°06°

133 38 25
                                    

"මිරා. ඔයා කිව්වා නේද වටින්නෙ නැති කෙනෙක් වෙනුවෙන් කිසි දෙයක් කරන්න ඕනෙ නෑ කියලා. ඒත් මට ඔයාව වටිනවා. you know? අනික මම අනිවාර්යෙන් ම දන්නවා ඔයාට next spring days වලදි හොදටම හොද වෙනවා කියලා. අපි එදා හැරිලා ආපු තැන ඉදන් අපි දෙන්නාට ආයෙත් යන්න පුලුවන් yeouido park එකට''. චන් ටවල් එක අහකින් තියලා මිරා ගෙ උරහිස් වලින් අල්ලගත්තා.

''චන්! මට බෑ! මට ඕනෙ නෑ වෙන්නෙ නැති දේවල් ගැන කියවන්න. ඔයා heart donate කරන්න එපා. අනේ තේරුම් ගන්නකො''.

මිරා එහෙම කිව්වාත් චන් කරේ කෙල්ලගේ මූනට නැමුන එකයි. ඊට පස්සෙ හිමින් කෙල්ලගේ සීතල වුන තොල් උනුසුම් කරේ කෙල්ලට තව වචනයක් වත් කියන්න ඉඩ තියන්නෙ නැතුව.

''ශ්ශ්ශ්ශ්ශ්!................................ මාව විශ්වාස නම් මේ surgery එක කරන්න කැමති වෙන්න. ඔයා මගෙන් හැමදේම හැංගුවා. ඒ නිසා මේක තමා දඩුවම. ඔයා surgery එක කරනවා. එච්චරයි. අනික heart donate කරන්නෙ surgery එක unsuccess වුනොත් විතරනෙ. මම දන්නවා මේක හරියනවා කියලා''. චන්, මිරා අඩන එක නවත්තන්න මිරාව තුරුල් කරගත්තා.

''අනේහ් චන්! ඔයා කොහොමද එහෙම කියන්නෙ!?. අනේ මේ වගේ දෙයක් මට කරන්න එපා. මට ඉවසන්න බෑ මේවා''

''මම එහෙම කියන්නෙ,හ්ම්ම්.... මගේ heartඑකට දැනෙනවා ඔයාගෙ heart එකට මාව තනි කරලා එහෙම යන්න කොහෙත්ම බෑ කියලා. අන්න ඒ නිසා බය වෙන්න එපා. හැමදේම හරියාවි. යමු මම ඔයාට චොකෝ මූස් එකක් හදන්නම්. අද මෙහෙන් ඉන්න''. චන් එහෙම කියන ගමන් කුස්සියට ගියා.

...........

"මිරා surgery එක දවස වෙනකම් මෙහෙම ඉන්න. අපි දෙන්නා එකට ඉමු. මට ඔයාව බලාගන්න බැරි වුනා. ඒ නිසා මාත් එක්ක ඉන්න". චන් රාමෙන් කෝප්පයකට සෝස් පැකට් එකක් දාලා අනන ගමන් කිව්වේ මිරා kitchen chair එකේ වාඩි වෙලා අත් දෙකත් බැදන් ඉන්නකොටයි.

"චන්! කරුණාකරලා කියන්න එපා ඔයා වැරදී කියලා. මමයි ලොකුම වැරදිකාරයා. මට ආයෙත් කියන්න තියෙන්නෙ මම ඔයා කරන්න යන දේට පොඩ්ඩක්වත් කැමති නෑ😔"

"කෝ ආ කියනවා!! කන්නෙත් නෑ ආයෙ ආයෙ එකම කියෝනවා මෙතන". චන් එහෙම කියන ගමන් අනපු රාමෙන් ටිකක් ස්ටික් එකට තියාගෙන මිරාගෙ කටේ එබුවෙ එයා කියෝන එක නවත්තන්න වගේ.

ᴜⁿᵗⁱˡ sᵖʳⁱⁿᵍ ᴄᵒᵐᵉˢ ♤ ||ˢʰᵒʳᵗ ᶠᶠ || ˢᵏᶻᶜʰᵃⁿ || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ [✓]Where stories live. Discover now