•Day 6•

409 158 9
                                    

සතියෙන් සතිය ගෙවී ගියා.
හැම සතියක්ම ඇයට වෙහෙසකර වුනා. ලඟින් කිසිවෙකු නොහිටි සති කිහිපය ඇයට වෙහෙසකර වුනා.

දුරකථන ඇමතුම් වලින් තමාගේ වෙහෙසකර දවසට යන්තම් හෝ සහනයක් ලැබෙනමුත් ඒ ඇය ප්‍රාර්තනා කල ආකාරයේ සහනයක් ගෙනෙන්නක් වුනේ නෑ.

දිනපොත..
ඇගේ දිනපොත නැති අඩුව ඇයට තදින් දැනුනා.

නූතන ලෝකයට දිනපොත් විහිලුවක් වූවද ඒවා ඇගේ වටිනාම දේ වූවේ ඇයට නිතර සිදුවන අමතක වීම් නිසාමත් නොවුනත් කාලෙන් කාලෙට වෙනස් වන ඇගේ හැඟීම් කියවීමට ඇය ප්‍රිය කලා.

තමන්ගේම හැඟීම් වල වරින් වර ඇතිවන පරස් පර විරෝධී බව දුටු ඇය කල්පනා කලා,
ඇගේ සිතත් මේ තරම්නම් වෙනස් වනවානම්.. අනෙක් මිනිසුන්ගේ වෙනස් වීම්ද සිදුවන බව ඇය කල්පනා කලා.

ඇය සියල්ල දරා ගත යුතුව තිබුනා.
සියල්ලන්ම වෙනස් වන අයුරු ඇය දරාගත යුතුව තිබුනා.

ඒත් තාමත් ලෝකයට හැඩගැහෙන්නට උත්සහ කරන ඈ කෙලෙස දරාගන්නද..

වෙනස් වීම් දරාගැනීමට පහසු වුනේ නෑ.

කෙනෙක් වෙනුවෙන් ඇති අපේක්ශාවන් බිඳෙන මොහොතේ කදුලු සඟවා දරාගැනීමට තරම් ඇගේ හිත තවමත් ශක්තිමත් වුනේ නෑ..

________________________________

නැවතත් වැදගත් රැස්වීමක් නිසා ඇය සුපුරුදු ඉහළ මාලයට ගමන් කලා.

රැස්වීමෙන් පසු ඇය අතින් සිදු වූ යම් යම් වැරදීම් නිසා ඇයට දොස් පැවරූ ඇගේ ප්‍රධානියා එතැනින් පිටවූ පසු ඇය පහල මාළයට යෑමට පියවර තිබ්බා.

හුරුපුරුදු වැස්ස..
කවුළුවෙන් ඇද හැලෙන සුපුරුදු මිතුරා දෙස ඈ බලා සිටියා.

"දන්නවද..
මට දුකයි.."කඳුලු බිඳුවක් ඇගේ කම්මුල් සිප ගත්තා.

"මන් ඒක වැරැද්දුවා කියලා මම දන්නවා.ඒත් ඒ තරම් බැනුම් අහන්න තරම් දෙයක් තිබුනේ නෑ එතන. ඒත් මන් මොනා කරන්නද මන් එපැයි වගකීම ගන්න..
ම්ම්..
ඔයාට බැරිද මගෙ දුකත් අරන්ම යන්න..
මට හරිම අමාරුයි මේ ඔක්කොම එක පාරට දරාගන්න.." ඇදහැලෙන වර්ශාවේ තාලෙටම ඇගේ කඳුළු ගලන්නට වුනා.

"මිස් සෙනූ.."කාගේදෝ කටහඬකින් පියවි ලොවට පැමිණි ඈ කඳුළු බිඳු ඉක්මනින් පිහිදැමුවා.

ඇය ඉදිරිපස සිටින ඇගේ සහයකයෙක් ඇය දුටුවා.

"මිස්ටර් ලී ඔයාට කැබින් එකට එන්න කිවුවා." සහයකයාගෙ මිමිනූ කොරියානු බස ඇයට තේරුන් ගියේ පෙර සිටම ඒ භාශාව හැදෑරූ නිසාම නොවුනත්, ඇය මෙහි පැමිණි දින සිටම ඇගේ කනවැකුනු සියල්ල කොරියානු වුන නිසයි.

ප්‍රධානියාගේ ආරාධනය සුහද නොවන බව ඇය දැනන් හිටියා.
ඒත් ඇය යා යුතු වුනා.
අවසානයේ ඇය ඇගේ ප්‍රධානියට අවනත විය යුතු වුනා.

_________________________________________________

ප්‍රධානියාගේ කාමරෙන් පිටතට පැමිණි ඇය හිටියෙ දුකෙන්.
ඔව් ඇය දුකෙන්.
ඒත් දුක අතරෙන් ඇයට යම් සතුටක් දැනුනා.

ඇයට වැරදීම් සිදුවූ ඒ කාර්යය ප්‍රධානියා විසින් වෙනකෙකුට පවරා තිබුනා.
ඒ නිසා ඇය දුක් විය යුතු වුනා.

ඒත් ඒ වෙනුවට ඇයට ලැබුනේ තවත් අලුත් එහෙත් වෙහෙසකර කාර්යක්.
ආයෝජකයන් දහස් ගණනකින් යුතු වුන ආයතනයේ වැදගත්ම වූ ආයෝජකයන් කිහිප දෙනෙකුගේ ආයෝජන පිළිබඳ යෝග්‍යතාව ඇය සොයා බැලිය යුතුව තිබුනා.

දින ගණනක සාකච්ඡා හා සොයා බැලීම් ගැන සිතන විට ඇය දුක් විය යුතුව තිබුනා...

ප්‍රධානියා ඇයගේ තත්වය පහළ හෙලීමට ගත් උත්සහයක් නිසාවෙන් ඇය දුක් විය යුතුව තිබුනා..

'කිම් නම්ජුන්'

එහෙත් ආයෝජකයන්ගේ ලයිස්තුවේ ඉහළින්ම තිබූ ඒ නම ඈව සතුටු කලා..
ඇයගේ වෙහෙසකර සති ගණනට ප්‍රබෝධයක් එක් කලා..

ඉතින් අවසානයේ ඔහු වෙනුවෙන් යමක් කලහැකි වීම ගැන ඇය සතුටු වුනා.

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now