මං diary එක කියවන්න පටන් ගත්තා.
Diary 📗
මම Kim Seokjin. ඉපදුණේ 1992 දෙසැම්බර් 4.
මගෙ ඔම්මා Kim Kang seri.
මගෙ ආප්පා Kim Wan Shik. එයා ලොකු mafia කල්ලියක boss කෙනෙක්. මං තාම පොඩි හින්දා මං ඒ ගැන වැඩිය දන්නෙ නෑ. එයාල කරන වැඩ නීති විරෝධියිලු. ඒ ගැන කතා කරන්න මං එච්චර කැමති නෑ.මං ආසම පාට රෝස පාට. මගෙයි ඔම්මාගෙයි දෙන්නගෙම ආසම පාට රෝස. මේ dairy එකත් රෝස පාටයි.
මට මේ dairy එක අරන් දුන්නෙ ඔම්මා. නම්සන් කුළුණට ගිය වෙලාවෙ. එදා මගෙ birthday එක. මට අවුරුදු 3ක් වෙනවා එතකොට. ඔම්මාට Taeව ලැබෙන්න හිටියෙ එතකොට.
" Jin ඔයාට තේරෙන වයසක් එනකොට මේ dairy එක ලියන්න පටන්ගන්න. ඔයා ආස විදිහට ඔයාගෙ ජීවිත කතාව මේකෙ ලියන්න. අමතක නොවෙන මතකයන්, ඔයාගෙ බලාපොරොත්තු, ඔයාට දැනෙන හැඟීම් ඔක්කොම මේකෙ ලියන්න. "
මං අවුරුදු 3ක පොඩි කොල්ලෙක් වුණාට එදා ඔම්මා කියපු දේ අමතක නොවෙන විදිහට මගෙ හිතට කා වැදුණා.
අද මගෙ 12වෙනි birthday එක. අද මං එදා මට ඔම්මා කියපු දේ කරන්න පටන් ගත්තා. ඒත් අද මං ළඟ ඔම්මා නෑ. තව දවස් 26කින් ගොඩක් සතුටු හිතෙන වගේම දුක හිතෙන දවසක් එනවා.
ඒ තමයි Taeගෙ birthday එක. දෙසැම්බර් 30. අපේ ඔම්මා අපිව සදහටම දාල ගිය දවස 😪.
මේකයි වුණේ,
එදා 1995 දෙසැම්බර් 30වෙනිදා. මායි ඔම්මායි ආප්පායි පිටත් වුණේ party එකකට යන්න.
ආප්පා හරියට drive කරන් ගියා. ඒත් කොහෙන්හරි ආපු car එකක් අපේ car එකේ වැදුණා.
මං හිටියෙ car එකේ පිටිපස්සෙ seat එකේ. ඒක හින්දා මට මොකුත් වුණේ නෑ.
ඔම්මායි ආප්පායි හිටියෙ ඉස්සරහ. ආප්පාට ගොඩක් තුවාල වුණේ නෑ. ඒත් ඔම්මා............
අනේ අර car එක ඔම්මා ඉන්න පැත්තෙන් තමයි අපේ car එකේ වැදුණෙ. ඔම්මාට ගොඩක් අමාරුයි 😥.
ඔම්මාව ඉක්මනට hospital එකට අරන් ගියා. ආප්පා මාවත් වඩාගෙන operation theatre එක ළඟට එනකන් දිව්වා.
අපි පැය ගාණක් තිස්සෙ එතන බලන් හිටියා. අන්තිමට ඩොක්ටර් කෙනෙක් එතනට ආවා සුදු පාට හිමබෝලෙකුත් අතේ තියාගෙන.
YOU ARE READING
Love Mafia ( Season 1 ) [ Completed 🔥🥀 ]
Fanfictionවෛරයේ ගිනිදැල් හරහා ඇවිලෙන ආදරයක් 🔥💘. ජීවිතයත් මරණයත් අතර සටනක් .