•Day 19•

320 130 53
                                    

සතියකට පමණ පසු ඈ පුරුදු ආසනයේ හිඳගෙන සිටියා.

එය දැන් ඇයගෙ පුරුද්දක් වී ඇති බව ඇයට හැඟී ගියා.

කාර්යබහුල වීම නිසා ඔහු නොසිටියද ඒ කාමරය ඈව දයාබර ලෙස පිළිගත් අතරම ඔහු පැමිණි දිනක ඈ නොසිටි විටක ඇගේ කැබින් මේසය මත වර්ෂාවෙන් තිළිණ වු කෝපි කෝප්පයක් රැඳුනා.

______________________

නැවතත් විශාල වගකීමක් පැටවී තිබීම නිසා ඈ හෙම්බත්ව සිටි අවස්ථාවක ඇද හැලුන වර්ෂාව නිසා ඈ සුපුරුදු සුවපහසුව සොයා වෙලාසනින්ම පැමිණ සිටියා.

"ඔයා අද කලින්ම ඇවිත් වගේ..."

තප්පර කිහිපයක වුවද ගැඹුරු කල්පනාවක නිමග්න වී සිටි ඈ ඔහු පැමිණ කතා කරන හඬින් මඳක් ගැස්සුනා.

එහෙත් ඔහු පසෙක හිඳගනිද්දි ඈ පෙර පුරුදු සිනහවම පෑමට උත්සහ කලා.

"ප්‍රශ්නෙකද?"ඇගේ මලානික සිනහව අඳුරාගෙන ඔහු විමසන ආකාරය ඈට ඇසුනා.

"ම්ම්.. එහෙමත් නෑ. එදිනෙදා ජීවිතේ." ඇය පිළිතුරු දුන්නා.

එය සත්‍යයක් වුනා. දැන් දැන් එදිනෙදා ජීවිතය ඈට බොහෝ බරපතල ලෙස දැනෙන්නට වුනා.එමෙන්ම එය ඒකාකාරී වුනා.
මෙවන් මොහොතවල් හෝ නොතිබ්බානම් ඇයගේ ජීවිතය එකම තැන ගතවෙන්නාක් මෙන් වූ හැඟීම ඈට මීට වඩා තදින් දැනෙන්නට තිබුනා.

"සමාවෙන්න නම්ජුන්ශි, මෙච්චර හොඳ වෙලාවක බොන්නවත් මොනවත් ගේන්න මට අමතක වුනා."ඇය ඒ සමඟම පැවසුවේ පෙර මාතෘකාවෙන් මිදීමේ අරමුණිනුයි.

"ඒ ගැන දැන් වද වෙන්න ඕනෙ නෑ මිස් සෙනූ.."ඔහුගෙ උද්‍යෝගිමත් වූ කටහඬ නිසා මෙතෙක් වෙලා ඔහේ යොමුව තිබූ ඇගේ දෑස් , යම් එලියකින් සැරසුනු ඔහුගෙ දෑස් වලට යොමු වුනා.

ඔහුගෙ වළ ගැසෙන කම්මුල් , ඔහුගේ තොල් වල ඇඳී ගිය සිනහව තවත් අලංකාර කරන ආකාරය දුටු ඇගෙ සිත සතුටට පත් වූ නිසා ඇගේ මුහුනේද යම් සිනහවක සලකුණු ඇඳුනත් ඇගෙ මුහුණෙ පළවුන ප්‍රධානතම හැඟීම, ප්‍රශ්නාර්ථයක්.

'මොනා ගැනද කියන්නෙ?' ඇගෙ සිත ඔහුගෙන් ප්‍රශ්න කලා.

ඒ වෙලාවෙ ආසනයෙන් නැඟිටගත් ඔහු ඇයවද පසුකර කාමරයේ එහා කෙළවරට යන බව ඇය දුටුවා.

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now