ගෙදර දොර ඇරපු නූනා යතුර ටේට දුන්නා..
" මේක අමතර යතුරක්..ඔයා මේක හදිස්සියකට තියාගන්න.ඔන්න නැති කරගන්න එපා..යමු.කෝ මේ ජින්?? ජින්...අපි ආවා....."
නූනා කෑ ගහගෙන ගේ ඇතුලට ගියා.ටේත් බඩු ටික සෝෆා එක ලගින් තියලා නූනා පිටිපස්සෙන් අත් දෙකත් පිටිපස්සෙන් බැදගෙන බලාගෙන හිටියා.එයා හරිම හුරතල්..😍❤️
උඩු මහලෙ ඉදන් හෙමින් පඩිපෙල බහින සද්දයක් ඇහුනා..ටේ නොයිවසිල්ලෙන් හිටියෙ අලුත් යාලුවා අදුරගන්න.අත් දෙකත් කලිසම් සාක්කුවෙ දාගෙන සාලෙට ආවෙ කඩවසම් පිරිමි ලමයෙක්..😍"වා..එයා නම් ඇත්තටම ලස්සනයි "
ටේ තනියම හිතුවා.මූනෙ කිසිම හිනාවක් නැතුව බිම බලාගෙන ආව නූනාගෙ මල්ලි ජින් නූනා ඉස්සරහින් හිටගත්තා.නූනා ඇවිත් ජින්ව බදාගත්තා
"කොහොමද පැටියො..ඔයා හොදින්ද?"
ඒත් අක්කව බදාගන්න ජින්ගෙ අත් නම් සාක්කුවෙන් එලියට ආවෙ නෑ..ඒ වගේම " මම හොදින් නූනා ඔයාට කොහොමද "
වගේ උත්තරයක් එයාගෙ කටින් කියවුනෙත් නෑ..ටේ ගල් වෙලා වගේ බලන් හිටියා..නූනා ජින්ගෙ අතකින් අල්ලන් ටේ ගාවට එක්කන් ගියා.
"ජින් මේ ටේ...එයා ඔයාට වැඩිය බාල පන්තියක ඉගෙන ගන්නෙ..අද ඉදන් එයා ඉන්නෙ මෙහෙ..ඔයා ඒක දන්නවනෙ.."
හුරතල් හිනාවෙන් ඉස්සරහට ආව ටේ ජින්ට හිස නවලා ආචාර කරලා අතකුත් දිගු කරා..
" Annyeohghaseyo හ්යොන්ග් 😁"
ටේ දිහා යාන්තමින් වගේ බලපු ජින් නූනා දිහාට හැරිලා කතා කරා.
" ඔයා අද මෙහෙ නවතිනවද? "
" අහ්..මියානෙ ජින්..අද මට යන්න වෙනවා..හෙට මට....."
ඊට වඩා දෙයක් අහන්න නැවතුනෙ නැති ජින් ආපහු හැරිලා උඩ තට්ටුවට ගියා..
තාමත් අතත් ඉස්සරහට දික් කරන් ටේ බලන් හිටියෙ පුදුමෙන් මොකක්ද ඒ උනේ කියලා...🙄.
" මෙයා හරිම ආඩම්බරකාරයෙක්නෙ"
ටේට හිතුනා..එයා හිතුව එක ඇහුනා වගේ නූනා වේදනාව මුසු හිනාවකින් ටේ දිහාට හැරුනා..
" මම කිව්වනෙ..ඔන්න එයාගෙ හැටි.ඒත් මට දැන් ඒක පුරුදුයි.නොකිව්වට එයා මට ආදරේ ඇති.මම ඒක දන්නවා."
" අනිවාරෙන් නූනා..ඒ ඔයාගෙ මල්ලිනෙ"
" ඒකනෙ..🙂යමු මම ඔයාට ගේ පෙන්නන්නම්"
ටේගෙ අතින් අල්ලගෙන නූනා ටේට ගේම පෙන්නුවා..ටේව එක්කගෙන බැල්කනියටත් ගියපු නූනා අත් වැටට බරවෙලා ටේට කතා කරා..
" එයා ඉස්සර හරි හුරතල් ලමයෙක්.එයා පොඩි කාලෙමයි අපේ අම්මා නැතිඋනේ.එදා ඉදන් එයාට හැමදේම උනේ තාත්තා.ඒත් එයාත් බිස්නස් වලට කියලා රටින් ගිහින් තාම අපිව බලන්නවත් ආවෙ නෑ😥..ඒකෙන් ජින් ගොඩක් වෙනස් උනා..පොඩි කාලෙ එයාගෙ හොදම යාලුවත් එයාව දාලා බුසාන් ගියා.💔හැමෝම එයාව දාලා යන්න යන්න එයා නිහඩ කෙනෙක් උනා.මම නීති විද්‍යාලයට තේරිලා මට යන්න උනාම මම එයාට මාත් එක්ක යන්න කතා කරා.ඒත් එයා ඒකට කැමති උනේ නෑ.ඒ දවස්වල එයා ටිකක් හරි මා එක්ක කතා කරා..ඒත්...හ්ම්ම්..😒දැන් එයා ගොඩක් වෙනස්.."
