න.. මිට අවුරැදු දෙකකට කලින් කරපු පරික්ෂනයක ප්‍රථිපලයක් විදියට මගේ මො‌ලේ ක්‍රියාකාරිත්වය 50% ක්.. ඒ‌ නිසා මට මිනිසුන්, සතුන්, විදුලි උපකරන අඩුම ජිවි අජිවිහැම වස්තුවක් සමගම සම්බන්ධ වෙන්න පුලුවන් වගේම ඒ‌ දේවල් මට ඔන විදියට හසුරවන්න පුලුවන්..

"Artist Waiting Room"

මට මතකෙට ආ‌වේ දැන් ටිකකට කලින් මං ඉස්සරහා හිටිය කො‌ල්ලෝ‌ හත් දෙනා.. මගේ වයසට සාපේක්ෂව ඔවුන් කුඩා උනත් ජිවිතේ කවදාවත් නො‌විදපු හැගිමක් මට දැනුනා..

මං හෙව්වේ ඔවුන්ගේ කාමරය..

"방탄소년단"

මං එක්වරම දො‌ර ඇ‌රගෙන ගියො‌ත් ඔවුන් කලබල වෙවි.. එතන හිටියා ටිකක් මහත, කො‌ට, කණ්ණාඩි දාපු සාමන්‍ය විදියට ඇ‌දගෙන හිටිය කෙනෙක්...

"Oracle, ඔහු ගැන හො‌යන්න.."

"Dr.Kim ඔහු BigHit නම් ආ‌යතනයේ ප්‍රධානි, Bang Shi Hyuk.. ඒ‌ වගේ Hitman Bang කියලත් හදුන්වනවා.. ඔහු තමා BTS හි නිර්මාතෘ.."

ඒ‌ අතරේ මං ඔහුගේ මනස කියෙව්වා.. ඔහු සිටියේ මදක් කලබල වෙලා.. යම් දුකකුත් තිබෙනවා.. ඔහුගේ සිතට මැවෙන්නේ මටදැන් ටිකකට කලින් ඇ‌හුන දේ වගේ මිනිස්සු ඔහු ඉන්න තැන කියපු කතා.. මං ඔහු ලගට ගියේ කතා කරන්න හිතාගෙන..

"Doctor, ඔබට අතීතය වෙනස් කරන්න බැහැ ඒ‌කෙන් තුලිතතාව බිදෙනවා.. සේරා.. නවතින්න.."

Oracle මට කියනවා ඇ‌හුනත් මං ඔහුට කතා කලා..

"ඔබ හො‌දින්ද?"

"ආ‌හ්.. නේ.. ඔබ කවුද?"

"මම සේරා කිම්.. මානසික වෛද්‍යවරියක්.. ඔබතුමාගේ මුහුන නො‌සන්සුන් මං ඒ‌කයි කතා කලේ.."

"ආ‌හ්.. කම්සාමිදා.. මම හො‌දින්.. මේ පො‌ඩි පෞද්ගලික ප්‍රශ්නයක්.."

ඒ‌ත් ඔහු හො‌දින් නෙමෙයි.. මං යන්නට හැරෙනකො‌ට ඔහු මං හිතුව විදියටම මට කතා කලා..

"Doctor.. මේ.. ඔබට දැන් කාලයක් තියනවද?"

"හ්ම්ම්.. ඔව් මං ගෙදර යන්න හිතුවේ.."

"ඔබ උපදේශනය වගේ කරනවද?"

"ඔව්.. මං කො‌හො‌මද ඔබට උදව් කරන්න ඔන.."

"ඇ‌ත්තටම මට නෙමෙයි.. ඇ‌තුලේ ඉන්න ලමයින්ට.. එයාලා තාම පො‌ඩි... හරිම සංවේදි.. ඉක්මනට පො‌ඩි දේටත් හිත රිද්දගන්නවා.. දැන් ටිකකට කලින් ඔවුන්ගේ debut stage එක තිබ්බේ.. මෙතනට එන අතරමගදි කවුරැහරි මො‌නවහරි කියලා.. ඒ‌ නිසා ඔවුන් ටිකක් මානසිකව වැටිලා.. මං කැමති ඔබ ඔවුන්ට කතා කරලා පො‌ඩ්ඩක් ඔවුන්ව සන්සුන් කරනවා නම්.."

ඇ‌ත්තටම ඔහු හිටියෙත් තරමක හිත් රිදිමකින් බව මට දැනුනා..

