රතුරෝස | Red Roses | BL
අහිංසක රතුරෝස මලකට සහජයෙන් උරුම.. අහිමි පෙම් යහන්වල.. පෙති විසිරවා වැතිර.. පමණක් ද මිලානය? ආදරණීය දෙතොලක්.. මෘදු හාදුවක පහසක්.. සුවඳින් නිවාලන්න ගිලන් ගිනිබත් කුරිරු හදමඩලක්.. බැරිද විකසිත රෝස මලකට.. ගොතන්න ඒ ප්‍රේම අන්දරයට ස්වයං වූ දෛවයෝගයක් ? | _ රතුරෝස 🌹_ |