INNER LOVER

1.6K 336 36
                                    

                        Chapter 14

"මගෙ කොන්ද රිදෙනවා.."

උදේ පාන්දර නැගිටපු ගමන් සුගා හයොන්ග් නහයෙන් අඩන්න පටන් ගත්තා..ජින් හයොන්ග් සුගා හයොන්ග් ගෙ පිටට බාම් ගෑවත් එක්ක.

"හයොන්ග් අද අපිට මොනා වෙයිද.."

ජන්ග්කුක් මගෙ ලගට ගුලි වෙලා ඇහුවා.ඊයෙ  ඒ මිනිස්සු අපිව හොදටම බය කලා.නම්ජුන් හයොන්ග් රෑ කිව්වෙ එයාල ඒ අපිව පිලිගන්න කරපු වැඩක් කියලා..ඒ මොනා කිව්වත් ජන්ග්කුක් රෑ ඉකි ගහ ගහ ඇඩුවෙ මාවත් බදා ගෙන..අන්තිමට මගෙ තුරුලෙ නිදා ගත්තේ ජිමින් වත් ලගට ඇදල අරගෙනමයි.

"අපි ඉක්මනට ලෑස්ති වෙන්න ඕන.."

ජින් හයොන්ග් අපිව හදිස්සි කලා.අද තමයි දැනගන්න වෙන්නෙ හරියටම මේක මොකද්ද කියලා.

"හේ බෝයිස්….ගුඩ් මෝනින්.."

අපි ඇවිත් සෝෆා එකෙන් ඉද ගත්තෙ නුපුරුදු මූනක් හිනා වෙලා අපිව පිලි ගනිද්දි..

"අයිම් වැරන් ඩී..ග්ලෑඩ් ටු මීට් යූ ඕල් බෝයිස්.."

මේක අපිට සති තුනක පුහුනුවක්..හිපොප් පොප් ගැන උගන්නනලු යන්නෙ.අපිව දවස් හතක් රෙකෝඩ් කරන වා කියලත් ඒක වෙනම ශෝ එකක් විදියට යන්නෙ කියලත් කියද්දි තමා ජන්ග්කුක් මූනට හිනාවක් ආවෙ.නැත්තන් මේ කොල්ලා ඉන්නෙ සති දෙකම ඉන්නෙ මූන මල ගේ කරගෙන..

අපේ පලවෙනි දවස අපිව ටීම්ස් තුනකට බෙදුවා..අපිට ලොස් ඇන්ජලීස් ෆෑන්ස් ලගෙ කැමැත්තට අනුව ඒ හැම කෙනෙක්ටම ගැලපෙන විදියෙ පෆෝමන්ස් එකක් හදන්න චැලේන්ජ් එක හම්බුනා..ජේක් සර් එක්ක අවුරුදු දෙකහමාරක් ට්‍රේන් උනු අපිට ඒක මහ ලොකු වැඩක් නොවුනත් අපි ඒකට ගොඩක් මහන්සි උනා..මං හිතුවට වඩා ඒ මිනිස්සු අපිට ගොඩක් ලන් උනා..ටෝනි තමා අපිත් එක්ක ගොඩක් කාලය ගත කරේ.

ඊලග දවසෙ අපිට අලුත් මූනක් දකින්න ලැබුනා..Jenny Kita මෙහෙ ඉන්න ටොප් ඩාන්සර් කෙනෙක්..එයා යටතේ අපිට හිපොප් ඩාන්ස් ගැන ලොකු පාඩමක් ලැබුනා..දවස පුරාම..ඒ පාඩමෙන් පස්සෙ අනික් දවසෙ jenny kita යටතේ අපි ඩාන්ස් බැට්ල් එකක් කරා..මට අනිත් හැම දේටම වඩා හිතට සැනසීම ගෙනාවෙ කුකී ගෙ හිනාව..එයා ගොඩක් සතුටින්..ඒ සතුට මටත් ලොකු සතුටක් උනා..

INNER LOVER (Completed)Where stories live. Discover now