7

282 44 3
                                    


TW: Accidents & blood

Car එකේ windshield එකේ වීදුරුව බිදෙන සද්දේ, තාත්තගේ ඔලුවෙන් ලේ ගලන විදිය...තාමත් Wooyeonට මේ හීනෙන් බේරෙන්න බැරි උනා. අවුරුදු ගානක් තිස්සේ ඒ දුක හිත ඇතුලේ හිර කරගෙන හිටිය Wooyeon අකැමතිම වුනේ මේකට. ගැස්සිලා ඇහැරුන කෙල්ල හොදටම අඩන්න පටන් ගත්තා....

Jungkook ඇතුලට ගියා පරක්කු වැඩිදත් කියල එයාට හිතුණා. Wooyeon කෑගගහ හොදටම අඩනවා. Jk ඇද ගාවට දුවගෙන ගිය ගමන් කෙල්ල කොල්ලගේ shirt එක තදින් අල්ලගත්තා.

"අනේ එයාව බේරගන්න, අනේ කොහොමහරි බේරලා දෙන්නකෝ!!!" Wooyeon ඉකි බිද බිද Jungkookගෙන් ඉල්ලුවා. කෙල්ලව තමන්ගේ පපුවට තුරුළු කරගත්ත Jungkookගේ අත දිගේ Wooyeonගේ පුංචි කදුළු කැට ගලාගෙන ගියා.

පසුදා උදෑසන

තිබ්බ රස්නෙට Wooyeonට ඇහැරුනා. විනාඩි දෙකකට විතර පස්සේ හරියටම ඇස් ඇරලා බලද්දී දැක්ක දෙයින් කෙල්ල උඩ ගියා. තමන්ගේ එහාපැත්තෙ මැරිලා වගේ ඉන්න Jungkook කොලුවා ඇදෙන් තුන් කාලක්ම අරගෙන මදිවට කොට්ට ඔක්කොමත් බදාගෙන හොදට නිදි.

Wooyeon දන්නේමත් නැතුව කෙල්ලට කෑ ගැහුනා. ඒ පාරට Jungkook ගැස්සිලා ඇහැරුනා. "තමුසේ මොකද මෙතන කරන්නේ??!" Wooyeon බය වෙලා හිටපු කොල්ලගෙන් ඇහුවා. "....මම මේ..." තාම ඇස් දෙකවත් හරියට ඇරිලා නැතුව ඔලුව පිටිපස්සත් කස කස Jungkook තැටමුවා. එතකොට තමයි කෙල්ලට ඊයේ මතක ඔක්කොම ඔලුවට ගලාගෙන එන්න පටන් ගත්තේ.....

*Flashback*

Wooyeonගේ 11 වෙනි උපන්දිනේ එදා. අනිත් දෙමව්පියන්ට වගේ ලොකු ලොකු දේවල් අරන්දෙන්න සල්ලි නැති උනත් තාත්තයි දුවයි පොඩි restaurant ඉස්සරහ හිටගෙන හිටියේ. naengmyeonඋයි Ttobokkiයි කාල දෙන්නගෙම බඩවල් හොදට පිරිලා උගුරටත් එනවා වගේ.

රෑ 12ත් පහුවෙලා තිබ්බ නිසා Bus තිබ්බෙත් නෑ. ගෙදර යන්න විදියක් කල්පනා කර කර ඉදපු පුංචි Wooyeonගේ තාත්තට මුකුත් ඔලුවට ආවේ නෑ. අතේ සල්ලි තිබ්බෙත් නෑ. ඉතින් කරන්න ඉතුරු වෙලා තිබ්බේ පාරේ යන වාහනේකින් කොමහරි එක්කන් යන්න ඉල්ලන එක තමයි.

🍦ICE CREAM - J.JK Sinhala FF [Discontinued]Onde histórias criam vida. Descubra agora