ටේ නිහඩව නූනා දිහා බලන් හිටියා..
" ටේ.. ජින් ඔයාට නපුරු උනා කියලා හිතන්න එපා..ඒ එයාගෙ හැටි..දැක්කනෙ එයා මා එක්ක කතා කරපු හැටි.."
" නෑ නූනා.මම එහෙම හිතන්නෑ..මම කැමති එයාගෙ යාලුවෙක් වෙන්න.."
" ඔව් පැටියො ඔයාට පුලුවන්..ඔයාට කවුරුත් ආදරෙයිනෙ."😘
නූනා ටේ දිහා ආදරෙන් බලන් හිටියා..
" අහන්නකො.දැන් මම යන්න ඕනෙ..හොදට වැඩ කරගන්න..මම උඩට ගිහින් ජින්ට කතා කරලා එන්නම්.නිවාඩු ලැබුනු ගමන් මම එනවා හොදේ.."
" අරස්සො නූනා." ☺️
උඩට ගියපු නූනා එනකල් ටේ පහලට වෙලා හිටියා..නූනා පිටත් වෙන්න ටේට සමුදුන්නෙ නළලට කිස් 1කුත් දීලා..නූනා පිටත් වෙනවා බලන්නවත් ජින් පහලට ආවෙ නෑ..😐
ටේ ගේ ඇතුලට ආවෙ පොඩි ලැජ්ජාවකින්..ඉස්සෙල්ලාම මොකද කරන්නෙ කියලා එයා සාලෙ මැද්දෙ හිටගෙන කල්පනා කරා..🤔ඊට පස්සෙ සූට් කේස් 1ත් අරගෙන උඩ තට්ටුවෙ තිබුන එයාගෙ කාමරේට ගියා.
ඒක හරි ලස්සන කාමරයක්.ටිකක් ඇද උඩ වාඩි උන ටේ වටපිට බැලුවා එයාගෙ හිතට දැනුනෙ ලොකු සතුටක්...ටික වෙලාවක් එහෙම්මම ඉදපු ටේ නැගිටලා මුලින්ම තමන්ගෙ බඩු අස් කරගත්තා..ඊට පස්සෙ නාන කාමරේට ගිහින් හොදට නාගෙන එලියට ආවා..ඔලුව පිහිදදා ඉන්න කොට තමා ටේට ඇහුනෙ ජින් එයාගෙ කාමරෙන් එලියට එන සද්දෙ..දඩිබිඩියේ ඇදුමක් දා ගත්තු ටේත් කාමරෙන් එලියට දුවන් ආවෙ ජින් එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන..
ජින් හිටියෙ කුස්සියෙ රාමෙන් එකක් හද හද..ටේ හිනාවීගෙන ජින් ගාවට ආවා.
" annyeohghaseyo හ්යොන්ග්..ඔයා මාව ඉස්සෙල්ලා අදුරගත්තෙ නෑනෙ..මම Taehyung ..Kim Taehyung ..ඔයාව අදුන ගන්න ලැබුනට සතුටුයි.." ☺️
ජින් ගානක්වත් නැතුව අනික් පැත්ත හැරිලා පිගානක් හෙව්වෙ ටේ කතා කරෙ තමන්ට නෙවේ වගේ..ඒ පාර ආයෙ ටේ ජින් ඉස්සරහට ගියා..
" අපි හොද යාලුවො වෙමු..ඔයා සීනියර් තමා..ඒත් අපිට පුලුවන් යාලුවො වෙන්න..නේද ??"
ජින් ආයෙත් ඉස්සරහ හැරුනා..😂
එයා සාස්පානෙ තිබුනු රාමෙන් පිගානට දාගෙන සාලෙට ගියා..ටේටත් පොඩි බඩගින්නක් දැනුනා..එයා ජින්ගෙ පස්සෙන් සාලෙට ආවා..
" රාමෙන් පැකට් 1ක් මාත් හදාගන්නද?කොහෙද ඒවා තියෙන්නෙ හ්යොන්ග්?"
ජින් ටික වෙලාවක් ඉදලා උත්තර දුන්නා..
" පොඩි කබඩ් එකේ.."
