උදෙන්ම නැගිට්ට ටේ පහළ තට්ටුවට ආවෙ වෙනදා වගේම ජින් හොයාගෙන..ඒත් ජින් සාලෙ පේන්න හිටියෙ නෑ..ඒ එක්කම ටේට කුස්සිය පැත්තෙන් සද්ද බද්ද ඇහෙන්න ගත්තේ කවදාවත් නොවුන විදියට ...ඒ නිසාම ටේ කලබලයෙන් කුස්සියට ඇවිදගෙන ආවා..
ටේ දැක්කෙ ජින් කුස්සියේ කෑම පිසිමින් හිටි හැටියී...ඒ දැකපු ටේට දැනුනේ ලොකු පුදුමයක් වගේම කියාගන්න බැරි තරමේ සතුටක්...
ටේ ජින් ගාවට දුවගෙන ආවා..." හ්‍යොන්ග් ...good morning ..ඔයා ඔය කෑම හදනවාද?? වාව්...ශෝක්නේ.."
" නැත්තන් මම මෙතන වෙන දෙයක් කරනවා වගේ පේනවද?? "
ජින් ටේ දිහා හැරිලාවත් බලන්නෙ නැතුව ඇහුවෙ ගානක්වත් නැතුව..
ටේ බොරු අමනාපෙකින් ජින් දිහා ඇස් කොනින් ඔරවලා බැලුවා...ඊටපස්සෙ උනන්දුවෙන් ජින් කෑම හදන හැටි බලාගෙන ඉන්න පටන් ගත්තා..." හ්‍යොන්ග් ...ඒවා මාර සුවදයි...ඒ වගේම ගොඩක් පෙනුමයි...ඔයාට හොදට කෑම හදන්න පුලුවන්නෙ..අර මම ලෙඩ වෙලා ඉන්නකොට ඔයා හදාගෙන ආව සුප් එකෙන්ම මම තේරුම් ගත්තා ඔයාට රසට උයන්න පුලුවන් කියලා....වාව්..මට ඉවසිල්ලක් නෑ අද කනකල්...හ්‍යොන්ග් ...අරකෙ මොනවද තියෙන්නෙ ? මාත් උදව් වෙන්නද?? "
" ඕනෙ නෑ......"
කෙටියෙන් උත්තර දුන්නු ජින් දිගටම තමන්ගෙ වැඩේම යෙදෙමින් හිටියෙ තවමත් ටේ දිහාවත් නොබලා..
ටේ ජින් දිහා අමනාප බැල්මකින් බැලුවා." ආ..අරස්සෝ අරස්සෝ ...කොහොමත් මට මෙතන ඉන්න ඕනෙත් නෑ...මම යනවා තමයි....."
ගස්සගෙන පිටිපස්ස හැරුනු ටේ වේගයෙන් සාලෙට ඇවිදගෙන ගියා..
තමන්ට පිටුපා ඇවිදන් යන ටේ දිහා බලාගෙන හිටපු ජින්ගෙ මූණෙ ඇදුනේ ලා හිනාවක්....කෑම මේසෙදි ටේට හිතුනේ තමන්ගෙ අයියාටත් වඩා රසට ජින්ට කෑම හදන්න පුලුවන් කියලයි...
" යා..හ්‍යොන්ග්..."
මස් කෑල්ලක් අරන් කටේ ඔබා ගනිමින් ටේ කතා කරා..
" ඔයාගෙ ඔය කම්මැලිකම නැත්තන් ඔයාට හැමදාමත් කොච්චර රස කෑම කන්න තිබුනාද?? අයිගෝ...මොනතරම් මෝඩයිද?? "
YOU ARE READING
Until we will meet again🖤(Completed)
FanfictionKim taehyung..හැමවෙලේම හිනාවෙලා ඉන්න ගොඩක් ලස්සන,නිතරම කියවන,හුරුබුහුටි දගකාර කොල්ලෙක් Kim Seok jin..කිසිම වෙලාවක කිසිම වචනයක් කතා නොකරන ආඩම්බර කොල්ලෙක්.. මේ දෙන්නම seoul highschool mateලා.ටේට නම් අලුතින් scl එකට ගිහින් යාලුවො ගොඩක් හදාගන්න ප...