" මියානේ."
හෑ ජන්කුක් ඔප්පා....
ඔව් බයික් එක අරන් ආවෙ ජන්කුක් ඔප්පා තමයි.
හම්මෝ මෙයාගේ අතින් නම් මලත් කමක් නෑ දෙයියෝ.😍විහා : " ආ නෑ ඒකට කමක් නෑ."
එහෙම කියලා විහා ටිකක් පැත්තකට උනේ එයාගෙ biasට බනින්න බැරි නිසා. ඒත් වැදිච්ච පාරට නම් කෙල්ලට ටිකක් තුවාල වෙලා කකුලෙනුයි අතිනුයි හොදටම ලේ එනවා. (කොහෙද ඉතින් කාට හරි බනින්න තියනව නම් ඊට වඩා දෙයක් නෑ නේ 🙄)
ඒත් කොල්ලා දැක්කා කෙල්ලට හොදටම තුවාල වෙලා කියලා. කොල්ලගේ අතේ වැරැද්දක් නැතත් කෙල්ල කකුලත් ඇද ඇද යන හැටි දැක්කම නම් කොල්ලට ටිකක් දුක හිතුනා.කෙල්ල එහෙම කියලා යන්න හැදුවත් කොල්ල ආයෙත් කෙල්ලට කතා කරා.
මන් ජන්කුක් ඔප්පාට මේ ඉමෝජිය යූස් කරනවා 🐰
🐰: " මේ අහන්නකෝ ආයෙ තනියම ගිහින් පිස්සියෙක් වගේ පාර පැනලා තුවාල කරගන්නෙ නැතුව මමත් එක්ක යමු. ගිහින් ඔය තුවාලවලට බෙහෙත් ටිකක් දාගමු. "
විහා: " අනේ එහෙම ඕනේ නෑ. මට අනික තනියම යන්න පුළුවන්. ඔයා කරදර වෙන්න එපා. අනික මන් පිස්සියක් වගේ පාර පැන්නේ නෑ හරිද ?🙄"
🐰: " අපෝ නෑ මන් වෙන්න ඇති ඇවිල්ල හිතලම හැප්පුවේ."
විහා : " එහෙනම් මම හිතලම ඇවිත් හැප්පුනා කියලද කියන්නේ.. ආ...."
🐰: " කවුද දන්නේ මම වගේ ලස්සන කියුට් කොල්ලෙක් දැකලා හිතලම ඇවිත් හැප්පුනාද කියලා ?😉 "
හපෝ මුන් මහ පාරෙත් රණ්ඩු නේ. මිනිස්සු බලනව ඇති කොහෙ ඉන්න පිස්සු ජෝඩුවක්ද කියලා. දෙන්නගෙන් එක්කෙනෙක්වත් වැඩේ අතාරින්නේ නෑ වගේ.
විහා : " අනේ මට වැඩේමනේ පාරේ යන හාවන්ගේ බයික් වලට පැන පැන ඉන්න😒"
හැබැයි ඉතින් වෙච්ච දේට කෙල්ලගේ හිතෙත් කැමත්තක් නැතුවාම නෙවෙයි 😉
🐰: " හපෝ මන්දන්නේ නෑ මේ මොන විදියෙ පිස්සියෙක්ද කියන්න. හරි හරි ඔයා දිනුම්. දැන්වත් ඔය විකාරේ නවත්තලා එනවකො යන්න මමත් එක්ක."
කොල්ලට තේරුනා මේකි කතා කරලා දිනන්න බැරි එකියක් කියලා.
විහා : " මට නම් බෑ ඔයත් එක්ක එන්න. අනික මට එච්චර තුවාල වෙලා නෑ. අනික අපේ ගෙදර තියෙන්නෙත් මේ ලග. මගේ යාලුවො 4 දෙනත් මන් එනකන් බලන් ඉන්නවා. මන් එහෙනම් දැන් යන්නම් ඔයා ඔයාගේ ගමන යන්න."