SEX, GENDER AND GENDER IDENTITY

1.4K 185 114
                                    

මේක නම් ෆික්ෂන් එකක් නෙමෙයි. LGBTQ+ කියන මාතෘකාව ගැන කතා කරන්න කියලා හිතන් පටන් ගත්ත පොතක්. කියන්නත් සතුටුයි අපේ generation එකේ ගොඩක් පිරිසක් ළඟ lgbtq කියන්නෙ මොකක්ද කියලා පොඩි අදහසක් හරි තියනවානේ... ඉතින් ඒ දැනුම වැඩි කරන්නත්, ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් අලුතින් දෙයක් ඉගෙන ගන්නත්, ඔයාලාට lgbtq ගැන තියන සමහර ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්නත් කියලා හිතාගෙන තමයි මෙහෙම පොතක් ලියන්න හිතුවෙ.

මේ සම්බන්ධව කතා කරන්න කලින් දැන ගන්න ඕනෙ වචන කිහිපයක් තියනවා.

BIOLOGICAL SEX - ලිංගිකත්වය

මේකෙන් කියවෙන්නෙ ස්ත්‍රී පුරුෂ වශයෙන් අපිව වෙන් කරන ජීවවිද්‍යාත්මක වෙනස්කම් ගැන. අපේ ප්‍රාථමික ලිංගික ලක්ෂණ වගේම ද්විතියික ලිංගික ලක්ෂණත් මීට අදාල වෙනවා. ප්‍රාථමික ලිංගික ලක්ෂණ කියන්නෙ අපිට තියන ප්‍රජනක පද්ධතිය සහ ලිංග්‍රෙන්ද්‍රයන්. පිරිමි කෙනෙක්ට නම් ශිෂ්ණය, වෘෂණ ආදී අවයව වලින් සමන්විත වුන පුරුෂ ප්‍රජනක පද්ධතියකුත් ගැහැනු කෙනෙක්ට නම් යෝනි විවරය සහ මාර්ගය, ඩිම්බ කෝෂ, පැලෝපීය නාල, ගර්භාෂය වැනි අවයව වලින් සමන්විත වුන ස්ත්‍රී ප්‍රජනක පද්ධතියකුත් තියනවා. සාමාන්‍යයෙන් ඒ දේවල් උපතේදීම කෙනෙක්ට පිහිටනවා.

ද්විතියික ලිංගික ලක්ෂණ කියන්නෙ අපි ලිංගිකව පරිණත වුනාම ඇති වෙන ලක්ෂණ. ගැහැනු ළමුන්ගේ නම් පියයුරු වල සිදුවන වර්ධනය, ආර්තව චක්‍රය ආරම්භ වීම, සමෙහි මේදය තැම්පත් වීම වැඩි විම වගේ දේවලුත්, පිරිමි ළමුන්ගේ නම් කටහඩ ගොරෝසු වීම, මුහුණ, පපුව, කිහිලි වැනි ප්‍රදේශ වල වැඩි වශයෙන් රෝම වැවීම, ලිංග්‍රේන්ද්‍රය විශාල වීම වැනි දේවලුත් මීට අයත් වෙනවා.

 ගැහැනු ළමුන්ගේ නම් පියයුරු වල සිදුවන වර්ධනය, ආර්තව චක්‍රය ආරම්භ වීම, සමෙහි මේදය තැම්පත් වීම වැඩි විම වගේ දේවලුත්, පිරිමි ළමුන්ගේ නම් කටහඩ ගොරෝසු වීම, මුහුණ, පපුව, කිහිලි වැනි ප්‍රදේශ වල වැඩි වශයෙන් රෝම වැවීම, ලිංග්‍රේන්ද්‍රය විශාල වීම වැනි දේවලුත...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
RAINBOW UNDER THE CLOUDS [A GUIDE TO LGBTQ+]Where stories live. Discover now