Love ; Everywhere

314 63 26
                                    

කැනරි රණ ශූරයන් යුද්ධය ජයග්‍රහණය කළ නිසා ඔවුන් ආපසු රාජ්‍ය වෙත පැමිණියා. තේ ජුන් කුමාරයාගේ ඇරයුමක් පිට යුංගි සෙන්පති තමන්ගේ සේනාව ආපසු පිටත් කර කැනරි රාජධානිය බලා ආවේ සති කිහිපයක් තමන්ගේ පවුලේ අය සමඟ නැවතී සිටීමටයි. ඒ වන විට රාජ්‍යයේ තත්වය යතා තත්වයට පත්ව තිබුනා. කැනරි බලා ආව ඩිමෙත්ට නම් ජෙස්ගෙන් හොදටම බැනුම් අහන්න වුනා. මොකද ජෙස් ඩිමෙත්ගෙ හදිසි අසනීප තත්වයයි, හදිසියේම යුධ පිටියට යෑමයි ගැන හුඟක් කලබල වෙලයි හිටියේ.
___________________________________

සුවය ලබා සිටි තේ ජින් රජු ඒ වන විටත් රාජධානියට පැමින සිටියා. පිය රජුගේ ආගමනය සැලවූ සැනින් තේ ජින් රජු පිය රජුව බැහැදැකීමට ගියේ එතෙක් ඔහුගේ හිතේ තිබ්බ ගැටලු වලට පිලියමක් සොයා ගැනීමටයි. අග රැජින කිව් දේවල් තේ ජින් කුමාරයාගේ හිතේ නැවත නැවත රැව් පිලි දෙන්න වුනා.

"තේ ජින්, ඔබගේ සුවදුක් කොහොමද??"

තමන්ගේ වැඩිමහල් පුත්‍රයා දැක සතුටු වූ රජතුමා ජින් රජුගෙන් ඇසුවා.

"මා හොදින් පියාණෙනි."

තේ ජින් රජු එසේ කිව්වත් තමන්ගේ පුතා සතුටින් නොවේ කියලා රජුට හොදින්ම දැනුනා. මොකද තේ ජින් කුමරු රජුගේ පලමු පුත්‍රයා. තේ ජින් කුමරු කුඩාකල පටන් රජු තේ ජින් කුමාරයා සමඟ බොහෝ වෙලාවක් ගත කලා. ඒ නිසා තේ ජින් රජුගේ කිසිම හැඟීමක් පිය රජුට සඟවන්න පුලුවන්කමක් ඔහුට තිබුනේ නෑ. අනික තේ ජින් රජු හැමවිටම සැහැල්ලුවෙන් සිටි කෙනෙක්.

"ජින්, ඔබ කුමක් හෝ ගැටලුවකින්ද??"

රජු තේ ජින්‍ රජු අසලට පැමිනියා.

"පියාණෙනි, මං ඔබතුමාට අවංක වුනොත්, මං සතුටෙන් නෙවෙයි. මට හිතෙනවා මං අසාර්ථක රජෙක් කියලා. හැමකෙනෙක්ම රණ බිමේ සටන් වදිද්දි මට වුනේ විවේක ගන්න. එය මගේ හිතට වදයක් පියාණෙනි!!  කරුණාකර  ජූන්ට මේ කිරුළ පවරන්න. ඔහු මට වඩා සිය දහස් ගණනකින් හොද රජෙක් වේවි...මට එය විශ්වාසයි."

තේ ජින්ගේ ඇසින් නොකඩවා කදුලු වැටෙන්න ගත්තා.

"තේ ජින්!!මේ අහන්න. ඔබ අසනීප වුන එක ඔබේ වරදක් නොවේ. අනික සටන් කිරීම තේ ජුන්ගේ, තේ හන්ගේ වගකීමක්. ඔවුන් සටන් කරන්නේ අපේ රාජධානිය වෙනුවෙන්. මේ ඔබ කිව් දෙය..ඒ පිළිබඳ මට කල්පනා කිරීමට අවශ්‍යයි තේ ජින්. මං ඔබට කිරුළ අතහැරීමට දෙන්නෙ නෑ."

Kingdom of canneryTempat cerita menjadi hidup. Temukan sekarang