කලින් චැප්ටර්ස් දෙකෙන් අපි කතා කලානේ අපි අතරෙ විවිධාකාරයේ පුද්ගලයන් සිටිනවා කියලා. සාමාන්‍යයෙන් විරුද්ධ ලිංගික ආකර්ෂණයක් පමණක් ඇති නොවන පුද්ගලයන් (Non-Heterosexual) සහ උපතින් ලැබුන ස්ත්‍රීපුරුෂ භාවයට අනුගත නොවන පුද්ගලයන් (Non-Binary) පොදුවේ හඳුන්වන්න තමයි මේ LGBTQ+ කියන වචනය යොදා ගන්නෙ.
මේ වචනයේ විකාශනය ගැන කතා කළොත් නම්, අතීතයේදී සමලිංගික පුද්ගලයන් හඳුන්වන වචනයක් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ පවා තිබිලා නැහැ. Homosexual කියන වචනය පොදුවේ ඔවුන් සියළු දෙනා හඳුන්වන්න ඒ කාලයේදී යොදාගෙන තියනවා. 70 දශකය පමණ වන විට සමලිංගික ක්‍රියාකාරීන් විසින් "gay" "lesbian" කියන වචන භාවිත කිරීම ආරම්භ කළත් බොහෝ සමලිංගික, සංක්‍රාන්ති ලිංගික සහ අනෙකුත් සුළුතර ප්‍රජාවට එකල පොදු සමාජයෙන් එතරම් යහපත් ප්‍රතිචාර හිමි වී තිබුනේ නැහැ.
මෙනිසා gay, lesbian, bisexual, trans ආදී සියලු කොටස් එක්වී සම අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණින් විවිධ ක්‍රියාමාර්ගයන් අනුගමනය කළා. එහි ප්‍රතිඵලයක් විදියට 1988 වසරේදී, LGBT කියන වචනය මුල්ම වරට ඇමරිකා එක්සත් ජනපදයේ භාවිත කිරීම ආරම්භ වුණා.
මේ සඳහා පුරෝගාමීව කටයුතු කලේ ස්ත්‍රීවාදී සමලිංගික කාන්තාවන් නිසා Lesbian කියන වචනයේ L අකුර පළමුවත්, පිළිවෙලින් Gay, Bisexual, Transgender කියන වචන වල මුල් අකුරු ඊළඟටත් යොදාගෙන තමයි මේ වචනය නිර්මාණය කරලා තියෙන්නෙ. පසුකාලයේදී මෙම වචනය තව තවත් වැඩිදියුණු වෙලා තියනවා.
• LGBTQ - Lesbian, Gay, Bisexual, Transgender, Queer/Questioning
• LGBTQIA - Lesbian, Gay, Bisexual, Transgender, Queer/Questioning, Intersex, Asexual
• LGBTTQQIAAP - Lesbian, Gay, Bisexual, Transgender, Transexual, Queer, Questioning, Intersex, Asexual, Ally, Pansexual
දැන් අපි මේ එකින් එක විස්තරාත්මකව කතා කරමු.
Gay
YOU ARE READING
RAINBOW UNDER THE CLOUDS [A GUIDE TO LGBTQ+]
Non-Fiction~ අළු වළාවකට යට වූ පාට පාට මිනිස්සුන්ගේ කතාව • GAY? GENDER FLUID? INTERSEX? SEXUALITY? PRIDE? මොනවද මේ වචන? • මොකක්ද මේ LGBTQ කියන්නෙ? • සමලිංගිකත්වය කියන්නෙ වැරදි දෙයක්ද? • කොහොමද කෙනෙක් transgender වෙන්නෙ? • Gay couple එකකට ළමයි හදන්න පුළුවන්ද...