උදේ පාන්දර අක්කගෙයි නංගිගෙයි කාමරේ සද්ද ගොඩයි. "අයියෝ... Wooshin!!!" නංගි curtain එක ඇරියම වැටුණු ඉර එලියට ඇහැරුනු Wooyeon කෙදිරි ගෑව.
"කෝ නැගිටින්න, ඔයා නේද මාව නැගිට්ටවන්න ඕනෙ ආ?" සාමාන්‍යයෙන් wooshin මෙච්චර bossy නෑ. අද කෙල්ලට මොකක් හරි වෙලාද මන්ද..
"තව විනාඩි පහක් දෙන්නකො" Wooyeon තාම ඇස් පියාගෙන කිව්වා.
"ඔයා ඕකම විනාඩි දහයකට කලින් කිව්ව..."
මේ දෙන්න ලොකු උනාට පොඩි කාලෙ ඉදලම දෙන්නට ඉන්න උනේ එක කාමරේ. තාත්තා නැති උනාට පස්සෙ අම්මා job එකක් හොයාගෙන බොහොම අමාරුවෙන් Busanවල පොඩි ගෙයක් ගත්තා. ගෙදර කාමර දෙකෙන් ලොකු කාමරේ Wooyeonගෙයි Wooshinගෙයි.
'කවුරුත් නැතුවට හොදයි' කියල දෙන්නම කිව්වත් අක්කට නංගි නැතුව බෑ, නංගිට අක්කා නැතුව බෑ. කොච්චර රණ්ඩු උනත් දෙන්නා දෙන්නට ගොඩක් ආදරෙයි.
කොහොමහරි ඇස් දෙකෙන් තාම නිදිමත බේරි බේරි Wooyeon ඇදෙන් නැගිටල කුස්සියට ගියා.
"Wooshin! ඔයා කිරි එක ඉවර කලාද?"
"අහ්.. මන් අලුත් එකක් ගෙනත් තියන්නම් ඉතින්, ඔච්චර කෑ ගහන්න ඕනේ නෑ" අක්කට තරහ ගියාම කොයි වගේද කියල දන්න නංගී හිමින් මිමිනුවා.
"දැන් මම මොනවද බොන්නේ ඉතින්?.."
"ඔයාට ඔයාගේ coffee එක නැතුව දවසක්වත් ඉන්න බැරිද අනේ?" Wooshin නහය scrunch කරලා ඇහුවා. "බෑ, ඔයා වගේ zombie කෙනෙක් නෙමෙයි මම" Wooyeon අනිත් පැත්තට කිව්වා.
"අම්මා, මන් එලියට යනවා!" Hoodie එකක් දාගත්ත කෙල්ල Wooshin ට රවලා පිටත් වුනා.
**************************************
Wooyeon මුලු සතියම බලන් ඉන්නෙ සෙනසුරාදා එනකන්. සතියෙ දිනවල ඉස්කෝලෙ ගිහිල්ලයි part time jobs කරලයි ඇතිවෙන මහන්සිය නිවාගන්නෙ town එකේ ඇවිදල.
එයා හිතාගෙන නම් හිටියෙ cofee shop එකට යන්න. ඒත් පාර එහා පැත්තේ තියෙන ice cream shop එක දැක්කම Wooyeonගේ කටට කෙල උනනවා. කෙල්ල පාරට අත දික් කරලා එහා පැත්තට පැනගත්තා.
DU LIEST GERADE
🍦ICE CREAM - J.JK Sinhala FF [Discontinued]
Fanfictionඅයිස් ක්‍රීම් එකක් නිසා මුන ගැසුණ අපි දෙන්නගේ කතාව Main male character - Jeon Jungkook Main female character - Park Wooyeon Romance, Thriller, Alternative Universe story