යුන්ගි නින්දට වැටුණු පසුව ජිමින් අපහසුවෙන් ඔහුව ඇඳ මතින් තැබුවේය. කමිසයේ බොත්තම් ගලවා ඔහුව ඇඳෙන් දිගා කළ ජිමින්ගේ හුස්ම හිර වූයේ ඔහු කිසිදා නොදුටු දෙයක් දැකීමෙනි.
යුන්ගිගේ උඩුකය වැසී තිබුණේ විශාල තුවාල කැලැල් වලිනි. මදින් මද පරීක්ෂා කරද්දී යුන්ගි තවත් සුදුමැලි වී කෙට්ටු වී සිටින බවත් ජිමින්ට දැක ගත හැකි විය.
'යුන්ගි....' ඔහු ඇඟිලි තුඩු වලින් යුන්ගිගේ තොල් පිරිමදිමින් හඬන්නට විය.
නිදි බෙහෙත් හේතුවෙන් නින්දට වැටී සිටි යුන්ගිට එය නෑසිණි.
_______________________
උදෑසන යුන්ගි අවදි වූයේ බරැති යමක් තමාගේ පපුව මත දැනීමෙනි. හිසට දැඩි බරක් දැණුනද හිස එසවූ විට ඔහු දුටුවේ තම පපුව මත වැතිරී සිටින ජිමින්වය.
'ජිමින්?' ඔහු ජිමින්ගේ හිස අතගෑමට අත ගෙනාවද ඔරලෝසුව දෙස එක්වරම බැලීය.
'හතයි?' ඔහුට කෑ ගැස්සුණේ වේලාව දැකීමෙනි. එම ශබ්දයට ජිමින් අවදි විය.
'යුන්ගි....'
යුන්ගි ජිමින්ව ඇඳෙන් බිමට තල්ලු කළේය. 'තමුසේ මොනවද මට කළේ ඊයේ රෑ?'
'යුන්...'
'කියනවා!'
'මට ඔයාව ළඟ තියාගන්න ඕන වුණා යුන්ගි...'
යුන්ගි අධික කෝපයට පත්විය. 'තමුසෙව මම අද මරනවා කන්ග් ජිමින්!'