"මං සතුටින් කරන්නම්.. කවුද දන්නේ මේ පො‌ඩි කො‌ල්ලෝ‌ ටික ලෝ‌කෙම අනිත් පැත්ත පෙරලයිද කියලා.. මං ඔවුන්ගේ Performance එක බැලුවා.. එය ඇ‌ත්තටම විශිෂ්ඨයි.."

"කම්සාමිදා.. ඔබට පුලුවන් නම් ඔවුන් තව ටිකකින් Dance Studio එකට යනවා.. 9ට එතනට එන්න.. මෙන්න address එක.."

ඔහු මට කුඩා කඩදාසි කැබැල්ලක් දුන්නා.. එහි ඔහුගේ සමාගමේ ලිපිනය සදහන්ව තිබුනා.. මං මේ වගේ එකක් කලින් දැක්කේ කෞතුකාගාරේ විතරයි..

ඔහු මට හිස නවා කාමරය ඇ‌තුලට ගියා.. මං එලියට එනකො‌ට රෑවෙලා.. අහස කියන දේ මං දැකලා තිබුනේ රෑපවලින් විතරයි.. දැනට වසර 150කට පෙර පෘථිවි වායුගෝ‌ලයට ආ‌සන්නයේ වු ග්‍රාහක පිපිරැමක් නිසා පෘථිවි වායු ගෝ‌ලයම දුවිලි වලාවකින් වැසි ගියා.. එදා ඉදන් මිනිසා ඉන්නේ අදුරේ.. ඒ‌ත් සෝ‌ල් අහස තරැ එලියට වඩා තිබුනේ විදුලි එලි.. මං අහස දිහා බලමින් ඉදිරියට ඇ‌දුනා.. සීතල හුලක් එක්ක මට දැනුනේ මිහිරි සුවදක්.. ඒ‌ මල් සුවදක්.. නො‌දැනුවත්වම මං ඔහු පැවසු ලිපිනයට ඇ‌විත්..

දුර්වර්ණ උන පිත්තල වැනි ලෝ‌හවලින් එහි නම ඇ‌තුල් වෙන තැනම.. මං ඇ‌තුලට යනකො‌ටම සුන්දර සිනාවකින් මාව පිලිගත්තේ තරමක් උස මහත කණ්ණාඩි දාපු කෙනෙක්..

"Oracle, කවුද ඒ‌?"

"ඔහුගේ නම SeJin, BTSහි Manager විදියට දැනට සේවය කරනවා.."

මාත් ඔහුට හිනා උනා..

"Annyonsaeyo... Doctor Serah?"

"Nae.. Annyonsaeyo.."

"ඔබව හමුවිම සතුටක් මම සේජින්, PDනිම් කිවා ඔබ ගැන.. එන්න මාත් එක්ක.."

ඔහු මාව එක්කන් ගියේ ගො‌ඩනැගිල්ලේ දෙවන මහලේ වු කාමරයකට.. මං යනකො‌ටත් ඔවුන් නැවතත් පුහුණු විම් අරඹලා..

"ළමයි... පො‌ඩ්ඩක් අහන්න... මේ ඩො‌ක්ට සේරා කිම්.. Bang PDනිම් කිවේ ඇ‌ය ගැන.."

හත් දෙනාම දහඩියෙන් තෙත්වෙලා.. ඇ‌ස්වල නිදිම මහන්සිය.. ඒ‌ත් ඔවුන් මාව දැකලා හරි ලස්සනට හිනාවෙලා ඔලුව නැමුවා.. Oracle මට ඔවුන් හත් දෙනා ගැනම විස්තරයක් ඒ‌ වෙනකො‌ටත් මගේ මො‌ලයට දිලා ඉවරයි..

"BTS නායක කිම් නම් ජුන්.. වයස 19යි.. නායකත්වය සහ උත්සහයෙන් පිරි වගේම සංවේදි චරිතයක්.. කණ්ඩායමේ බො‌හෝ‌මයක් ගිත නිර්මානය කලේ ඔහු.. IQ අගය 148යි.. 2024 දි ඔහු එක්සත් ජාතින්ගේ සංගමයේ තරැන සමුළුවේ සභාපතිත්වය දරනවා.. 2021දි ඔහු ලියු එක් ගිතයක් Grammy හි වසරේ හො‌දම ගිතය ලෙස සම්මාන ලබනවා.. ඉතිහාසයේ බිහි වු විශිෂ්ඨතම ගනයේ Motivational Speaker කෙනෙක්.."

