ශේමා ඇකඩමිය පිහිටලා තිබ්බේ ලස්සන කදු මුදුනක් උඩ. කදු මුදුනක් වුනාට ඇකඩමිය ගොඩක් දුරට විහිදිලා තිබ්බා. තේ හන් ඇස් දෙකත් ලොකූ කරගෙන ඇකඩමි එක දිහා බලාගෙන හිටියා. ටික වෙලාවක් ඉද්දි තමයි එයා දැක්කේ ජන්ග් ඒ විදිහටම බලාගෙන ඉන්නවා. තේ හන්, ජන්ග්ට වැලමිටෙන් ඇන්නේ බාගෙට ඇරිලා තිබ්බ ජන්ග්ගේ කට වහගන්න කියලා. අනේ මන්දා රණ ශූරයෝ වෙන්න ඉන්න අය නේද මේ🤭. ඇකඩමියේ පුරාවට ගොඩක් අය ඇවිදිමින් හිටියා. ඒ අය අලුතින් ආපු ශිෂ්‍යයන් කියලා බැලු බැල්මට කියන්න පුලුවන්කම තිබුනා. ගොඩක් අය තේ හන් දිහයි, ජන්ග් දිහයි බැලුවේ එතන හිටපු අනිත් අයට නැති කඩවසම් බවක් එයාලට තිබුන නිසා. ඒ වගේම ඩිමෙත්, ජෙස් කාන්තාවකට තියෙන්න ඕනි ලස්සන එක්ක එඩිතර බවත් එයාලට තිබුනා. හතර දෙනාම ටිකක් වටපිට බල බලා හිටියා.
හැමෝම මේ පැත්තට ඇවිත් පෝලිමක් හැදෙන්න.
මැදි වයසේ පුරුෂයෙක්ගේ හඩින් හතර දෙනාම ගැස්සිලා ගියා. එයාලා විතරක් නෙවෙයි ශේමා වල හිටපු හැමෝම. මැදි වයසේ වුනාට නියම රණ ශූරයෙක් කියලා බැලූ බැල්මට කියන්න පුලුවන් ගතියක් ඒ පුරුශයගේ තිබුනා. ඒ වගේම අතේ කඩුවකුත් තිබුනා. ඒ වගේ කඩුවක් කවදාවත් තේ හන් කුමාරයා කවදාවත් දැකලා තිබුනේ නෑ. අනිත් අයත් එහෙමයි.අද දින ශේමා ඇකඩමියට පැමිණි කුමාරවරුන්, අනාගත නිළධාරීන් සැවොම ආදරයෙන් පිලිගන්නවා. ඔබව රණ ශූරයෙක් කිරීම අපගෙ අරමුණයි. ඒ වගේම ඔබට අවුරුද්දක් වගේ කාලයක් ශේමා හී ගත කිරීමට සිදු වේවි. ඒ කාලය තුල ශේමා හී නීති වලට ඔබ යටත් විය යුතුයි. ඒ වගේම ඔබ රාජ කුමරෙකු වුවත් මෙහි ශේමා වලට එය අදාල නැත. සැවොම සමානයි. කුමාරවරු, ප්‍රභූවරුන් හෝ නිළධාරීන් මෙහි නෑ.ඔබගේ බලය මෙහි පාවිච්චි කල නොහැකි. නියම රණ ශූරයෙකු නම් තම දක්ෂතාවයෙන් සටන් කරනු ඇත.
බලය??? ඒ කිව්වේ??? මේ ඉන්න අයට බලයත් තියනවද??
තේ හන් එහෙම හිතලා ජන්ග් දිහා බැලුවා. ජන්ග් කතාවට ඇහුම්කන් දීගෙන ඉන්නවා දැකලා තේ හනුත් ආපහු ඇහුම්කන් දුන්නා
YOU ARE READING
Kingdom of cannery
Fanfictionකැනෙරි රාජධානිය අවුරුද්දේ සෑම කල්හිම සශ්‍රිකව පැවති රාජ්‍යක්. මෙම රාජ්‍ය පාලනය කලේ ක්ශත්රීය වංශිකයින්. ඊට අමතරව දේව, නාග, හිවල්, පක්ශී ගෝත්‍ර මේ රාජධානියේ වාසය කලා. ක්ශත්රීය ගෝත්‍රයේ කිම් වංශය මේ රාජධානියේ පාලනය භාරව හිටියා. මේ කැනෙරි රාජධානියේ සි...