Chapter 7

313 72 9
                                    

Jin POV

මං නැගිටිනකොට ජීසෝවත් කුකීවත් කාමරේ හිටියේ නෑ.. අනිත් කට්ටිය තාම නිදි සැපට.. මාස කීයකට පස්සේද එයාලා මේ සැපට නිදාගන්නේ.. මං සද්ද නොකරම ලෑස්ති වෙලා පහලට ආවා..

CCTV එකෙන් ඒ දෙන්නා එලියට ගියා පෙන්නපු නිසා මං වාහනේ අරන් town එක පැත්තට Drive කලා.. උදේ උනත් වැස්ස තදටම තිබුනා.. ටිකක් දුර යනකොට එක වංගුවකදි පාර අයිනේ කෙනෙක් වැටිලා ඉන්නවා දැක්ක නිසා වාහනේ නැවැත්තුවා.. කුඩෙත් අරන් බැහැලා ලගට යනකොට දැක්කේ ඒ ජන්ග්කුක්..

"ජන්ග්කුකා.. ජන්ග්කුකා.. ඉරෝනබා.. වේ.."

කොල්ලා හිටිය විදිය දැකලා මට මහ මූසල බයක් දැනුනා.. ඉක්මනට උස්සලා අරගෙන අමාරුවෙන් වාහනේ පිටි පස්සේ සීට් එක කඩලා නිදි කෙරෙව්වා...

ජීසෝ කොහෙද.. එයාටත් කරදරයක්ද.. මගේ හිත ප්‍රශ්න ගොඩක් ඇහුවත් මට පෙනුනෙම සිහිය නැතුව ඉන්න කුකිව.. මං ඉක්මනට ආපහු අපේ mansion එකට ආවා..

"ජින් හ්‍යොන්ග්.. මොකද මේ??"

උදේම නැගිටලා හිටිය යුන්ගි ඇහුවේ මගේ කරේ ඉන්න කුකි දැකලා.. එයාගේ උදව්වෙන් කුකිව ඇදෙන් තියලා තෙත ඇදුම් අයින් කරලා උණුසුම් ඇදුමක් ඇන්දුවා.. අපි දෙන්නාගේ සද්දෙට එහා කාමරේ හිටිය ටේහ්‍යොන්ග් නැගිටලා ආවා..

"ජන්ග්කුකා.. මොකද මේ සද්දේ?? නිදාගන්න දෙන්න.....කෝ........ ජින් හ්‍යොන්ග්?? එයාට මොකද ?"

"දන්නෑ.. මං යනකොට පාරේ වැටිලා හිටියා.. මං එනගමන් ඩොක්ට කෙනෙක්ට කතා කරා.. ඔහු දැන් එනවා ඇති.."

ටේ බයෙන් කුකී ලගට ඇවිත් ඇදේ ඉදගත්තා.. එයා කුකීගේ අතක් අල්ලගෙන කුකීට කතා කරා..

"ජන්ග්කුකා.."

එතකොට කුකී හෙමින් ඇස් ඇරියා.. මට එතකොටයි හුස්මක් ගන්න මතක් උනේ..

"හ්‍යොන්ග්.. නූනා.."

JungKook POV

මං ඇස් අරිනකොට හිටියේ පාර අයිනේ වැටිලා.. ඒත් මට ඇස් ඇරගෙන ඉන්න තරම් ශක්තියක් තිබුනේ නෑ.. නූනා කොහෙද කොහොමද කියලා හිතනකොටම මගේ ඇස් පියවෙලා ගියා.. ඇස් අරිනකොට ටේහ්‍යොන්ග් මං ලග.. එයාට පිටි පස්සෙන් තව කෙනෙක් හිටගෙන ඉන්නවා මං ලාවට දැක්කා..

You'll Never Walk Alone Where stories live. Discover now