බැසයන හිරුගේ රත්පැහැ රශ්මි කදම්භයන්ගෙන් ආලෝකමත් වූ ලොරේන් නගරය සුන්දර දසුනක් මවා පෑවා.මිදුලේ ඕක් ගස යටට වෙලා පොතක් කියවමින් හිටපු මගෙ අවධානය ටොමීගේ බිරුම් හඬින් පාර දිහාට යොමුවුනා.කළු පැහැති විශාල බල්ලෙකු සමග කඩවසම් තරුණයෙක් පාරේ ගමන් කරමින් සිටියා.නොනවත්වාම ගේට්ටුව ලගට ගොස් බුරන ටොමී ලගට ගිහින් මං එයාගෙ හිස අතගෑවා .අපේ ගෙදර දිහාවත් බලන්නෙ නැතිව ගියපු ඒ කොල්ලා බල්ලත් එක්ක අල්ලපු ගෙදරට ගේට්ටුවෙන් ඇතුළු උනා.අවුරුදු ගානක් තිස්සේ වහලා තිබ්බ ගෙදරට අලුතින් කට්ටියක් ඇවිත් .කට්ටියක් කීවට මං දැක්කෙ කොල්ලයි බල්ලයි විතරයි .තාමත් ටොමී ඒ ගේ දිහා බලාගෙන බුරනවා.එයාගෙ මේ අමුතු හැසිරීම මට තේරුම් ගන්න බෑ .ටොමී මේ තරම් කලබල වෙලා නෑ කවදාවත් .අනික අර කොල්ලා ගාව හිටපු තඩි බල්ලා නිකමටවත් අපේ ටොමීට බිරුවෙ නෑ .බුරනවා තියා මේ පැත්ත බැලුවෙත් නෑ එයාගෙ හාම්පුතා වගේම ."ටොමී...මගෙ පැටියො දැන් ඔය බුරන එක නතර කරන්න .එයාලා අපේ අසල්වැසියො.ඒක හින්දා එයාලට බුරන එක හොඳ නෑනි .එයාලා ටිකක් අමුතුයි වගේ තමයි ඒත් ඔයා ඒවා ගනන් ගන්න එපා ."
ගේට්ටුවෙන් ඇතුලට ගියා ගියාමයි කොල්ලයි බල්ලයි ගැන කිසිම හෝඩුවාවක් නෑ .ආයෙමත් පොත අරන් මම පාඩම් කරන්න ගත්තා .
"පූරී......කොහෙද ඉන්නේ ...?ඉක්මනට මෙහෙට එනවා.ඇවිත් මට උයන්න උදව් කරනවා."
ඒ මගෙ අප්පගෙ නංගී ඒ කියන්නෙ මගෙ නැන්දා එල්සි.එයයි මායි ටොමීයි තමයි අපේ ගෙදර ඉන්නේ .ඔම්මයි අප්පයි දෙන්නම හදිසි අනතුරකින් නැති උනාට පස්සෙ මගෙ වගකීම බාරගත්තේ මගෙ නැන්දා .එහෙම කරේ මට තියෙන ආදරේටනම් නෙවේ. අපේ ගෙදර එයාට ඉන්න පුළුවන් නිසා වගේම මගෙ අප්පා ඉතුරු කරපු සල්ලි වලින් එයාටත් ජීවත් වෙන්න පුළුවන් නිසා .ආ....කියන්න අමතක උනා.මගෙ නම පූර්ණි....කිම් පූර්ණි ..වයස අවුරුදු විසිදෙකයි.යුනිකොන් සරසවියේ තමයි මම ඉගෙන ගන්නෙ.අනික මගේ ඔම්ම ශ්රී ලංකන්...අප්ප කොරියන්.මම ඉගෙන ගන්න ටිකක් දක්ෂ ලමයෙක් .තවත් පරක්කු උනොත් නැන්දගෙන් හොදටම බැනුම් අහන්න වෙනවා.මම ටොමීව කූඩුවට දාලා ඉක්මනින් නැන්දා ගාවට ගියා.
YOU ARE READING
♡︎Vampire Prince♡︎(Complete✔️)
Fantasy♡︎fantasy fan fiction♡︎ .....The prince of the vampire...... ....අඩක් මනුශ්ය අඩක් වැම්පයර් කුමාරයකුගේ ආදරණීය කතාවක්.....