උදේ නැගිටිනකොට ජිමින්ට කිසිම දෙයක් දැණුනේ නැහැ. මහ රෑ යුන්ගි දුන්න වද සේරම එකක් නෑර එයාට මතක් වුණා. හුස්ම ගන්න බැරි තරම් වදයක්. යුන්ගිගේ සිප ගැනීම් පවා හරිම රළුයි. ජිමින්ගේ තොල් වලින් ලේ වැගිරුණා.
ඇඟ පුරාම තිබුණු ලේ පැල්ලම් දිහා බලන් හිටපු ජිමින්ට අඬන්න හිතුණත් කුස්සිය පැත්තෙන් ඇහුණු සද්ද නිසා අමාරුවෙන් නැගිට්ටා.
කුස්සියේ හිටියේ යුන්ගි නම් නෙවෙයි. වෙන කවුද මනුස්සයෙක්.
ජිමින් එනවා කියලා දැණුනහම ඒ මනුස්සයා ඔළුව ඉස්සුවා.
'හායි ජිමින්... මම ජින්... යුන්ගි මාව තියලා ගියා ඔයාව බලාගන්න. මම කෑම උයලා ඇති ඒ ටික කන්නකෝ...'
ජිමින් හිනාවුණා. මේසේ උඩ තිබුණු කෑම නම් ඇත්තටම රස පාටයි. ජින්ට හොඳට උයන්න පුළුවන් වගේ.
'ඉතින් ජිමින්?' ජින් එක පාරට ඇහුවා.
'හ්ම්?'
'යුන්ගි කොහොමද?'
ජිමින් යටි තොල හපාගත්තේ රෑ වුණ දේවල් මතක් වෙලයි.
පළවෙනි රෑ කියලවත් යුන්ගිගේ කිසි ආදරයක් තිබුණේ නෑ... හැමදේම තද සහ රළු වුණා.
ලේ...
ජිමින්ගේ ඇස් වලින් කඳුළු වැටෙන්න ගත්තේ ජිමින්ටත් නොදැනී.
ඇහුවේ අහන්න හොඳ මාතෘකාවක් නෙවෙයි කියලා තේරුණ ගමන් ජින් බිම බලාගත්තා.