Guideline

599 106 69
                                    

Guideline


හායි කොහොමද චොකෝස්,

මගේ නම මිස් මින්ට් චොකෝ. මම මේ 'Guideline' එක ලියන්න ඕනේ කියලා හිතුවේ, කතාව කියවන විදිහ හරියටම ඔයාලා අනුගමනය කලේ නැති වුණොත් රසවින්දනයට හානිවෙන්න පුලුවන් නිසා. ඉතිං මේක ලියන්නේ මේ කතාව ආසාවෙන් කියවන්න සූදානම් වෙන ඔයාලා වෙනුවෙන්මයි. මම හිතනවා මේකේ තේරෙන්නේ නැති තැන් නැතුව ඇති කියලා. බැරිවෙලාවත් එහෙම තැනක් තිබ්බොත් දඩන් ගාලා කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. හොඳද?

හරි! එහෙනම් මේ කතාව කියවන්න කලින් ඔයාලාට පෙර සූදානම් වෙන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්.

පලමු පියවර!
හොඳයි මුලින්ම කියන්න ඕනේ ඔයා දැන් ඉන්නේ බස් එකේ, ත්‍රීවිල් එකේ, මගතොටේ, එහෙමත් නැත්නම් බාතෲම් එකේ.. මේ ආදි අවධානම් ස්ථානයක නම් දැන් කතාව කියවන්න ගන්න එපා. ගෙදර යන්න ඔක්කෝටම කලින්. කොහොමත් මම හිතනවා ඔයාලා ගෙදරමයි ඇත්තේ කියලා. අර අංකල් එලියට යන්න එපා කියලා සංචරණ නීති දැම්මා නේ. ඒ නිසා එහෙ මෙහෙ යන්න හදන්න එපා. ඒත් පස්සේ කියවන කෙනෙක් එලියට ගිහින් හිටියොත් කියලා කිව්වේ.

දෙවෙනි පියවර!
ගෙදර ගිහින් වොෂ් එකක් දාගන්න ඔක්කෝටම කලින්. කතාව වගේ නෙවේ නේ කොරෝනා. ඊට පස්සේ කොන්ඩේ වේලගන්න. හෙම්බිරිස්සාව හැදුනත් නිරෝධායනය තමයි දැන්.

හරි ඒ පලමු පියවර දෙකම අදාලවෙන්නේ ගෙයින් එලියේ හිටිය චොකෝස්ලට.

තුන්වන පියවර!
මේක ටිකක් බයානක පියවරක්! ඔයා කෙලින්ම බත් එකක් ගිලින ගමන් මේක කියවන්න යනවා නම් කරුණාකරලා එකක් තෝරගන්න. එක්කෝ මුලින්ම කතාව කියවලා ඉන්න. නැත්නම් බත් කාලා ඉන්න. හිරවෙවී මේවා කියවන්න බැහැ. මම නම් රෙකමන්ඩ් කරන්නේ මුලින්ම කාලා එන්න කියලා. මොකද ඉතිං බඩගින්නේ මේවා කියවන්න බැහැ නේ.

හතරවන පියවර!
මේක තමයි ගොඩක්ම වැදගත් එක. පහසු තැනක ඉදගන්න, එහෙමත් නැත්නම් ඇඳට ගිහින් පොඩි හාන්සි පාරක් දාගෙන ෆැන්සි විදිහට කියවන්න ගන්න. කියවනවා කියන්නෙත් කලාවක්. ඔය බස් වල බාගෙට ෆුට් බෝඩ් එකේ එල්ලිලා යනවා වගේ, බාගෙට කොහේහරි වවුලා වගේ එල්ලිලා මේවා කියවන්න බැහැ. ඒ නිසා කෙලින්ම තැනක් බුක් කරගන්න.

𝐌𝐲 𝐄𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐋𝐨𝐯𝐞 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓Where stories live. Discover now