❄01❄

1K 146 132
                                    

"චිමී මෙන්න මෙහේ එන්නයි කිව්වේ................."

"අනේ බෑ ටේ ටේ යූන්ගි කුමරු දැනගත්තොත් මට ඉන්න හම්බෙන්නේ නෑ....."

" අයිගෝ බය වෙන්න එපා...මම දන්නවා යුන්ගි හියුන්ව ගානට නම්ම ගන්න...."

"ඒත් ජින් හියුන් දැනගත්තොත්...."

"ආපෝ බය වෙන්න එපා...මම එයාව නම්ම ගන්න හැටිත් හොදට දන්නවා......"

"ඒ කොහොමද?"

"සුළු දෙයයි.... නම්ජුන් හියුන් ළගට ගිහින් මෙන්න මෙහෙම ඇස් දෙක ලොකු කරලා ඇස් දෙකේ කදුළු පුරවගත්තාහම ඉතුරු ටික ජුන් හියුන් නිකම්ම කරලා දෙනවා...."

"ඒත් අපි ආරක්ෂකයෝ එක්කෙනෙක්වත් රැගෙන යමුකෝ...........".

"මම පවසලා තියෙනවනේ මම ඔය ආරක්ෂකයොත් එක්ක එහෙ මෙහෙ යන්න කැමති නැති බව....හැමතිස්සෙම කුමරුනි ඔහේ යන්න එපා...කුමරුනි මෙහෙ යන්න එපා....ඔහොම ඉන්න.....ඔය බලාගෙන...........මට නම් දැන් ඇති වෙලා. කතාව ඇති. දැන් එන්න යන්න..."..

ජිමින් කුමරුගේ අතින් අල්ල ගත්තු ටේහියුන් කුමරු ආරක්ෂකයන්ට නොපෙනෙන්න හැංගිලා ගිහින් කොහොම හරි මාළිගාවෙන් එලියට පැන ගත්තා...සිවිල් ඇදුමෙන් සැරසිලා හිටපු කුමාරවරු දෙන්නගේ බලාපොරොත්තුව වුනේ නගරේ විදී පුරා ගිහින් සතුටු වෙන්න.ජිමින් කුමරුටත් වඩා ඒක ඕනේ වුනේ ටේහියුන් කුමරුට.

හරිම හුරතල් දගකාරයෙක් වුනු ටේහියුන් කුමරු තමා රාජදානියේ රජුගේ මස්සිනා....ඔව් කිම් නම්ජුන් රජුගේ සහකරු වුනු කිම් සොක්ජින් ගේ එකම සහෝදරයා....පුංචි කාලෙදිම මාලිගාවේ කුමන්ත්‍රනෙකින් දෙමාපිය සෙනෙහස අහිමි වුනු තමන්ගේ බාල සහෝදරයට සොක්ජින් කුමරු පණටත් වඩා ආදරය කළා.ඔහු ඉල්ලන ඉල්ලන හැම දේම ලබලා දුන්නේ ඒ නිසා තමයි.නම්ජූන් කුමරුගේ හා සොක්ජින් කුමරුගේ විවාහයෙන් පසු නම්ජුන් කුමරුගේ රාජදානියට පැමිණි ටේහියුන් කුමරුගේ හොදම මිතුරා වුනේ නම්ජූන් කුමරුගේ සහෝදරයා වුනු කිම් යුන්ගිගේ සහකරු කිම් ජිමිනුයි.

දහනම වන වියේ පසු වුනත් ටේහියුන් කුමරු හැසිරුනේ පොඩි දරුවෙක් වගේ.පුදුමයක් නෑ ...මොකද ඔහුගේ සහෝදරයා වුනු සොක්ජින් කුමරුත් නම්ජුන් රජුත් ඔහුව හැදුවේ ගොඩාක් ආදරෙන්. දකින ඕනම කෙනෙක්ට ආපහු හැරිලා බලන්න හිතෙන තරම් සුන්දර රුවකට හිමිකම් කියන්න කුමරු වාසනාවන්ත වුනා.සුරලොවින් බැහැපු සුරදූතයෙක් වැනි තමන්ගේ සහෝදරයට දැඩි ලෙස ආදරය කරපු සොක්ජින් කුමරු ටේහියුන් කුමරුට දැඩි රැකවල් පැනෙව්වේ ඔහුගේම ආරක්ශාවට.ඒ වුනත් ටේ කුමරුට අවශ්‍ය වුනේ නිදහස් දිවියක්....ඔහුගේ හොදම ආයුධය වුනේ ඔහුගේ හුරතල් පෙනුම...ඒ හුරතල්කමට පිටුපාන්න මාලිගාවේ සේවක සේවිකාවන් ආරක්ශකයන්ට විතරක් නෙමේ රාජදානියේ රජුට පවා බැරි වුනා.නම්ජුන් රජුගේ උදව්වත් හිමි වුනු නිසා ටේහියුන් කුමරුට තමන්ට කැමති විදිහට නිදහස් දගකාර ජීවිතයක් ගත කරන්න පුලුවන් වුනා.කොච්චර දග කලත් කුමරු හරිම අහින්සකයි.ඒ බව රාජදානියේ ජනතාව පවා දැනගෙන හිටියා.තමන් රාජකීය පවුලේ කෙනෙක් වුනත් ඔහු සාමාන්‍ය‍ය ජනතාවට පවා සැලකුවේ තමන්ගෙම අයට වගේ....කරදරයක වැටුනු ඕනම කෙනෙක්ට උදවු කරන්න ටේ කුමරු දෙපාරක් හිතුවේ නෑ.ඒත් එහෙම උදවු කරන්න ගිහින් කුමරු කරදරේ වැටුනු අවස්තාත් නැතුවාම නොවේ.කුමරුගේ මේ කරුනාවන්ත බවට වගේම අහින්සක බවට හැම කෙනෙක්ම ගොඩක් ආදරය කලා.

𝗕𝗲𝗮𝘂𝘁𝘆 & 𝗧𝗵𝗲 𝗕𝗲𝗮𝘀𝘁Where stories live. Discover now