අදුරු මායාකාරයන්ගේ ආක්‍රමණය නිසා රාජධානිය ගොඩාක් වැටිලා තිබ්බේ. ඒ හැමදේටමත් වඩා රැජිණ කවදාවත් දකින්නවත් නොලැබුණු එයාගේ පුතා ගැන ගොඩාක් කලබල වෙලා හිටියේ. රැජිණ කියන්නෙත් අම්මා කෙනෙක්. කවුරුත් නොදැන හිටියත් එයා තමාගේ නූපන් දරුවාව රැක ගන්න නොකරපු දෙයක් නෑ. රැජිණ දැනන් හිටියා ඒ දරුවා කොහේ හරි ජීවත් වෙනවා කියලා. රැජිණ හැමදාමත් යැදුවේ තමාගේ දරුවාව රැක දෙන්න කියලා.
ජන්කුක් ගොඩාක් දුක් උනා එයාගේ යාලුවා ගැන.
ඒත් ජිමින් ආයෙත් ආවේ ඒ හැමෝගෙම ඇස් වලට සතුටු කදුලු පුරවමින්. ඒත් ඒ සතුට වැඩි වෙලා තිබුනේ නෑ. ජිමින් ගොඩාක් වෙනස් වෙලා. එයා අදුරු මායාකාරයන් එක්ක එකතු වෙලා.
එයාලා සටන් කරලා ලේසියෙන්ම රාජධානිය අල්ල ගත්තා. රැජිණ වගේම කුමාරවරුත් අල්ල ගත්තා. අදුරු මායාකාරයන්ගේ රජ්ජුරුවෝ ජිමින්ට කිව්වා රැජිනව මරලා දාන්න කියලා. මෙතනදී ජිමින්ව නවත්තන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ජන්කුක් විතරයි.
අයින් වෙනවා ඕතරයා මමයි දැන් කතාව කියන්නේ.
නැවතත් JK
ආයෙත් mood එක හදා ගන්න දයාබර readers ල ටික
නැහැ... ජිමින්ට බැහැ අදුරු මායාකාරයන්ගේ රජ්ජුරුවොත් එක්ක එකතු වෙන්න.
"ජිමින්, නවතින්න.... ඔයාට බැහැ මෙහෙම කරන්න!"
"අයින් වෙනවා! ඔයා මට විරුද්ධ උනා... ඔව් මම අදුරු මායාකාරයෙක් තමයි. ඔයාමයි කිව්වේ තවත් අපි අතර කිසිම යාලුකමක් නෑ කියලා. මට ඔනේ උනේ ඔයාට උදව් කරන්න විතරයි. ඇයි එහෙම කලේ?"
"ජිමින්, ඔයා මගේ හොදම යාලුවා... මම කවදාවත් මේ යාලුකම නැති වෙන්න ඉඩ දෙන්නේ නෑ. මම කවදාවත් ඔයාව අදුරු මායාකාරයෙක් විදිහට දකින්නේ නෑ. ඔයා ගොඩාක් හොද කෙනෙක් ඔයාට බෑ මෙහෙම කරන්න."
"මම ඔයාව විශ්වාස කලා. මම මොන වගේ කෙනෙක් උනත් ඔයා කවදාවත් මට වෙනස්කමක් කරන්නේ නෑ කිව්වා. ඇයි ඔයා ඒ විශ්වාසේ බිදලා දැම්මේ? තවත් මන් ඔයාව විශ්වාස කරන්නේ නැ"
"මට ඔයාව විශ්වාසයි ජිමින්, මන් ඔයාව දන්නවා. ඔයා කවදාවත් මේ දේ කරන්නේ නෑ."
ජිමින්ගේ ජීවිත කාලෙටම ලැබුණ හොදම යාලුවා තමා ජන්කුක්. ජිමින් යාලුවෙක් විදිහට එයාට ගොඩාක් ආදරේ කලා ඒ වගේම විශ්වාස කලා. ජිමින්ට තව දුරටත් අදුරු මායාකාරයන්ගේ රජ්ජුරුවෝ මවපු බොරු යථාර්තය තුළ ඉන්න ජන්කුක් ඉඩ දුන්නේ නෑ. ජිමින් අඩාගෙනම ජන්කුක්ට තුරුලු උනේ ජන්කුක් එයාගේ විශ්වාසය කවදාවත් බින්දේ නැති බව එයා හොදටම දන්න නිසා.
ජන්කුක්ගේ උදව්වෙන් ජිමින් ආයෙමත් සැබෑ යථාර්තය තේරුම් ගත්තා. එයා අදුරු මායාකාරයන්ගේ රජ්ජුරුවන්ට විරුද්ධව ආයෙත් සටන් කරලා එයාව පරාද කලා.
ඒ දෙන්නම එකතු වෙලා රැජිණත් එක්ක රාජධානිය ආයෙමත් ගොඩ නැගුවා. ශක්තිමත් මකරුන්වත් එකතු කරන් කිසිම රාජධානියක නැති විදිහේ බලවත් හමුදාවක් ජිමින් ගොඩ නැගුවා. ජිමින්ටවත් යුරේෂියන් අධිරාජ්‍යයටවත් අභියෝග කරන්න පුලුවන් කෙනෙක් හිටියේ නෑ.
මේ කතාව ලොකේ එදා මෙදා තුර පහල උන බලවත්ම Dragon Lordගේ.
-THE END-
Thank you for your votes and support.
Bye for this story, and see you soon with a new story.
YOU ARE READING
The Last Dragon Lord
Short StoryWhat's a soul mate? It's a .... Well, it's like a best friend but more... It's the one person in the world that knows you better than anyone else. It's someone who makes you a better person. Actually, they don't make you a better person; you have to...