2 කොටස

2K 407 83
                                    

"ටේ......."

ෆෝන් එක පිපිරෙනවත් සමග හැමෝම කෑගහන්න පටන් ගත්තා... ඒත් එක්කම හේසෝක් ජනේලේ ගාව දෙයක් දැකලා සියුම් කෑගැහිල්ලක් සමග ආපස්සට පැන්නේ මොකක් හරි දෙයකට බය වෙලා...

"යා හේසෝක් මොකක්ද උනේ.... ඇයි මේ බය වෙලා...."

ජින් හියුන්ග් හේසෝක් ගාවට දුවගෙන ආවා.ඒත් එක්කම නම්ජූන් ටේ ගාවට ගියා.ටේත් හුගක් බය වෙලා හිටියේ ෆෝන් එක පිපිරුන සිද්ධියට...

"මේ...මේ ම....ම දැක්කා එතන ඉන්නවා අමුතු මනුස්සයෙක් එයාගේ මූනේ හැමතැනම හිල් වෙලා පිලිස්සුනු මූණක් ලේ පෙරා ගෙන ඉන්නවා...."

ඒ කියන්නෙ හේසෝක් දැකලා තියෙන්නේ හරියටම කිව්වොත් නම්ජූන් දැකපු දේ...එතකොට එයා දැකලා තියෙන්නේ මල ගිය ආත්මයක්ද...මගේ මුළු ඇගම සීතල වෙලා ගියා...

"කුකී , ටේ , ජිමින් ඔය තුන්දෙනා දැන්ම කාමරේට ගිහින් දොර වහගන්න ඕන...
අපි එනකන් දොර එහෙම අරින්න එපා...
කවුරු හරි අපි වගේ දොරට ගැහුවත් සිහියෙන් අපිද කියලා තහවුරු කරගෙන අරින්න ඕනේ තේරුනාද...."

නම්ජූන් දැඩි ලෙස අපි තුන්දෙනාට පැහැදිලි කලා... යුන්ගී මන් දිහා බලලා "බය වෙන්න එපා මම එනවා අනිවාර්යයෙන්ම..." කියලා එයාත් ගියා අනිත් හතර දෙන්නා එක්ක....

කට්ටිය ගිහින් දැන් පැයකුත් වෙනවා..එයාලා කවුරුත් තාම ආවේ නෑ
එකපාරටම කුකී හෙලවෙන්නෙවත් නැතුව එක ඇගිල්ලක් එහා කාමරේ ජනේලේ  දිහාවට පෙන්නනවා...ඒක දැකපු ගමන් මගේ ඇගේ මයිල් කෙලින් උනා වගේ...
එදා නම්ජූන් කිව්ව මනුස්සයා නේද ඒ මේ පැත්තට එන්නේ.......

"යා කවුද අර එන්නේ...මොකක්ද අපි කරන්න ඕනේ...ජිමින් මොකක්ද අපි කරන්නේ..."

ටේ බය වෙලා කෑගහන අතරේ කුකී බය භීරාන්ත වෙලා තවමත් කතා කර ගන්න නොහැකිව ඉන්නවා...ඒත් එක්කම කාමරේට රතු පාට හෙවත් රක්ත වර්ණයෙන් ගගක් උතුරගෙන එනවා වගේ පේනවා...

"යා....යාහ්හ්.... මොනාද අර එන්නේ රතු පාටට... ඒ ලේ නේද එන්නේ කාමරේට..."

කතා කරගත නොහැකිව හිටපු කුකී කෑගහන්න පටන් ගත්තා...එය එක්තරා මට සහනයක් උනාට අනිත් අතින් බියකරු දෙයකට මුහුණ පාන්නට සිදුවෙනවා....

𝑶𝒏 𝒕𝒉𝒆 𝒘𝒂𝒚 ||•ʜᵒʳʳᵒʳ ғғ• ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now