•Day 2•

766 189 11
                                    

ආදරණීය වැස්ස,

ඔයා මෙහෙට දැන්ම එන්නැත්ද..
ඔයාගෙ සද්දෙ නැතුව මට පාලුයි...

ඔව්..
මන් ආවා...
මන් අන්තිමේදි මෙහෙට ආවා..
දැන් එයාට ටිකක් හරි ලඟයි කියලා දැනෙනවා..

හෙට මන් යන්න ඕනෙ..

හැමදේම කලින් ඉදන්ම ලෑස්තියි..
ඒත්..ඒත් මට බයයි..

මන් හොඳින් ඉඳී නේද..

_I wished it rains all day_

-----------------------------------------------------------------------------------

"සෙනූ.. දැන් ගොඩක් රෑ වෙලා. ඒ නිසා නිදාගන්න. හෙට උදේම යන්න ඕනෙ නේද?" ඒ හඬට අවනත වූ ඈ පොත පසෙකින් තබා පොරෝනේ තුලට ගුලිවූවේ අලුත් කාමරයට හුරු වීමට උත්සහ දරමිනුයි.

"ඔයා හෙට යනව නේද ආපහු.." ඇගේ කටහඬේ ගැබ් වුනේ දුකක්. දැනටමත් පිලිතුරු දන්නා නමුත් ඇය ප්‍රශ්න නැගුවේ ඒ නිසයි.

"ඔව්.. මට යන්න වෙනවා මැනික.. ඔයා එද්දි මන් ගිහින් තියෙයි..
ඒත් මන් ඔයාව බලලා යන්න ඉක්මනින් එන්නම්.." නලළතට ලැබුනු හාදුව මෙන්ම ඒ උනුහුම ඇගේ දෑස් වලට නින්දේ සුවයට තුරුල් වෙන්නට අණ කලා.

ඒත් හෙට දිනය ගැන දෙගිඩියාව ඇගේ හිතේ සැරිසැරුවේ අවසර නොමැතිවයි..

|| To My Rain || KNJ | ✔Tempat cerita menjadi hidup. Temukan sekarang