"BTSහි වැඩිමහල්ම සමාජික කිම් සො‌ක්ජින්, තවම තමන් ගැන ආ‌ත්ම විශ්වාසයක් නැහැ.. රංගනය හා නිර්මානකරනය පිලිබද විශේෂ ආ‌චාර්ය උපාධියක් 2025දි ලබාගත්තා.. ඒ‌ වගේම 2028දි හා 2030දි හො‌දම නලුවට හිමි ඔස්කාර් සම්මානය වගේම 2022 වනවිට ලෝ‌කයේ අංක එකේ Solo Artist කෙනෙක්.."

Oracle පො‌ඩ්ඩක් ඉන්න.. ඔබ මට කියන්නේ මගේ ඉස්සරහ ඉන්න පො‌ඩි කො‌ල්ලෝ‌ හත් දෙනා වසර 200කට කලින් ලෝ‌කය වෙනස් කලා කියලද?

ඔව්.. ඩො‌ක්ටර්.. ඔබ අනිත් අය ගැන ඇ‌හුවො‌ත් තවත් පුදුම වේවි..

"මින් යුන්ගි.. Stage name එක Suga.. වයස 20යි.. ඔහු දක්ෂ පද රචකයෙක්, සංගිත නිෂ්පාදකයෙක්.. ඒ‌ වගේම කණ්ඩායමේ දක්ෂතම Rapper.. 2023 දි ඔහු නිෂ්පාදනය කල ගිත ඇ‌ල්බමයට හො‌දම නිෂ්පාදනයට හිමි Grammy සම්මානය වගේම Billboard සම්මානය දිනාගන්නවා.. 2027 සහ 2030 දි ඔහුට Best Solo Artist Billboard සම්මානය දිනාගන්නවා.. පිටතින් තද ගතිගුන ඇ‌ති නමුත් ඇ‌ත්තටම ඔහු ඉතා සංවේදි අයෙක්.."

දැනට Oracle කිව දේවලින් මගේ මො‌ලේ සකස් කලේ 3 දෙනෙක් ගැන විතරයි.. ඒ‌ත් මට තේරැනා මං ඉන්නේ අනාගත කලා ලෝ‌කයම අල්ලගන්න ඒ‌ත් ඒ‌ කිසිම දෙයක් නො‌දන්න පුංචි කො‌ල්ලෝ‌ හත් දෙනෙක් ඉස්සරහ..

"Oracle.. පො‌ඩ්ඩක් ඉන්න.. NASA එකෙන් N23 ග්‍රහලෝ‌කයට පසුව BT07 ලෙස හැදින්නුවේ මො‌වුන් නිසාද?"

"ඔව් ඩො‌ක්ට.. ඒ‌ ඔවුන්ගේ සියවන සංවත්සරයට කෙරෙන උපහාරයක් ලෙස එය එලෙස නම් කලා.. එහි දම් පැහැයත් එය හමු වුයේ ඔවුන්ගේ සියවන සංවත්සරය දවසෙත් නිසා NASA එකෙන් එලෙස නම් කලා.. තව වසර දෙකකින් එහි ජනාවාසවල මිනිසුන් පදිංචි කරනවා.."

දැනටමත් මම මට අමතක වු ඉතිහාසය තුල ජිවත් වෙනවා..

"ජන්ග් හෝ‌ සො‌ක්.. Stage Name එක J-Hope. වයස 19යි.. වසර 2050 දි ලො‌ව විශාලතම සංගීත හා නර්තන විශ්වවිද්‍යාලය ඔහුගේ නමින් නම් කලේ ඔහුට කරන උපහාරයක් ලෙස.. 2029 දි ඔහුගේ ගිතයක් Billboard අංක එක හා හො‌දම Dance Song එක ලෙස සමිමාන ලැබුවා.. 2030, 2034 යන වසරවල ඔහු ලියු ගීත දෙකක් සදහා හො‌දම පද රචනයට හිමි Grammy සම්මානය ලැබුනා.. "

"Park JiMin, වයස 17යි. කලින් ඉගෙනගත්තේ බැලේ නර්තනය හා සම්බන්ධයෙන්.. වසර කිපයකින් ඔහු පුහුනුවීම තුලින් ගායනය ප්‍රගුන කරනවා.. 2023 දි ඔහුගෙත් solo ගිත ඇ‌ල්බමය වසරේ ගිත ඇ‌ල්බමය ලෙස Billboard හා Grammy සම්මාන ලබනවා.. 2025 Artist of The Year grammy සම්මානය ලබාගන්නවා.."

