♡︎chapter 02♡︎

324 85 0
                                    

꧁𝕋𝕙𝕖 𝕡𝕣𝕚𝕟𝕔𝕖 𝕠𝕗 𝕥𝕙𝕖 𝕧𝕒𝕞𝕡𝕚𝕣𝕖꧂

ජින් මම එනකල් මගබලාගෙන ඉන්නවා ඈත තියාම මම දැක්කා .

"ගුඩ් මෝනිං ජින් ..."

"ගුඩ් මෝනිං පූරි ..ඔයාට සුබ ආරංචියක් තියෙනවා .."

"එ් මොකක්ද ?ඩැඩී කැමති උනාද මට ජොබ් එකක් දෙන්න ."

"හම්.. ඔව් ..ඔයාටයි ඇලිස්ටයි දෙන්නටම අද ඉදන්ම වැඩට එන්න කීවා ඩැඩී.."

"අනේ...තෑන්ක්ස් ජින්.."

මම ජින්ව වැලඳගෙන එයාට ස්තූති කරා..එවෙලෙ ප්‍රොෆෙසර් ජිමින් අපිව පහුකරගෙන එයාගෙ බයිසිකලෙන් ගියා ..එයා අපි දිහා යන්තම්වත් බැලුවේ නෑ ..

"පූරි...ඒ ගියෙ ප්‍රොෆෙසර් ජිමින් නේද ?"

"හම්....එයා තමයි.ප්‍රොෆෙසර් ඉන්නේ අපේ අල්ලපු ගෙදර .එයා තමයි අපේ අල්ලපු ගෙදරට ආව අලුත් අසල්වැසියා .."

"ආ....එහෙමද? අන්න උඩදාගෙන ඇලිස් එනවා."

"හායී....ලමයි...ගුඩ් මෝනින් ..ඔයාලා දැක්කද ප්‍රොෆෙසර් ජිමින් මේ පැත්තෙ ඉදන් යනවා.වාව්...එයාව දැක්කමත් මාර සතුටක් දැනෙන්නේ .."

"අනේ.....ඇත්තද?ප්‍රොෆෙසර් ඉන්නේ කොහෙද දන්නවද?"

"අනේ නෑ ...කියන්නකො ජින්..."

"පූරිගෙ අලුත් අසල්වැසියා තමා ප්‍රොෆෙසර් ජිමින් .."

"දෙවියනේ.....එහෙමද?පූරි...මම අද රෑට එහෙට එන්නම් පාඩම් කරන්න . "

"ඇලිස්....ඔයාට හැදිලා තියෙන පිස්සුව නම් එච්චර හොඳ එකක් නෙවේ...අද හවස මම යනවා ජින්ලගෙ හොටෙල් එකේ වැඩට.."

"හම්....එතකොට මට ජොබ් එකක් නැද්ද ජින්?"

"තියෙනවා...තමුසෙත් පූර්ණි එක්ක එනවා..."

"අනා....තෑන්ක්ස් මගෙ ජින් පැටියා .."

ඇලිස් එහෙම කියලා ජින්ගෙ නහය මිරිකලා දේශන ශාලාවට දීවා.ජිනුත් ඇලිස් පස්සෙන් පැන්නුවා.අද උදෙන්ම තිබුනෙ මනෝවිද්‍යා දේශනය.කෙල්ලො නොඉවසිල්ලෙන් ප්‍රොෆෙසර් ජිමින් එනකන් බලාගෙන හිටියා..ලා නිල්පාට ෆුල් කිට් එකකින් සැරසුණු ප්‍රොෆෙසර් ජින්ව දැකලා ගත්ත හුස්ම පහලට දාගන්න බැරිව ගොඩක් කෙල්ලො හිටියෙ.එයාව දැක්කාම ම⁣ගෙ හදවතෙත් ගැස්ම වැඩිවෙනවා .ඒ  ඇයි කියන්න මම දන් නෑ .

♡︎Vampire Prince♡︎(Complete✔️)Where stories live. Discover now