Who???

289 52 5
                                    

"යා කොහෙද ඔය දුවන්නේ🤦නවතිනවා වැටෙයි"

"ඔය බලාගෙන"

"ආආ නවතින්න නේද කිව්වේ"

" ඔච්චරම නටන්න තරම් දෙයක් නෙවෙනේ"

"දැන් දගලලා අන්ඩක් එහෙම කැඩුනොත්"

"හෙට මට තමා යන්න වෙන්නේ"

"මෙයා හැසිරෙන්නේ නිකන් ලෝකේ තියෙන වටිනාම දේ හම්බ වුනා වගේනේ"

හ්හ් කෑගැහුවට මොකද කෙල්ල නෙවේ නවතින්නේ😑අර මොකක්ද අර කරන්නේ😐ගහක් බදාගෙන කෑගහනවා.

"ඔම්මාආආ මට ඒක හම්බවුනා.😇🥳ඔම්මගේ දුව දස්සයා"

අහ්ම් අහ්ම් මොකක්ද ඔයාලා අහන්නේ මන් කවුද කියලද🙄ම්ම් මගෙන් වැඩක් නෑ. මේක මගේ කතාව නෙවේ අර ගහ බදාගෙන කෑගහන කෙල්ලගේ කතාව😤
ම්ම්ම් එයා ගැන මොනවද කියන්නේ ම්ම් හිතාගන්න බෑ කොහෙන් පටන් ගන්නද කියලා.

එක්කෝ මන් ගැන කියල ඉන්නම්කෝ මන් අර කලින් කෑගැහුවා නේද නවතින්න අරකයි මේකයි කියලා කෑගැහුවාට වැඩක් නෑ මන් කියන දේවල් එයාට ඇහෙන්නේ නෑනේ😒අහ් විකාරයක් වගේද ඔව් ඔව් මගේ ජිවිතේම විකාරයක් මන් එයාගේ මනස(mind)😇එයා හිතන දේවල් මට ඇහෙනවා මන් හිතන දේවල් එයාට ඇහෙනවා කියල හිතනවද නෑ😤ඇහුනනම් අර විදියට ගාල කඩාගෙන දුවන්නේ නෑනේ. මන් මනස විතරයි එයා මාත් එක්ක එයාගේ දේවල් බෙදා ගන්නවා දේවල් කිව්වට ගොඩක්ම දුක තමයි.මාත් ඉතින් දුක්ගන්නා රාළ වගේ අහන් ඉන්නවා මොකෝ මට කියලත් කරන්න තියෙන්නේ මේ මනුස්සයා යන යන තැන යන එක විතරනේ කොල්ලෙක්වත් සෙට් කරගන්න නෑ😒 දෙවියනේ ඔබ මැවු ලොව පුදුමයි😩

හරි හරි එයා ගැනත් කියන්නම් eya Kim Son ei ලස්සන,සුන්දර,අලංකාර,උත්කෘෂ්ට,චබී,ගුණයහපත්,නැණවත් හැදිච්ච,නිවිච්ච,අහිංසක,මොලේ වැඩි,පින්වන්ත දරුවෙක්🥵 ඒකයි මේ ටිකටත් අර පොඩි එකෙක් වගේ අහස දිහා බලාගෙන කෑගහන්නේ.අර කලින් දාපු වචන ඔක්කොම දැම්මේ මගේ මොලේ පොඩ්ඩක් අවුල් නිසා. මන් කියන් නෑ ඉතින් අහිංසක නිවිච්චකම ගැන මේක එයා කියවනවා කියලා දන්න නිසාම මන් කටවහන් ඉන්නම් හොදේ😁

හරි මෙයා පවුලේ එකම ලමයා එහෙම වෙච්ච එකත් හොදයි නැත්නම් මෙයා එක්ක අනිත් අය  ඉන්නේ කොහොමද😁අහ් හරි කියන්න අමතක වුනානේ එයා අර පිස්සියක් වගේ දගලන්නේ ඇයි කියලා. මේකයි මේ මේයාට ජොබ් එකක් හම්බවෙලා😒ගෙම්බෙක් ගිය උඩ හ්හ් ඇත්තටම ඔය දගලන්නේ ජොබ් එක හම්බවුන නිසාම නෙවේ මෙයාට තවත් පවුලේ අයගෙන් යැපෙන්න ඕනී නැල්ලූ🤷 bighit එකට පිස්සු හැදිලද මන් දන්නේ නෑ මේ වගේ කෙනෙක් වැඩට ගත්තේ😒හරි හරි talented තමා ඒත් මොලේ අවුල්නේ😶

