මොකෙද්ද ඒ??? මොකෙද්ද ඒ සතා... ගුහාව අස්සේ ඉන්න??? ඒ සතා අපේ දිහාවට වේගයෙන් එනවත් එක්කම මම කිනිස්ස අතට ගත්තත් ඒ කොල්ලා මගේ කිනිස්ස උදරලා විසික් කරලා මාව අහකට තල්ලු කලා.
JM: සන්සුන් වෙන්න සන්සුන් වෙන්න. එයා යාලුවෙක්. බය වෙන්න එපා.
ඒ සතා මේ කොල්ලා කියන දේට කීකරු උනා. මට ඒක අදහා ගන්නත් බැරි උනා. මම ආයෙත් දිය ඇල්ලෙන් එහා පැත්ත දුවන් ගියා. ඒ කොල්ලා මගේ පිටිපස්සෙන් ඇවිත් මාව නවත්ත ගත්තා.
JM: නවතින්න කුමරුනි! අහන්න මම කියන දේ අහන්න. එයා කරදරයක් කරන්නේ නෑ.
JK: මොකෙද්ද ඒ සතා? මකරෙක් ද? කොහොමද ඔයා කියන්නේ ඌ කරදර කරන්නේ නෑ කියලා?
JM: බය වෙන්න එපා එයාට. මාව විශ්වාස කරන්න එයා කරදරයක් කරන්නේ නෑ.
එයා එහෙම කියද්දී මගේ බය නැතුව ගියා. මොකක් එහෙම වෙන්නේ කොහොමද? මම මේ කොල්ලව අදුරන්නේවත් නෑ. මම කොහොමද එයාව විශ්වාස කරන්නේ?
JK: හරි හරි. ඒත් මම කොහොමද ඔයාව විශ්වාස කරන්නේ?
JM: ඉන්න මම ඔයාට පෙන්නන්නම්.
ඒත් එක්කම අර මකරා අපි හිටපු තැනට ආවා. එයා එයාගේ අත මකරාගේ ඔලුව උඩින් තියලා මම දිහා බැලුවේ මටත් අත තියන්න කියන්න වගේ. වගේ නෙමෙයි ඒකට තමා. ඌ මගේ අත ඉව කලා හොදට. ඒට පස්සේ මම ඔලුව උඩින් අත තිබ්බහම ඌ ඇස් දෙක පියා ගත්තේ මට හීලෑ උනා වගේ.
YOU ARE READING
The Last Dragon Lord
Short StoryWhat's a soul mate? It's a .... Well, it's like a best friend but more... It's the one person in the world that knows you better than anyone else. It's someone who makes you a better person. Actually, they don't make you a better person; you have to...