" අහ්..එයා මාත් එක්ක කතා කරානෙ.."
ටේ සතුටින් හිත හිත කුස්සියට දිව්වා.ඉක්මනින් රාමෙන් එකක් හදාගෙන සාලෙට ඇවිත් සෝපා එකේ ජින් ගාවම වාඩි උනා. ජින් එකපාරට ටේ දිහා බැලුවෙ පුදුමෙන් වගේ..ටේ හුරතල් විදියට හිනාවුනත් ජින් නම් නෙවේ ටේ එක්ක හිනාවුනෙ..එයා ඉක්මනින් අහක බලාගෙන ටේගෙන් එහාට උනා..😂 ඒත් ටේ කියව කියව ජින් ලගටම ආවා...
" හ්යොන්ග්..හ්යොන්ග් ...නූනා කිව්වා..ඔයා ග්‍රැෆික් ඩිසයිනින් ගැන දන්නවා කියලා..මාත් ඒවාට කැමතී..ඔයාට පුලුවන්ද මට ඒවා කියලා දෙන්න..එතකොට අපිට පුලුවන් අලුත් වැඩක් කරන්න..මගේ හිතේ තියෙනවා පොඩි idea 1ක් ..අපිට පුලුවන් ...."
ටේගෙ කියවිල්ල එක පාරම නැවතුනෙ ජින් සාක්කුවෙන් හෑන්ඩ් ෆ්‍රී 1ක් අරන් කන් දෙකේ ගහගන්නවා දැකලා..phone 1න් සිංදුවකුත් play කරපු ජින් ආපහු පාඩුවේ රාමෙන් එක කන්න පටන් ගත්තා..
ටේ යටි තොලත් හපාගෙන අමනාප බැල්මකින් ජින් දිහා බලන් හිටියා..
" හරිම ආඩම්බරකාරයෙක් තමයි..කොහොමද එයා එහෙම කරේ.."😒
ටේ රතු උන මූනෙන් ජින් දිහා බලන් හිටියා..සෝෆා එකෙන් නැගිටපු ජින් කුස්සියට ගිහින් පිගානත් හෝදලා ආපහු උඩ තට්ටුවට ගියේ හරියට ටේ කියලා කෙනෙක් ගෙදර නෑ වගේ..ඒ දිහා බලන් හිටපු ටේට ටික වෙලාවකින් හිනාත් ගියා..😅
"කමක් නෑ..අද පලවෙනි දවසෙනෙ.."
වැඩ සේරම ඉවර කරපු ටේ ඇදේ හාන්සි වෙලා උඩ බලාගෙන කල්පනා කරේ හෙට දවස කොයි වගේ වෙයිද කියලා..ඒත් වැඩිවෙලා නම් ඒ ගැන හිතන්න බැරිඋනේ ගමන් මහන්සිය නිසා විනාඩි 10ක් යන්නත් කලින් එයාට හොදටම නින්ද ගිය නිසා..😴❤️........................................................................
2 chapter 1ත් ලිව්වා☺️..කතාව බෝරින් වගේනම් කියන්න plzz..❤️🙏 මේකෙ ජින්ගෙ පාර්ට් අඩුයි කියලා හිතන්න එපා.ඉස්සරහට එයා හැමවෙලේම වගේ ඉදී...🖤
මටනම් මේකෙ ටේ ගැන කියනකොට මතක් වෙන්නෙ hwarang Drama එකේ ටේගෙ Han sung charact එක..😍😍 මට ඕනෙ කරෙත් ටේව han sung වගේ කියුට්,අහිංසක කෙනෙක් කරන්න..එයාගෙ පෙනුමත් කෝමත් කියුට්නෙ..🤗ඔයාලට හිතෙන්නෙ කොහොමද ??
ඔයාලා කැමතිනම් ඊලඟ chapter 1ත් ඉක්මනින් දාන්නම්..ඔයාලට කතාව හොදයි වගේ නම් ඔයාලගෙ යාලුවොන්ටත් කියන්න..😁🙏❤️
සරන්ග්හේයෝ ..😘😘😘😘😘😘
YOU ARE READING
Until we will meet again🖤(Completed)
FanfictionKim taehyung..හැමවෙලේම හිනාවෙලා ඉන්න ගොඩක් ලස්සන,නිතරම කියවන,හුරුබුහුටි දගකාර කොල්ලෙක් Kim Seok jin..කිසිම වෙලාවක කිසිම වචනයක් කතා නොකරන ආඩම්බර කොල්ලෙක්.. මේ දෙන්නම seoul highschool mateලා.ටේට නම් අලුතින් scl එකට ගිහින් යාලුවො ගොඩක් හදාගන්න ප...