Reclaim

229 51 12
                                    

"තේ හන් මට ආරංචි වුනා කිරුළ හිමි කුමරු පැමිණෙන බව. එය ඉතාම හොද ආරංචියක් නේ. ඔහු ඉපදුනාට පසු මා ඔහු දැක නෑ."

තේ ජුන් තේ හන්ගේ කරට අත දාගන්න ගමන් පැවසුවා. ඔවුන් සිටියේ මධුවිත පානය කරන ගමන්.තමන්ගේ ජීවිතයේ අහිමි වීම් සිදු වූ පසුව තේ ජුන් රජු මධුවිතට ඇබ්බැහී වූ බවක් දක්නට ලැබුනා. නමුත් එය නවත්වන්නට හැකි කිසිවෙක් කැනරි රාජධානිය තුල සිටියේ නෑ.

"ඔව් අයියණ්ඩි, ඔහුව කැනරි වලට කිහිප දවසකට ගෙන එන්නයි හිතුවේ."

තේ හන් රජු පිළිතුරු දුන්නා.

"ඇයි කිහිප දවසකට. ? ඔහුට මෙහි සිටිය හැකිනේ හැමදාටම.? "

"ඔහු විශේෂිත නිළඳාරීන් යටතේ දැනටමත් සටන් පුහුනුවනවා අයියණ්ඩි. ඔහුගේ බලාපොරොත්තුව හැකි ඉක්මනින් ශේමා වෙත යන්නයි."

තේ හන් සිනාසෙමින් පැවසුවා.

"ඔහ් හෝ. එහෙනම් මීළඟ රජු ශ්‍රේෂ්ඨ රණශූරයෙක් වේවි. මගේ දරුවාත් ජීවත්ව සිටියානම් ඔහුගේම වයස නේද? එසේනම් ඔහු හෝ ඇයත් ඩිමෙත් මෙන්ම ශ්‍රේෂ්ඨ රණශූරයෙක් හෝ රණශූරියක් වේවි."

තේ ජුන් ඇසෙහි කඳුලු පුරවා ගනිමින් පැවසුවා. ඒ කඳුලු හමුවේ තේ හන් රජු නිරුත්තර වුනා.

______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________________________

තේ හන් රජු හා මිරායි රැජිනිය ඊලඟට මුහුණ පෑ ගැටලුව වන්නේ ජන්ග්කුක් කුමාරයාව කැනරි වෙත ගෙන්වා ගැනීමට ඩිමෙත්ව කැමති කර ගැනීමයි. තමන්ගේ දරුවා කැනරි වෙත ගෙන යාමට ඇය කිසි සේත්ම කැමති වුනේ නෑ.

Kingdom of canneryWhere stories live. Discover now