ජෙස් ඩිමෙත්ට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරයෙක් සමග එන විට ඩිමෙත් සිටපු තැන ඇය නැති බව ජෙස්ට දකින්න ලැබුනා. මාලිගයේ ඇතුලත ඩිමෙත්ව හෙව්වත් ජෙස්ට ඩිමෙත් හොයාගන්න ලැබුනේ නෑ. අන්තිමට මාලිගයේ මුරකරුවෙක්ගෙන් ඩිමෙත් ගැන අහපු ජෙස්ට දැනගන්න ලැබුනේ ටික වෙලාවකට කලින් ඩිමෙත් ප්‍රධාන දොරටුවෙන් පිටත් වුනා කියලා. අසනීපෙත් තියාගෙන ඩිමෙත් ගියේ කොහෙද කියලා ජෙස්ට හිතාගන්න බැරි වුනා. ඒ වගේම මාලිගයේ කවුරුත් නොසිටි නිසා ජෙස්ට ඩිමෙත් පසුපස යන්න ඕනි වුනත් එය කිරීමට නොහැකි වුනා. ජෙස්ට සිදුවුනේ නැවත ඩිමෙත් එන තුරු බලාගෙන ඉන්න.
_______________________________කදුකරයට ගිය වෛද්‍ය හේසොක් ජින් රජුට ප්‍රතිකාර කිරීම ඇරඹුවා. ඒ වෙද්දිත් ජින් රජුට සිහිය තිබුනේ නෑ. හදිස්සියේම ජින් රජු අසනීප වීම සහ සතුරන් යුද්ධ ප්‍රකාශ කිරීම නිසා සියලු දෙනාම සැක කලා තේ ජින් රජු අසනීප වීමට සතුරන්ගේ රහස් කුමන්ත්‍රණයක් බලපෑවා කියලා. හේසොක් වෛද්‍යතුමාගේ ප්‍රතිකාරත් සමග තේ ජින් රජු දිනෙන් දින සුව අතට හැරුනා. තේජින් රජු බලාගන්න හේ සොක් තමන්ගේ නැගනිය වුන වොල්හිට පැවරුවා. වොල්හිත් තමන්ගේ සහෝදරය පැවරූ වගකීම හොදින් ඉටු කලා. තේ ජින් රජු සුව වෙන්න හේ සොක්ගේ වෙදකම මෙන්ම වොල්හිගේ හෙදකමත් බලපෑවා කියන්න පුලුවන්. වොල්හි ජින් රජු අසලින්ම ඉදගෙන ඔහුට ප්‍රතිකාර කලා. ඒ ප්‍රතිකාර හොද විදිහට සිද්ධ වුන නිසා තේ ජින් රජුට ටික දවසකින් සිහිය ආවා. තේ ජින් රජුට සිහිය එන විට වොල්හි රජුගේ මූන රෙදිකඩකින් පිරිසිදු කරමින් හිටියේ. හෙමින් හෙමින් ඇස් ඇරලා බලන තේ ජින් රජු දැක්කේ තමන්ගේ මූණ රෙදිකඩකින් පිරිමදින ලස්සන, තරුන කාන්තාවක්. තමන් කොහෙද ඉන්නේ කියලවත් හිතන්න තේ ජින් රජුට උවමනා වුනේ නෑ. ඔහුට ඕනි වුනේ වොල්හි දිහා දිගටම බලන් ඉන්න. වොල්හිට නම් තේ ජින් රජු ඇස් ඇරලද කියලාවත් ගානක් වුනේ නෑ. එයා තමන් කරන දේට සමවැදිලා තේ ජින් රජුගේ අත අරගෙන තෙත මාත්තු කරන්න ගත්තා. වොල්හි හැමදාම තේ ජින් රජුට සාත්තු කරන ගමන් හිතුවේ තේ ජින් රජු කොයිතරම් කඩවසම් කෙනෙක් ද කියලා. තේ ජින් රජුට සිහිය ආවම කොහොම තත්වයක් උදා වෙයිද කියලා වොල්හි හිතුවේ නෑ. අහිංසක විදිහට සිහිය නැතුව වැතිරිලා ඉන්න තේ ජින් රජු ගැන ලොකූ දුකක් වොල්හිගේ හිතේ ඇති වුනා. වෙනදා වගේම රජු පිරිසිදු කරලා ටික වෙලාවක් රජුගේ ඔලුව අතගාමින් ඉන්න වොල්හි එදත් තමන්ගේ ඇගිලි රජුගේ කෙස් දිහාට ගෙනියනවත් එක්කම දැක්කේ තමන් දිහා ඇස්පිය ගහන්නේවත් නැතුව බලාගෙන ඉන්න තේ ජින් රජුව. වොල්හි කොච්චර බය වුනාද කිව්වොත් එයා හිටපු තැනින් හදිසියේ නැගිට්ටේ ලග තිබුන උණුවතුර එකත් ඇගේ හලාගෙන. හොද වෙලාවට වැඩි රස්නයක් තිබුනේ නැති වුනත් ඒ වතුරෙන් වොල්හි ඇදන් හිටපු ඇදුම සම්පූර්ණයෙන්ම තෙත් වුනා. තේ ජින් රජු ඉක්මන්ටම ඇදෙන් නැගිට්ටේ වොල්හිට තුවාල වෙන්න ඇති කියලා හිතුන නිසා.
YOU ARE READING
Kingdom of cannery
Fanfictionකැනෙරි රාජධානිය අවුරුද්දේ සෑම කල්හිම සශ්‍රිකව පැවති රාජ්‍යක්. මෙම රාජ්‍ය පාලනය කලේ ක්ශත්රීය වංශිකයින්. ඊට අමතරව දේව, නාග, හිවල්, පක්ශී ගෝත්‍ර මේ රාජධානියේ වාසය කලා. ක්ශත්රීය ගෝත්‍රයේ කිම් වංශය මේ රාජධානියේ පාලනය භාරව හිටියා. මේ කැනෙරි රාජධානියේ සි...