GENDER EXPRESSION AND SEXUAL ORIENTATION

925 148 108
                                    

Gender expressions (Clothing, behavior)

අපේ රටේ ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ කෙනෙක්ගෙ ඇඳුම පැලඳුම්, ගමන් විලාසය දිහා බලලා එයාගෙ සමාජ තත්ත්වය, වත්පොහොසත්කම් වගේ දේවල් ගැන විනිශ්චය කරන්නෙනේ. ඉතින් ඒගොල්ලො gender identity එක හරි sexual orientation එක හරි මනින්නත් කෙනෙක්ගෙ, ඇඳුම් පැලඳුම්, හැසිරීම නැත්නම් මේ gender expressions කියන දේ යොදා ගන්නවා. ඒක ගොඩාක් ගොඩාක් වැරදි දෙයක්.

ඔන්න මම තව උදාහරණයක් යන්නම්... හිතන්න පිටකොටුව බස් එකකට නගිනවා හොඳ දේහධාරී ශරීරයක් තියන රැවුලත් හොඳින් වැඩුන පුද්ගලයෙක්. ඒත් එයා ඇදගෙන ඉන්නෙ ගවුමක්. ලස්සනට හීලස් දෙකකුත් දාලා, මේකප් කරලා, තමයි එයා ඉන්නෙ. අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ බස් එකේ අයත් මැජික් වගේ එයා දිහා බලන් ඉන්නවා.

 අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ බස් එකේ අයත් මැජික් වගේ එයා දිහා බලන් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතන ඇතිවුන සංවාදයක් මම ලියන්නම්.

X - අඩෝ මේ... අර ගෑනියෙක් ද පිරිමියෙක් ද බලහන්?

Y - ඇඟ නම් පිරිමි වගේ රැවුලකුත් තියනවානේ. හැබැයි ගෑනියෙක් වගේනෙ ඇඳගෙන ඉන්නෙ.

X - ඒක තමයි බන් මන් හිතන්නෙ සමනලයෙක් වෙන්න ඇති නේ...

Y - වෙන්න ඇති නැත්නම් ට්‍රාන්ස් එකෙක්ද දන්නෙත් නැහැ. බලහන්කො ඇවිදින විදිය

(A/N: 🤬🤬🤬🤬)

ඇත්තටම හොයලා බැලුවාම ඒ පුද්ගලයාගෙ හැඳුනුම්පතේ තියෙන්නෙ පුරුෂ කියලා. එයා කාන්තාවක් එක්ක විවාහ වෙලා පොඩි දරුවෙකුත් හදාගෙන ලස්සන පවුල් ජීවිතයකුත් ගත කරනවා. ඒත් එයා කරන්න කැමති කාන්තා විලාසිතා. ඒ කියන්නෙ cross-dresser කෙනෙක්.

(A/N: දැන් ඉතින් අහන්න එපා එයාගෙ wife ට ගාණක් නැද්ද, එ් දේවල් දන්නෙ නැතුවද කසාද බැන්දෙ. එයාට පිරිමියෙක් කියන්න පුළුවන්ද වගේ දේවල්. ඇයි අපි ඒ දේවල් ගැන වද වෙන්නෙ. ඒක එයාගෙ ජීවිතේ. එයා හම්බ කරපු සල්ලි. එයා අඳින්න කැමති විදිය. අපි අපේ පාඩුවෙ ඉම්මු. අපේ රටේ අයට ඕවා මැජික් වුනාට වෙන රටකනම් ඕක හරිම සාමාන්‍ය දෙයක්.)

RAINBOW UNDER THE CLOUDS [A GUIDE TO LGBTQ+]Where stories live. Discover now