''ඔම්මා...ඔයා මෙතන ඉන්නවා නේද?..හරි ඉතිං දැන් ඔන්න ඔයාගෙ සෝස මලත් එක්ක තරහා වෙන්න එපා.දවස් දෙකයිනෙ එන්න බැරිවුනේ..මං ඉඩක් ලැබුන හැමවෙලේම ඉතිං එන්නෙ ඔම්මව හොයාගෙනනෙ..ඔම්මා...... මට දැන් හොදටම මහන්සී ඔම්මා...නැවතුමක් පේන තෙක් මානෙක නෑ කියලා දැන දැනම මං තාම දුවනවා..හිතට තියෙන වේදනාව පේන්නන්න පුලුවන්නම් ...
මං දන්නවා ඔම්මා ඔයා කතා නොකලට හැමදේම අහං ඉන්නවා කියලා..මතකද ඔම්මා මිනිස්සු ඉස්සර මට අනාථයා කිය කිය හිනාවුන විදිහ..ඒ කවුරුත්ම ඇහුවෙ නෑ මං ඇයි අනාත වුනේ කියලා..හැම මනුස්සයම එහෙමයි ඔම්මා..පිටින් පේන දේ ගැන දාහක් දේවල් කියන්න කට්ටිය හිටියට ඇතුලින් තියෙන දේ තේරුම් ගන්න එක්කෙනෙක්ටවත් බෑ..වැටුනු වෙලාවට නැගිටින්න බැරුව මං හැමතිස්සෙම ඔයාව හෙව්වා..මං ඒකටනම් තාමත් ඔයත් එක්ක තරහයි ඔම්මා..
මගේ පුංචි බෝනික්කාත් මට පේන මානෙක නෑ ඔම්මා..මේක කවද ඉවරවෙයිද එයාව මට ආයෙ කවද ලැබයිද කියලා ඔම්මවත් දන්නවද...ආදරේ කියන්නෙත් එකවිදියක වෛරයක්ද?
දැන් මං ඒවා වලින් වැටෙන්නෙ නෑ ඔම්මා.....ඔව් කවදාවත්ම වැටෙන්නෙ නෑ...කවුරු නැතත් දැන් ඔයා මං ළග ඉන්නවනෙ..කාටවත් මාව වට්ටන්නත් බෑ.ඒ වේදනාවන් ඉස්සරහම දැන් මන් ශක්තිමත් වෙලා ඉවරයි ඔම්මා
ඒකනෙමෙයි .... කලුවරේ අහන වේදනා හඩවල් වලින් හිතට මාර සැනසීමක් දැනෙනවා ඔම්මා.....ඒකසල්ලි දීලා ගන්න පුලුවන් සතුටක් නෙමෙයි..ඒ වේදනාවන් කෑගැහීම් ජීවිතේ රැකගන්න කරන ඉල්ලීම් මට පුදුම සතුටක් ගේන්නෙ..හහ්..වචනෙන් කියන්න බැටරිතරම් සතුටක්"
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
රෑ කලුවරේ තිබුන මූසල ගතිය පරදගෙන ඇහෙන වේගවත් කුරිරු හිනාව ටිකෙන් ටික වේදනා බර කෙදිරිල්ලකින් පිරෙන්න ගත්තෙ මේ හඩ අහං ඉන්න ඕනෙම දැඩි හිතක් සසල කරන්න පුලුවන් තරම් සද්දෙකින්.ජනේලෙ කවුලු අස්සෙන් එන සීතල හුලගට ඉටිපන්දම් දැල්ල අදුරු බිත්ති මත අන්ධකාරයේ සෙවනැලි සිතුවම් කලේ මැදියම් රැය ගෙවෙන වෙලාවෙ.සීතල පොලොව මත රත් පැහැති ලේ බිදු එකිනෙක බිම වැටෙද්දී සිහින් කෙදිරිලි මතින් කැපුම් පහරවල් මතට ඉටිපන්දමෙන් ගලා එන ඉටි වැටෙනකොට ඒ හඩ තවත් තියුනු වුනේ කාමරයම එකම මූසල පරිසරයක් කරමින් .
.........................................................................................
hiks mata baa anew........
mekath kiyawanawada amaruwen hri ..waradi pennala denna..
YOU ARE READING
BE MINE💔 (Slow Updates )
Fanfiction🔞🔞💔💥 ඔම්මා..... වේදනාවෙන් කෑගහන මිනිස්සු දිහා බලන් ඉන්න මන් කොච්චර ආසද දන්නවද? ඒක කියාගන්න බැරිතරම් සතුටක් ඔම්මා...ජීවිතේ වේදනා කියන දේ මිනිස්සු විදින්න ඕනෙ..එහෙම විදල නැත්තන් අපි හරි ඒක ලගා කරලා දෙන්න ඕනෙ.