Tae's prov :
මගේ උත්තරෙන් ජන්ග්කුක් පුදුම වුණා වගේ පෙණුනා.සමහර විට එයා ප්රතික්ෂේප කිරීමක් බලාපොරොත්තු වෙන්න ඇති.ඔව්! මාත් මගේ තීරණය ගැන පුදුම වෙනව.
කිම් ජියෝන් ජාන්ග්කුක්..පාඩුවේ තිබ්බ අපේ ජීවිත කුණාටුවක් කරේ තමුන්.අද ඉදල මාත් පොඩ්ඩක් සෙල්ලම් කරන්න පටන් ගන්නව..Soo TRY ME! KIM JEON JUNGKOOK!!!
මම දැක්ක මගෙ මැනිකගෙ මූණ මළානික වෙනව.ඉවසන්න චිමී..මම හැමදේම හරි ගස්සනව.ඇත්තමයි.මම පොරොන්දු වෙනව මැණික.විවාහ උත්සවය ඉවර වෙනකම්ම මාත් ජන්ග්කුක් අතරත් කතාවක් වුනේ නැති තරම්.මම ඉවර වුණ ගමන්ම ජන්ග්කුක්ව පැත්තකට දාල මගේ චිමීව හොයන් ගියෙ එයා දැන් හොදටම කලබල වෙලා කියල දන්න නිසයි.
Kookie's prov :
මට ඕන කරේ ජිමින්ගෙන් එදා වුණ දේට පළිගන්න වුනත් මම මගේ මුළු හදවතින්ම ටේට ආදරේ කලා.එයාගෙ හිනාව.ඒ අහිංසකකම මං විහින්ම නැති කරා වගේ හැගීමක් මේ කාලෙ මාව මැරුව.ඒ වගේම මම පණටත් වඩා ආදරේ කරපු ටේගෙ ලේ ධාතුව ජිමින් ගාව පණ ගැහෙනව කියල දැන ගත්තම මම වියරු වැටුණ.ඒත් එක්කම එතනට ආව ටේ ජිමින්ව එයාගෙ තුරුළට ගන්නව දැක්කම මට දැනුනෙ මගේ ලෝකෙම කඩාගෙන වැටෙනවා වගේ.ආදරේ?? හහ් ආදරේ කියන්නෙ මගේ ජීවිතේ මගේ සැනසීම නැත්තටම නැති කරල දාපු වචනයක්.මම එදා මුළු රෑම පිස්සෙක් වගේ බීව.සිහිය නැති වෙනකම්ම.මගේම හ්යොන්ග් මගේ පැත්තට නැතුව ටේටම උදවු කරද්දි මට දැණුනෙ ලොකු අසරණකමක්.ඒත් එදා මගෙනුත් වෙන්න ගියෙ වැරද්දක්!ඒත් ඒත් එදා ජිමිනුත් කරේ වැරද්දක්.එයා නිසා මගෙ ඇගේ ඇහ ගාව කවදාවත් මකන්න බැරි කැළළක් ඉතුරු වුණා.රාජකුමාරයෙක් වුණත් අයිඩල් කෙනෙක්ට තමන්ගෙ මූණ කොයි තරම් වටිනවද කියල මම අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.
ඒත් ටේ මම නිසා දුක් විදින්ව දකින එක මට කරන්න අමාරු දෙයක් වුණා.ටේ කියන්නෙ no:1 වර්ල්ඩ් වයිඩ් අයිඩල් කෙනෙක්! එදා සිද්දිය ආරංචි වුණාට පස්සෙ ටේගෙ ෆෑන්ස්ලගෙන් මට මරණ තර්ජන පවා ආව.මගේ ආදරේ නිසාම මම අන්තිමට ලෝකෙම මිනිස්සු පිළිකුල් කරන කෙනෙක් වුණා! මම් මේ හැමදේකටම වයිර කළේ ජිමින්ට!! එයා නොහිටියා නම් මට මේ වගේ දෙයක් වෙන්නෑ.එහෙනම් ටේත් අද මගේ! ජිමින් නිසාම ටේ මාළිගාවෙ සේවකයෙක් විදිහට වැඩ කරන්න යනව කියල ආරංචි වුණාම නම් මට හොදටම තරහ ගියා.සේවකයෙක්?? එයා වෙන්න ඕන සේවකයෙක් නෙවෙයි! එයාටයි හරි නම් මගේ හැමදේම.හරි ටේ ඔයාට ඕන ජිමින් ගාව ඉන්න.ඒක මම දන්නව.මොකද නීතියට අනුව අවුරුද්දක් යනකම් හොනී හ්යොන්ග්ට මේ විවාහය අවලංගු කරන්න බෑ.එයා නමට හරි ජිමින්ව ලග තියා ගන්න ඕන.මම දන්නව හ්යොන්ග් මේ දේවල් කරේ මගෙන් ජිමින්ව ආරක්ෂා කර ගන්න කියල.ඒත් මම දැනටමත් තීරණය කරල ඉවරයි මගේ ටේගෙ පැටියට මේ ලෝකෙ එළිය දකින්න දෙනව කියල.ඊට පස්සෙ මම ජිමින් ගැන බලා ගන්නම්.අනිවාර්යයෙන් ම!!! ඒ වගේම මගේ ටේ! මේ මාලිගාව කොහොමත් අයිති ඔයාට.හැබැයි මගේ ඉස්සරහ නමටවත් ඔයා සේවකයෙක් වෙනවට මම කැමති නෑ.ඒක නිසා නමය හරි මගේ වෙලා ලග ඉන්න! මම දැනන් හිටිය ඔයාට අච්චර සෙනගක් මැද මාව ප්රතික්ෂේප කරන්න බෑ කියල.ඒත් එකපාරටම ඔයාගෙන් ඒ වගේ නිවුනු රියැක්ශන් එකක් මම කොහොමටවත් බලාපොරොත්තු වුනෙත් නෑ.ඒත් මට ලොකු සතුටක් දැනුන.අන්තිමට ඔයා නමට හරි මගේ! ඒත් ඇයි ඔයා එකපාරටම දුවල හෝල් එකෙන් ගියෙ?
![](https://img.wattpad.com/cover/271806930-288-k408195.jpg)