Chapter 5
අපි ගෙදරට ආවෙ ජින් හයොන්ග් එක්ක.එනකම්ම ස්කූල අන්තිම දවස ගැන ජින් හයොන්ග් එක එක දේවල් අහද්දි ජන්ග්කුක් අපි තුන් දෙනාගෙන් වෙන් වෙලා පාරෙ තිබ්බ ගල් කැට වලටත් පයින් ගහ ගහ ගෙදරට දිව්වා..ජින් හයොන්ග් ට වෙනසක් පෙන්නන්න බැරි නිසා ජිමින් ජින් හයොන්ග් ගෙ ප්‍රශ්න වලට උත්තට දෙද්දි ඉස්සරහින් ගිය ජන්ග්කුක් දිහාත් අහස දිහාත් මාරුවෙන් මාරුවට බලබල මං තාමත් කල්පනා කරේ ජන්ග්කුක් ගෙ වචන..
"මෙයා හොද කෙනෙක් නෙවේ"
අවුරුදු දෙකක් තිස්සෙ මං ගැන හිතන් උන්නෙ එහෙමද කුකියා...වේදනාව අලුත් වෙද්දි කදුලු නවත්ත ගත්තෙ ජින් හයොන්ග් ඉස්සරහ අඩන්න බැරි නිසා.
"හයොන්ග් මං අද ට්‍රේනින් එන්නෙ නෑ"
ගෙදර ආපු ගමන් අනික් පැත්තට ඇකඩමි එකට යන්න ලෑස්ති වෙද්දි කොට කලිසමක් විතරක් ඇදගෙන රමෙන් කප් එකත් අතින් අරන් ජන්ග්කුක් පුටුවකින් වාඩි උනා..
"ඇයි මොකෝ අසනීපයක් ද"
ජින් හයොන්ග් ශර්ට් එකේ බොත්තම් ටිකත් භාගෙට දාගෙන ජන්ග්කුක් ගාවට ගිහින් නලලටයි බෙල්ලටයි අත් තිබ්බෙ කලබලෙන්..
"අනී හයොන්ග්..ඇග ට හරි නෑ..අද විතරක් ජුනී හයොන්ග් ව ශේප් කරන්නකෝ"
බොරු හිනාවක් මවා ගත්තු ජන්ග්කුක් ආරූඩ කර ගත්තු හුරතලේකින් කිව්වා.ජිමින් බලන් උන්නෙ මගෙ මූන දිහා.
"කුකී තනියම ඉන්නෙ කොහිමද ඉතින්"
ජින් හයොන්ග් අහද්දිම,
"ටේහ්‍යොන්ග් ඉන්න කුකී එක්ක තනියට".
ජින් හයොන්ග් ට උත්තට දෙන්නත් ඉඩ නොතියා ජිමින් ජින් හයොන්ග් වත් ඇදගෙන බෑග් එකත් අතින් අරන් ඉක්මනට එලියට දිව්වා..
"ජන්ග්කුක් එක්ක කතා කරන්න ඕන..එයාගෙ හිතේ තියෙන වැරදි වැටහීම නැති කරන්න ඕන.."
"කුකී…."
මං ජන්ග්කුක් ට එහා පත්තෙන් තිබ්බ පුටු වෙ ඉද ගන්න හදද්දිම රමෙන් කප් එකත් ස්ටූල් එක උඩට අත ඇරපු ජන්ග්කුක් රවාගෙනම කාමරේට ගියා
YOU ARE READING
INNER LOVER (Completed)
Fanfictionආදරේ විවිධාකාරයි.ඒ විවිධාකාර ආදරේ සම සිතින් දකින්න පුලුවන් ලස්සන හිත් තියෙන මිනිස්සුන්ට. ටේකුක් ආදරේ කවුරු කොහොම අර්ථකථනය කරත් ඒක ගැබුරු ආදර කතාවක්...වෙනස් විදියෙ.. ආදරය රාගය කියන දේ පටල ගත්තු අයට ඒක නිකම්ම නිකන් අසම්මතයක්..පුලුවන්නම් රාමුවෙන් පිටට...