"මෙහෙ එන්න..ඔහොම හැංගිලා ඉන්නෙපා..මේ බලන්න ඔයාට යාලුවෙකුත් ඉන්නවා ..එන්න ඇවිත් මල්ලිලා දෙන්නත් එක්ක සෙල්ලම් කරන්න.."
සාලේ තියෙන නොපෙනෙනම මුල්ලක හැංගිලා ඉන්න ජිමින් ගාවට අම්ම ඇවිත් කිව්වේ කිසිම කෙනෙක් එක්ක ආශ්‍රයක් නැති තමන්ගේ පුතාට හොඳ යාලුවෙක්ව අඳුන්නලා දෙන්න..
කීප පාරක්ම තමන්ගේ සහෝදරයත් එක්ක සෙල්ලම් කරන අමුත්තා දිහා හැරි හැරි බලපු ජිමින් අන්තිමට එතනට ගියා..
"අහ්..එල්ල හුන්ග්..අපි කූකිත් එක්ක තෙල්ලම් කලමු"
අමුත්තාගේ අත අල්ලන් ඉඳපු අවුරුදු 3ක් වයසැති ටේ එයාට වඩා අවුරුදු 2ක් වැඩිමල් හ්‍යුන්ග්ට කියන ගමන්ම එයාගේ පොඩි අතින් අල්ලගෙන තමන් ගාවට ඇදලා ගත්තා..
ටේගේ අනික් අතින් අල්ලන් ඉඳපු එයාගේ වයසේ වගේ පොඩි ලමයා ජිමින්ට හිනා වුනා...
"ඔ...ඔ..ඔයාගේ නම...නම..මොකක්ද?"
ජිමින් අමාරුවෙන් උනත් වචන ගැට ගහගෙන අමුත්තාගෙන් ඇහුවේ ලොකූ චොක්ලට් කේක් කෑල්ලක් එක්කා කාර්‍යබහුල වෙලා ඉන්න ටේ අමුත්තාව අඳුන්නලා දෙන්න ඌමනාවක් තිබ්බෙ නැති නිසා..
"මදේ නම කූකි.."
කටේ තියෙන එකම දත් වුන ලොකු ඉස්සරහ දත් දෙක පෙන්නන ගමන් අමුත්තා ජිමින්ට කිව්වා
YOU ARE READING
🖤💚Hope Leaves..💚🖤(complete)
FanfictionHopes are just like leaves... They give life to the tree.. And Leave the tree after a whie.. But tree will never die.. Oneshot Short story