මට වැදගත්ම අය​..

61 15 7
                                    


පොඩි කවි කතාවක්...

#shash <3

හදවතින් ළං වුනත් මිතුරියේ අප
නුඹ ගොඩක් ඈතින් හැඩයි
එකම හිරු සඳු තරු යට හිටියත්
එකම මහපොළොව මත නොවෙයි 


මතක් වන විට නුඹ කෙරූ වැඩ
ඉවසන්න බැරි වේදනාවයි
කල් ඉකුත් වූ මතක තාමත්
වලංගුයි නුඹ හින්දමයි 


වසර එකකුත් බාගයක් අප
ඉන්නෙ කොහොමද යැයි සැකයි
මගහරින හැටි අපේ පාළුව
පවසන්න නුඹ,අවසරයි


කොච්චරක් ඈතින් වුවත් මම​

හදවතින් අපි එක ළඟයි
දුක දේම හිතන්නේ ඇයිද ඔබ​
සතුටු දේවල් තව ගොඩයි


එකම මහපොළොවේ නොසිටියත්
ගව් ගණන් දුර ඈත සිටියත්
මගේ හදවත,ඔබේ හදවත
වැඩි දුරක් නෑ, ළඟ තමයි

මෝඩයෝ ගොන් කතා නොකියා
හිතල බලනව දෙඇස් ඇරලා
මං මෙවෙලෙ ලංකාවෙ හිටියත්
වෙන වෙනස ලොකු නෑනෙ කියලා

කොරෝනා හැම තැනම ඇත්තේ
කොහේවත් ඉස්කෝල නැත්තේ
දවස් දහහතරයිනෙ තිබ්බේ
මන් ඔහෙන් ආවාට පස්සේ

මං කරපු වැඩ මතක් කරනා
විටදි කඳුලැලි ගලයි නම්,
මැජික් එකකින් දුමක් එවලා,
නැති කරමි ඒ මතකයන්....

මෝඩ වෙන්නේ ඇයිද සොඳුරිය​,
නොවේ මා නම් කල් ඉකුත්..
නරක් නොවෙනා මතකයන්,
විතරමයි ඇතිකලෙ මම ඉඳන්..

එක් වසරකුයි භාගෙකුයි,
විතරයිනේ අප ඉවසිය යුතු,
වැඩිය දුර නෑ මිතුරියේ,
දැන් ඇස් වහන් අපි ඉවසමූ.

ඇහුවනේ ඔබ, "කෙසේදැයි
සතුටින් හිඳින්නේ දැන්?" කියා
මගේ ක්‍රම දුර ඉඳන් වූවත්
වැඩකරයි බිය වෙන්නෙපා

නවත්තන්නකො හිතන එක​,
මං ලංකාවෙ දැන් නෑ කියා..
මං ඉන්නෙ ලංකාවෙමයි, මේ
ඇඳිරි නිතියට කොටුවෙලා

ඇඳිරි නීතිය ඉක්මනින්,
නිමවුනොත් අයියෝ හරි වැඩේ..
හදිස්සියෙ අපෙ පාර කැඩිලා
එන්න වෙන්නෑ මට අනේ...

ඒ නිසා ඒ පාර හදලා
ඉවර වෙනකං අඟිලි ගැනලා,
අන්තිමේදී මාත් නුඹලා
වෙතට එන්නම් සැනෙන් දුවලා...

බලන්නකෝ ඔබ බලාඉඳලා..
දුක බිමට එයි උඩට නැගලා
ආවාම මම ඈත ඉඳලා...
මා බදා ගනු දෑත් බදලා..

LL ( : 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කතාවක්Where stories live. Discover now