GUN đŸ”Ģ Chapter 5 đŸ”Ģ

943 162 14
                                    

"ආශ්... ශිට්"

සාමාන්‍ය වේගෙකින් ආව ජිමින් වාහනේ ස්පීඩ් එක වැඩි කලා. අපි ගිය වාහනේ වීදුරු ඔක්කොම කලු. එලියෙ ඉදන් බලන කෙනෙකුට ඇතුලෙ ඉන්නෙ කවුද කියලා පේන්නෙ නැති උනාට ඇතුලෙ ඉන්න අයට එලියෙ වෙන දේවල් ඔක්කොම පේනවා.

"ජෝන් ඇල්ෆා ටීම් එකත් එක්ක
ඉක්මනට වරෙන්... පල්ලී..."

ජිමින් ඉක්මනටම ජෝන්ට කතා කරා. තාමත් මට හිතාගන්න බැරුව ඉන්නෙ මොකාද මේ පස්සෙන් එලවන එකා කියලා. පොඩි එකී හොදටම බය වෙලා.

"අප්පා තිකක් හෙමින් යන්කෝ. මිජී බබාට බයයිනේ..."

"හා යොන්ග් මිජීව ඔයා ලගට ගන්න."

"ඔම්මා ලගට එන්න පැටියෝ. ජිමින්
කවුද උන්. ඇයි අපේ පස්සෙ එන්නෙ"

මිජී සෙනිකව මන් ලගට පැනලා මාව බදා ගත්තා. පොඩ්ඩිට උනත් බය හිතෙන්න ඇති.

"දැන් මන් තමුසෙට මේ ඔක්කොම තියලා ඒක පැහැදිලි කරන්න ඕනෙද"

ජිමින්ගෙ කෑ ගැහිල්ලට මන් විතරක් නෙවේ පොඩ්ඩිත් ගැස්සුනා. මට තුරුල් වෙලා ඉදලම පොඩ්ඩිටත් නින්ද ගිහින්. පැයක් යනකල් මේ පොර කුකුලා මුකුත්ම කියන්නෙ නැතුව නයිට් රයිඩර් වගෙ වාහනේ ඩ්‍රයිව් කරන් ගිහින් පෲස් ගාලා වාහනේ බ්‍රේක් ගැහුවා. වාහනේ නවත්තනවත් එක්කම අර මිනිස්සු ටික උන් ආව කැබ් එකෙන් බැහැලා ආවා.

"හා යොන්ග් මේක අහන්න. මන් දිහා බලන්න. මන් එනකල් කොහේටවත් යන්න එපා. පිටිපස්සෙ ශීට් එකට යන්න. එතන හැන්ගිලා ඉන්න. මන් ඉක්මනට මේක ඉවර කරලා එන්නම් හරිද. බය වෙන්න එපා. ඔයාලා දෙන්නට හීරීමක්වත් වෙන්න දෙන්නෙ නෑ මන්. ම්ම්ම්. හදිස්සියක් උනොත් දෙපාර හිතන්නෙ නැතුව ඕකෙන් ඔලුවටම තියලා දාන්න. අරස්සො."

එයාගෙ අත් දෙකට මගෙ මූන මැදි කරන් කියාගෙන කියාගෙන ගිහින් කාර් එකෙ ලොකර් එකේ තිබ්බ ගන් එකක් මගේ අත මිටිමොලවන ගමන් කියාගෙන ගිහින් නලලට කිස් එකකුත් දීලා ජිමින් ගියා.

"ජිමින් ඒත්..."

ගන් එක දිහා බලලා ජිමින් දිහා බලන්න යද්දි එයා බැහැලා ගියේ ගන් එක ඒ මිනිස්සුන්ට දික් කරගෙනමයි. යකෝ මේක දීලා ගියාට ශූට් කරන හැටි මන් දන්නවද අනේ අම්මපා මේ පොර කුකුලා. මේ වෙලාවෙ ජිමින් කිව්ව දේ කරනව ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. පොඩ්ඩිවත් අරන් පිටිපස්සෙ ශීට් එකට ගියපු මන් පොඩ්ඩිවත් තදින් තුරුල් කරන් හිටියා. සැරින් සැරේ ජිමින් දිහා බලද්දි එයා හිටියේ ශූට් කරන ගමන්. එක පාරටම කලු ඇදගත්ත සෙට් එකක් එතනට ඇවිල්ලා ජිමින් වටේට එකතු උනෙ හරියට එයාව පරිස්සම් කරන්න වගෙ. එතන ටේ, හොබී ඔප්පා, ජේකේත් හිටියා. ඒ සිහියෙන් හිටිය මන් මේ ලෝකෙට ආවෙ කාර් එකෙ දොරට කවුරු හරි තඩි බානව ඇහිලා. කලු වීදුරුවෙන් මට පෙනුනේ හේවොන්වයි ජෝන්වයි. දෙපාර නොහිතා මන් ලොක් කරල තිබ්බ දොර ඇරගත්තේ පොඩ්ඩිවයි ගන් එකයි දෙකම අරන්.

GUN  đŸ”Ģ < PJM > [ON HOLD]Where stories live. Discover now