Why? It's end like this?

196 66 19
                                    

💚 ඇයගේ සදාකාලික ප්‍රේමය 💚

මම හිතුවේ මරණින් පස්සේ එක්කෝ අලුත් ජීවිතයක් ලැබෙනවා කියලා. එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකෙට හරි අපායට හරි යනවා කියලා. එහෙමත් නැත්නම් හැමදේම ඉවරවෙලා මාව විනාශවෙලා යනවා කියලා. ඒත් එහෙම වුණේ නැහැ. මොකද කෙනෙක් මාව ගොඩක් ආදරයෙන් එයාගේ හදවතේ පරිස්සමට තැන්පත් කරගෙන හිටිය නිසා.

හ්ම්ම්.. .ඒ වෙන කවුරුත් නෙවේ.. මගේ නූනා... මට ඒ වෙඩිපාර වැදිලා මොහොතකින් ඒ වේදනා ඔක්කොම නැතිවෙලා පුදුමාකාර හිස්බවක් දැනුනේ. ඒ මොහොතෙම මට දැනුනේ මගේ නූනා ලගට යන්න ඕනේ කියන හැඟීම.. ඒ වගේම ඒ මොහොතෙම මම හිටියේ මගේ නූනා ලග. ඒ කෝච්චි පෙට්ටියේ. එයා හිටියේ අඬන ගමන්. නොසෑහෙන්න විදිහට අඬන ගමන්. මට දැනුනේ මාව පිච්චෙනවා වගේ එයා මෙහෙම අඬනවා බලාගෙන ඉදලා. එයා එයාටම ගහගත්තා. මම නූනාව නවත්තන්න උත්සාහ කලා. ඒත්.. ඒත් මට නූනාව අල්ලන්න බැහැ.. මම නූනාව අල්ලන්න ගියපු හැම මොහොතකම මට දැනුනේ මගේ අතපය ඔක්කොම අඹරලා දානවා වගේ වේදනාවක්. ඒක හරියට දඬුවමක් වගේ. මම මැරුණු කෙනෙක් නිසා මට මනුස්ස ලෝකේ එක්ක සම්බන්ධතා පවත්වන්න තහනම්. මම හිතන්නේ එහෙමයි. නූනා පුදුමාකාර වේදනාවක් වින්දේ එදා.. මගේ ඇස් දෙකට පෙනි පෙනීම..

නූනා අන්තිමේ කලන්තේ දාලා වැටෙද්දී මම එයාව අල්ලගන්න හැදුවත් එයා එහෙම්ම ම වැටුනා. අන්තිමේ නූනා සෝල් ගියා. මමත් එහෙමයි සෝල් ගියේ. ඒත් සෝල් වුණත් මම හිතුව තරම් ලස්සන නැහැ. මොකද නූනා සතුටින් නෙවේ හිටියේ. අන්තිමේ පොලීසිය නූනාව එක්කගෙන දෙගු ගියා. එහෙදි මාව මතක්වෙන හැමතැනක් ම දැක්කාම නූනා පුදුමාකාර විදිහට අඬන්න ගත්තේ. මට එයාව නවත්තන්න පුලුවන් නම් කියලා හිතුණ වාර අනන්තයි. අන්තිමේ නූනා මගේ නිසල සිරුර දැක්කාට පස්සේ එතනම කලන්තේ දාලා වැටුනේ මාව තවත් වේදනාවට පත්කරන ගමන්.

නූනාට මේ නඩුවට සාක්ෂි දෙන්න උසාවියටත් යන්න වුණා. එතනදිත් එයා පුදුමාකාර විදිහට අඬා වැටුණේ මං ගැන කියන්න සිද්ධවුණාම.

ඒත් මම හිතුවේ නූනා කාලයත් එක්ක හිත හදාගනියි කියලා. නූනා එයාගේ නම කිම් සොන්ග්හී කියලා වෙනස් කරගත්තේ මං නිසා කියලා මම දන්නවා. වෙලාවකට එයා තනියම කියවන්න ගත්තේ මං එයා ලග ඉන්නවා කියලා දැනගෙන වගේ. නූනා කිම්ස්සෙම් ට ලියුමක් ලියලා මගේ ෆොටෝ එකක් ගෙන්න ගත්තා. මගේ ඉස්කෝලේ අයිඩී එකේ තිබ්බ ෆොටෝ එක විතරයි එයාට ලැබිලා තිබ්බේ. එයා ඒක රාමු කරලා බිත්තියේ ගහගෙන ඒක දිහා බලාගෙන ඉන්න එක තමයි ගොඩක් වෙලාවට කලේ. ඒ ෆොටෝ එකම එයා පර්ස් එකෙත් දාගෙන හිටියේ. ඒ වගේම එයාගේ ෆෝන් එකටත්. ඒ හැමදේම මං බලාගෙන හිටියේ එයා එක්කම ඉන්න ගමන්. මම මැරිලා සති දෙකකට පස්සේ මම අන්තිමට ලියපු විභාගේ ලකුණු ආවා. මම තමයි දෙගුවලින් පලවෙනියා. නූනා මගේ විභාග සහතිකය බදාගෙන අඬපු විදිහ මට කවදාවත් අමතකවෙන්නේ නැහැ. එයා මම නැතුව පුදුමාකාර දුකක් විදින්නේ.

𝐌𝐲 𝐄𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐋𝐨𝐯𝐞 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓Where stories live. Discover now