හලෝ.... කාලෙකට පස්සෙ නේද? අද චැප්ටර් එකෙන් කතා කරන්න යන්නෙ අපේ රටේ lgbtq+ ප්‍රජාව සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීති රීති සම්බන්ධවයි. ඒ නීති ගැන විස්තරාත්මකව කතා කරන්න කලින්, එවැනි නීති පැනවෙන්න පසුබිම සැකසුනේ කොහොමද කියලා බලමු.
කලින් චැප්ටර් එකෙත් කිව්වා වගේ අපේ රටේ අතීතයේ සමලිංගිකත්වය හරි අනිත් lgbtq+ අනන්‍යතාවයන් සම්බන්ධයෙන් හරි කිසිම විරෝධත්වයක් තිබිලා නැහැ. 15 වන සියවසේ ඉදලා දිගින් දිගටම සිදු වුණ බටහිර ජාතීන්ගේ ආක්‍රමණත් එක්ක මේ දේවල් ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් අරන් තියනවා. පෘතුග්‍රීසින්, ලන්දේසින් විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන්, අතීත ලංකාවේ පැවති බහුභාර්යා සංකල්ප, එක ගෙයි කෑම, සොදමි ක්‍රියා වැනි දේවල් දැඩි ලෙස හෙලා දැකලා තියනවා.
එකල කිතුදහමට අනුව සොදමි (Sodomy) ක්‍රියා යනු, සමාව හිමි නොවන පාපී ලිංගික ක්‍රියාවන්ය. පුරුෂයන් දෙදෙනෙකු අතර සිදු වන ලිිංගික හැසිරීම් ද මේ ගණයට තමයි අයත් වුණේ. සොදමි ක්‍රියාවන්හි යෙදුන පුද්ගලයන් ඒ දින වල පූජකයන් විසින් ප්‍රසිද්ධියේ පුළුස්සා දමා තිබෙනවා. ඒ වගේම 1533 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හඳුන්වා දුන් "බගරි (Buggery) පනත" හරහා සොදමි ක්‍රියාවන් අපරාධ ක්‍රියා ලෙස නීතියෙනුත් තහවුරු කරනවා.
(A/N: සොදමි ක්‍රියාවේ යෙදුන පුද්ගලයන් පූජකයන් විසින් පුළුස්සා දමන අයුරු දැක්වෙන සිතුවමක්)
1815 දී ශ්‍රී ලංකාව, බිතාන්‍ය යටත් විජිතයක් වීමත් සමඟ මේ බගරි පනත අපේ රටෙත් බලපැවැත්වෙන්න පටන් ගන්නවා. නිදහස ලැබීමත් සමඟ ඉහත පනත අහෝසි වී ගියත් පසුව හඳුන්වා දුන් "පාදඩ ආඥා පනත" සහ "දණ්ඩ නීති සංග්‍රහය" යටතේ විවිධ අවස්ථා වල lgbtq+ ප්‍රජාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
YOU ARE READING
RAINBOW UNDER THE CLOUDS [A GUIDE TO LGBTQ+]
غير روائي~ අළු වළාවකට යට වූ පාට පාට මිනිස්සුන්ගේ කතාව • GAY? GENDER FLUID? INTERSEX? SEXUALITY? PRIDE? මොනවද මේ වචන? • මොකක්ද මේ LGBTQ කියන්නෙ? • සමලිංගිකත්වය කියන්නෙ වැරදි දෙයක්ද? • කොහොමද කෙනෙක් transgender වෙන්නෙ? • Gay couple එකකට ළමයි හදන්න පුළුවන්ද...