°03°

150 39 15
                                    

🍃Flashback🍃.........

මිරා හිම කාලෙට අදින දිග කබාය ඇදගෙන හිම වැටෙන පාරෙ දුවලා ගියේ පුස්තකාලෙ පැත්තටයි.

පුස්තකාලෙට ගිය ගමන් මිරා වෙනදා යන පොත් රාක්කෙ ගාවටම දුවලා ගියේ පුරුද්දට වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පුස්තකාලෙට ගිය ගමන් මිරා වෙනදා යන පොත් රාක්කෙ ගාවටම දුවලා ගියේ පුරුද්දට වගේ.

''චන්!!''. මිරා හති දානගමන් කිව්වෙ ලගතියෙන රාක්කෙට හේත්තු වෙන ගමන්. හේත්තු වෙච්ච වේගෙට උඩ තින්න පොතක් මිරාගෙ ඔලුවට වැටෙන්න ගියෙත් චන් ඒක අල්ලගත්තා.

''තව පොඩ්ඩෙන් මේක ඔලුවට වැටුනානම් අයිස් තියන්න වෙන්නෙවත් නෑ සීතල නිසා''. චන් කිව්වෙ පොත ආයෙත් තිබුන තැනින් තියලා. මිරාගෙ ඔලුවට තට්ටුවක් දාන ගමන්.

''කමක් නෑ ඔයා ඉන්නවානෙ''. මිරා එහෙම කියන ගමන් ලග තියෙන පුටුව ඇදලා අරන් වාඩි වුනේ මේසෙ උඩ තියෙන පොතක් පෙරලගන්න ගමන්.

''ඔව් ඉතින් මම වැඩ දන්න නිසා හොදයි''. චන්, මිරාගෙ එහා පැත්තෙ පුටුවෙන් වාඩි වෙලා මිරාගෙ පොතට එබුනා.

''මේ! වින්ටර් සීසන් එකත් ආවා. අපි කොහෙවත් යන්නෙ නැද්ද? මම කැමතිම වින්ටර් වලට. ඒ නිසා යම් ද කොහෙහරි?''. මිරා, චන් ගෙ මූනට එබෙන ගමන් කිව්වා.

''ඔයා වින්ටර් වලට කැමති ඇයි? මම නම් කැමති ස්ප්‍රින්ග් ඩේස් වලට''

''මම ආසයි හිම වලට.ඒ මොකද ස්ප්‍රින්ග් වලට කැමති?''

''හ්ම්ම්....මම ඉර එලිය වැටිලා තියනවා ට කැමතී. එතකොට ලස්සනයි. ස්ප්‍රින්ග් වලදී මල් පිපිලා ගස් කොලන් හොදට පේනවා. වින්ටර් වලදි හැම තැනම හිම නෙ. ඒ නිසා හැම හිම කාලෙකටම මම බලන් ඉන්නෙ ස්ප්‍රින්ග්ස් එනකම්''

ᴜⁿᵗⁱˡ sᵖʳⁱⁿᵍ ᴄᵒᵐᵉˢ ♤ ||ˢʰᵒʳᵗ ᶠᶠ || ˢᵏᶻᶜʰᵃⁿ || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ [✓]Where stories live. Discover now