ආආආ අර මොකද අර ආයේත් ඔලුවේ කැක්කුමක් ඇවිත් බෙහෙත් ගෙනාවද දන්නේ නෑ.ම්ම් ආ ටිකක් ඉන්න මන් ඒක කිව්වේ නෑ නේද🤦 අමතක වෙන්වා අනේ මෙයා මේ ඔලුවේ අමාරුවකට බෙහෙත් බොනවා කොහොමත් ඔලුවේ ලොකු අමාරුවක් තියෙනවා එයාට😬ඒත් මේකනම් පොඩ්ඩ්ක් විතර සීරියස් දෙයක්😶 එයාගේ මතකේ නැති වෙලා තියෙන්නේ  මීට අවුරුදු කිහිපයකට විතර කලින් ඇක්සිඩන්ට් එකකින්. එතකොට ම ඇක්සිඩන්ට් එක නිසා ඔක්කොම වගේ අමතක වුනත් දේවල් ටික ටික මතක් වුනා.
ඒ නිසා තමයි හැමදේම මතක් වෙන්න වගේ යද්දිත් ඔලුව ඔහොම රිදෙන්නේ........

Son ei's pov

යා ඔලුව පැලෙන්න තරම් රිදෙනවනේ මොකක්ද මට ඒ වුනේ මීට කලින් මට එහෙම රූපයක් මැවුනේ නෑනේ.ඒත් කවුද එයා🙄කවුරු වුනත් මට මොකද ඔන්න හොදට සල්ලි තියෙන කෙනෙක් වගේනම් තව කමක් නෑ කන්න මොනව හරිවත් ඇරන් දෙයි ශේප් ඒකේ තියාගත්තනම්😒

Time skipped..................

මේකද... මේකද... මේකද....
මේ රෝස පාට එකටනම් ලස්සනට ඉදී ම්ම්ම්
ඈයියා සීනී බෝලයක් වගේ සෝස පාට සීනී බෝලයක් සෝසම සෝස සෝසම ඒ මොකක්ද ඒ කිව්වේ😒සීනී බෝලයක්නම් තව කමක් නෑ සෝස පාට😒

ඇහ්😨මේ වෙලාව පියාඹනවද💔ඇත්තමයි ඔය ඔරලෝසුව කරකවන එකා අහුවුනොත් මන් ඕකගේ අඩු කඩනවා කාලය රන් හා සමානයි කිය කිය දගලන්නේ ඇයි මැනලා කිරලද කාලේ දෙන්නේ😒අනේ මගේ කට.ඔන්න ඔහේ මේක ඇදගෙන යනවා

හරි වම් කකුල පෙරට ගමනේ යාහ්හ් වම දකුණ වම..වම දකුණ වම...

ඇයි ඔම්මා අරවිදියට බලන් ඉන්නේ🙄එනපොටනම් හරි නෑ කියල මගේ ඇන්ටනා දෙකට දැනෙනවා.මොකක් හරි ඔල මොට්ටල වැඩක්වත් මාට්ටුද දන්නේ නෑ.මොනා හරි කුප්ප වැඩක් මාට්ටුනම් කකුල් දෙකට පින් දීලා දුවන්න තමා තියෙන්නේ. අහන්න කලින් දුවනවද අහල ඉවර වුනාම දුවනවද😶එක්කෝ මෙහෙන්ම යූ ටර්න් දාලා දිව්වනම් නෑ හරියන්නේ නෑ යූ ටර්න් දාලා දුවන්න වෙන්නේ උඩ ඉන්න කෙනා ලගට තමා.
 

________________________________________________
A/N
Vote,comment කරන අයට ආදලෙයී.....

~ජිනී💜️

💕ᦓꪻꪮꪶꫀꪀ ᦓ᭙ꫀꫀꪻꫝꫀꪖ᥅ꪻ 💕•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now