ඒක මං හරියට ම දන්නේ නෑ අක්කේ ... මේ සොබාදහමත් ගෑනුන්ට විරුද්ධ යි , ඒකනේ ගෑනුන්ගේ වැරදි වගේම පිරිමින්ගේ වැරදිත් ගෑනුන්ගෙන් පේන්නේ ... මාත් මැරෙන්න හිතපු වාර අනන්තයි අක්කේ ... ඒත් අන්තිමට මට ඕනේ උනා ජීවත්වෙන්න , පළිගන්නටත් වඩා ... මට පෙන්නන්න ඕනේ උනා මේ සමාජෙට ගෑනුන්ගේ හයිය අක්කේ ... මට හීනයක් තියනවා අක්කේ ... දවසක ආසයි කාන්තා හා ළමා හිමිකම් ගැන කතා කරන ලොකු නෝනා කෙනෙක් වෙන්න ... මං දන්නවා ඒක මට හීනයකටත් වඩා ඈතයි කියලා ... ඒත් ගෙදර අතු ගගා හිටපු සින්ඩරෙල්ලා කවදාවත් හිතන්නේ නැතුව ඇති එයාට රාජ කුමාරිකාවක් වෙන්න පුළුවන් වේවි කියලා ...