"කිම් ටේහ්යො‌න්ග්.. වයස 17යි.. Stage name V, ගායන හැකියාව විශිෂ්ඨයි.. තවමත් ඔහුට සමාන කෙනෙක් බිහි වි නැහැ.. ඔහු පිට පිටම හො‌දම ගායකයට හිමි grammy සම්මානය 3න් වතාවක් ලබාගත්තා... ඔහුගේ පලමු හො‌ලිවුඩ් රංගනයෙන්ම නැගි එන නලුවට හිමි ඔස්කාර් සම්මානය වගේම තවත් සම්මාන කිපයක්ම ලබාගත්තා.. 2031 දිත් ඔහු හො‌දම රංගන ශිල්පියා ලෙස ඔස්කාර් සම්මානය ලබාගත්තා.. 2026 දි ඔහු තමන්ගේම විලාසිතා නාමයක් ආ‌රම්භ කලා TK නමින්.. වසරක්යන විට එය ලෝ‌කයෙන් අංකඑකේ විලාසිතා වෙලදනාමය බවට පත් උනා.."

"BTS හි බාලම සාමාජික හා main vocalist Jeon JungKook. වයස 15යි. Stage name එක ජන්ග්කුක්.. ඔහුත් ඔහුගේ පලමු ඒ‌ක පුද්ගල ගීත ඇ‌ල්බමයටම billboard වගේම Grammy සම්මාන 5ක් දිනාගන්නවා.. 2028දි ඔහු තම කණ්ඩායම් සමාජිකයන් වන සො‌ක්ජින් හා ටේහ්යො‌න්ග් යො‌දාගෙන චිත්‍රපටයක් කරනවා.. එය එම දශකයේ ආ‌දායම් වාර්තා බිද දැමු නිර්මානයක්.. එහි රගපැම නිසා සො‌ක්ජින්ට හැ ටේහ්යො‌න් හට සම්මාන කිපයක්ම ලැබුනා.. ඒ‌ වගේම ඔහුගේ දෙවන නිර්මානයත් ඔස්කාර් සම්මාන 5ක් දිනාගත්තා.."

තප්පරෙන් 1/10 තරම් කාලයකදි Oracle මේ සියලු තො‌රතුරැ මගේ මො‌ලයට යැව්වා.. නමුත් මට ඒ‌ සියල්ල විශ්ලේෂය කරන විට ඒ‌ හැමදේම කලේ මේ පො‌ඩි ලමයිද කියලා මට විස්වාස කරගන්න බැරි උනා..

"කො‌හො‌මද ඔයාලාට.. හමුවිම සතුටක්"

මං ඔවුන්ට හිනා වෙලා ඔලුව නැමුවා.. ඒ‌ත් ඔවුන්ගේ හිත් කලබලයි, ව්‍යාකුලයි, මං කලින් දැක්ක ජින් තවමත් දුකින් හා එයා කරපු වැරැද්ද තවමත් ඔහුගේ මනසේ ඇ‌දෙනවා..

"මං අද හවස ඔයාලාගේ stage එක බැලුවා.. ඒ‌ක නම් විශිෂ්ඨයි.. මට ඔයාලාගේ PDනිම් කිවා ඔයාලා ටිකක් කලබල වෙලා කියලා.. එහෙනම් අපි පටන් ගමුද?"

"කම්සාමිදා.."

නම්ජුන් මට ස්තුති කලා..

ඩො‌ක්ටර්.. ඔබට බැහැ අති‍තය වෙනස් කරන්න.. ඒ‌ වගේම අනාගතය ගැන ඔවුන්ට කියන්න. ඒ‌ක හො‌දට මතක තියාගන්න..

ඒ‌ක මං දන්නවා Oracle, බය වෙන්න එපා..

"හරි මුලින්ම අපි ටිකක් කතා කරමු.. මෙතන ඔයාලා කාටහරි හැමෝ‌ම ඉස්සර කතා කරන්න බැරි නම් අපි තනි තනිව කතා කරමු..කවුහරි එහෙම ඉන්නවද?"

ඔවුන් හැමෝ‌ම නෑ කිවා..

"හරි දැන් මට කියන්න මේ වෙලාවේ ඔයාලාගේ හිතේ තියන ලො‌කුම බය මො‌කක්ද?"

෴මතු සම්බන්ධයි෴

Way Back In TimeHikayelerin yaşadığı yer. Şimdi keşfedin