රේචල් නිසා ගෙදර ගොඩක් දේවල් වෙනස් වෙන්න ගත්තා.ඒකෙන් දරාගන්න අමාරුම දේ වුණේ ලිලී මගෙන් ඈත් වෙන එක.
රේචල් දැන් world famous model කෙනෙක් වුණත් එයා එමීගේ පොඩි කාලේ ඉදන්ම යාලුවෙක්.රේචල් එමී ගැන ගොඩක් දේවල් දැනගෙන හිටියා වගේම එයා ළග ඒ දෙන්නගේ photos බර ගානක් තිබුණා.ඒ නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත රේචල් නිතරම ලිලීව එයා ළග තියාගත්තා.
හොබිත් දිගටම ගෙදර ආවේ නැත්තේ අලුත් ඇල්බම් එකේ වැඩ නිසා.ඒ වගේම ලිලීත් නිතරම රේචල් ළඟට වෙලා එයා කියන ඒවා අහ අහ හිටියා.
මට දැනුනේ මං තනිවෙලා කියලා.😔Ajummaවත් හිටියේ නැත්තම් ඒ ගෙදර මට වචනයක්වත් කතා කරන්න කෙනෙක් නැතිතරම්.
මේ දවස් දෙක තුනට ගෙදර වෙන දේවල් නිසා මට දිගටම හිතුනේ මං ඉන්නේ වැරදි තැනකද කියලා.ලිලීටත් මේ දවස්වල මගේ අතින් ගොඩක් කරදර වුණා.දවසක් ලිලී ඇඳට වෙලා මාත් එක්ක කොට්ටෙන් ගගහ සෙල්ලම් කළා.අපි දෙන්නා දිගටම හිනාවෙවී හිටියේ.එක පාරටම මං ගැහුව කොට්ටපාර නිසා එයා ඇදෙන් වැටෙන්න ගියා.ඒක මං හෙමීට ගැහුවත් එයා ඇඳ අයිනේ හිටපු නිසා එයාගේ balance එක නැති වුණා.ඒ වෙලාවේ කොහෙන්දෝ මන්දා ඉදලා පාත්වුණ රේචල් ලිලීව අල්ලගත්තා.ඊට පස්සේ මං දිහා අර කුරිරු බැල්ම දාලා"ළමයව පරිස්සම් කරන්න බැරිනම් එයා එක්ක ඉන්න එපා"කියාගෙන ලිලීව එයාගේ room එකට එක්කන් ගියා.
තව දවසක් kitchen එකේදී මගේ අතින් ලිස්සපු කෝප්පේ කෑලිවලට කැඩිලා ගියා.Ajummai මායි එකතුවෙලා ඒ ඔක්කොම අස් කළත් ඒ වෙලාවේ kitchen එකට එනගමන් හිටපු ලිලීගේ කකුලේ ඇගිල්ලක් වීදුරු කෑල්ලක් නිසා කැපුනා.ඒක එච්චර දරුණු නොවුනත් ලිලීයා එදා ඇඩුවා.ඒකෙනුත් වාසිය ගත්ත රේචල් ලිලීට මගෙන් කරදර වැඩි කිය කිය දිගටම මාව එයාගෙන් ඈත් කලා.
රේචල්ගේ වැඩ නිසාම ලිලියා මගේ ළග හිටියේ හරිම පොඩි වෙලාවයි.ඒ වෙලාවටත් කොහෙන්හරි රිංගලා ඇවිත් එයා ලිලීව අරන් යනවා.
අනේ මන්දා මෙයා cctv හයිකරලද කියලා.
මේවා ගැන හිතද්දි මට දිගටම හිතුනේ මං අතින් ලිලියට වෙන කරදර ගොඩක් වැඩී නේද කියලා.
![](https://img.wattpad.com/cover/233342209-288-k69586.jpg)
BINABASA MO ANG
JHope's Lily | JHS |✔
Fanfiction"තමුන්ට මට ලන් වෙන්නද ඕනේ?කියනවා..ඒකද ඕනෙ තමුන්ට?" "Jhopeශි මන්..." "ආ.. ඒකට අලුත් විදියක්ද මේක..මන් දැකලා තියෙනව ඕනෙ තරම් තමුන් වගේ අයව.. අහ්.. මාවත් නෙවෙයිනේ ඕනේ,මගෙ සල්ලිද?මගෙ ප්‍රසිද්ධියද? කියනවා.." "Mr.Jung Ho Seok.... මේක අහගන්න..මට කීයටවත් ඔය...