Tae's prov :
තත්පර ගානක් යද්දි මට දැනුන ඇගට පණ නැති වෙනව කියල.ඒත් එක්කම මම ජන්ග්කුක්ගෙ ඇගටම බර වුණා.
JK's prov :
කෑම කන අතරත් ටේ හිටියෙ 4න් එකේ.මම දන්නව මේ චැට් කරන්නෙ ජිමින් එක්ක කියල.මට පුදුම වේදනාවක් දැනුනෙ.ඒත් එක්කම එයා ඇදන් හිටපු දුහුල් සුදු පාට ශර්ට් එකත් පොඩි ශෝර්ට් එකත් නිසා එයාගෙ මුළු ඇගෙන් භාගෙකටත් වඩා එළියෙ.අපිට සර්ව් කරන්න ආව වේටර්ස්ල ටේ දිහා කන්න වගේ බලද්දි මගෙ තරහ තවත් තවත් වැඩි වුණා.එහෙම තරහ ගන්න මට අයිතියක් තියෙනවද? මෙතන ජිමින් හිටිය නම් එයා කියයි මගේ ටේ දිහ නොබල යන්න කියන්න කියල. මට ඉරිසියයි.නමට විතරක් ඇගෙන් මට ටේව අයිති වුනාට අකමැත්තෙන් වුණත් ටේ අයිති ජිමින්ට කියල මම තේරුම් අරන් හිටියෙ.ඒත් එක්කම ටේ එයාට අසනීපයි කියල ඇතුළට යද්දි මට හිතුන ඒක බොරුවක් කියල.ඒකයි මම එයාගෙ පස්සෙන්ම ගියෙ.
මගේ හිතේ තිබ්බ දුක වේදනාව මේ හැමදේකටම එකම සහනය උනෙත් ඒ හැමදේකටම හේතුව උන එයා ගාවමයි.ටේගෙ උනුහුම තමයි මාව සනවසපු එකම ඒත්....ඒත් තප්පර ගානකදි එයා මගේ ඇගට වැටුණ.
ඒ කියන්නෙ..ඒ කියන්නෙ එයා ඇත්තටම ද කීවෙ එයාට අසනීපයි කියල! මට මං ගැනම දැනුනෙ තරහක්.එහෙම්මම මම ටේව ඇදෙන් තියල ගියෙ ඩොක්ටර්ට කෙනෙක්ව ගෙන්නන.අනේ මට සමාවෙන්න ටේ! මම හැමදාම කරේ ඔයාට රිද්දපු අඩවපු එක විතරයි.ඒ අතින් ජිමින්! මම හොටෙල් රූම් එකෙන් එළියට ඇවිත් මගේ මැනේජර්ව හෙව්වෙ පිස්සුවෙන්..
Author's prov :
මේ අතර මාලිගාවෙ වුනේ ටේවත්,ජන්ග්කුක්වත් හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක්.ජිමින් ගොඩක් කලබල වුනා.මොකද අද රෑට අනිවාර්යයෙන් ටේව අහුවෙයි.ඒක නිසා එයා හොබීට බැගෑපත් වුනා එයාව කොහොම හරි සෝල් වලට යවන්න කියල.ජිමින් ඉන්න තත්වෙත් එක්ක එයාට යන්න හොද නෑ කියල කීවත් ජිමින්ට යන්නම ඕන උනා.කරන්න දෙයක් නැති නිසා අන්තිමට හොබී සුගා එක්ක ජිමින්ව පරිස්සමට සෝල් වලට එක්කන් ගියා.
ජීමින් හෝබී, සුගා තුන් දෙනා එක්කම ටේල නැවතිලා හිටිය හොටෙල් එකට ආව.ජිමින් නම් හිටියෙ ටේව දකින නම් නොයිවසිල්ලෙන්..හොබීට එක පාරටම බඩේ කැක්කුමක් ආව නිසා ජිමින්ව ගාර්ඩ් එක එක්ක තියල සුගා ඉක්මනට හොබීව රූම් එකට යවල ඩොක්ටර් කෙනෙක්ව ගෙන්නන්න ලෑස්ති කළා.