part 06

689 193 4
                                    

"හ්‍යුන්ග්..හ්‍යුන්ග්.. "

වෙනදට කැෆටේරියා එකට ටේත් එක්කම එන ජංකුක් අද තනියම එන ජංකුක් දිහා බලන් ඉඳිද්දි ජිමින්ට බිබී ඉඳපු කිරි එක හිරවුනේ උදේ කරපු දේ මතක් වෙලා..

එයාගේ මූන රතු වෙලා උනුසුම වැඩි  වුනේ ජංකුක්ගෙ අතේ තියෙන ලියුම දැකලා...

"ඇ...ඇයි...ජ..ජංකුක්"

"මේ බලන්න හ්‍යුන්ග් මේක තිබ්බේ මගේ ලොකර් එකේ"

ජංකුක් ලියුම දැකලා තමන් ගාවට දුවන් ආවා නේද කියලා ජිමින්ගේ හිත සතුටින් පිරිලා ගියේ එයාගේ හිතේ තියෙන හැඟීම ජංකුක් හොයාගෙන කියලා හිතාගෙන..

"මො.මොකක්ද ඉතින්..ඕක.."

"ඒකේ තියෙන්නෙ මෙහෙම..ම්ම්...
'මගේ ආදරයේ ආරම්භය...කුමක්ද...ඒ ඔයාත් එක්ක තියෙන මතකේ ආරම්භය...ක්ෂිතිජය හරහා ඉරට"

ජංකුක්ගේ කටින් තමන්ගේ සිතුවිලි පිටවෙද්දි ජිමින් යටි තොල විකාගත්තේ තමනේ තොල් අතරින් රඟ දෙන්න දඟලන හිනාව නවත්තගන්න..ඒක ජංකුක්ගේ කටින් ඇහෙද්දි තවත් ලස්සනයි කියලා එයාට හිතුනේ..

"හ්ම්ම්."

"හ්‍යුන්ග්..ඇත්තටම මොකක්ද ඒකෙ තේරුම..කවුරුහරි මට ආදරෙයි කියනවා කියලා තේරෙනවා..ඒත් මොකක්ද මේ ක්ෂිතිජය හරහා ඉරට කියන්නේ"

'ඒ අපි කරපු පලවෙනි සෙල්ලම කූකි'

ජිමින්ගේ තොල් දෙකින් එලියට එන්න හදපු හිනාව එක පාරට නැවතුනා..

'එයා දන්නැද්ද ඒකේ අයිතිකාරයා මං කියල..'

'කමන්නෑ..එයා පස්සේ හොයාගනියි..'

"දන්නෑ කූකී...."

ජංකුක් ලියුම දිහා බලන් හිමින් ලොකු කල්පනාවක යෙදිද්දි ජිමින් ඒ මූන දිහා බලන් හීන ලෝකෙක අතරමන් උනා..

🖤💚Hope Leaves..💚🖤(complete)Where stories live. Discover now