"අනේ හියුන් මම කියන දේ අහන්නකෝ."
"එපා මාත් එක්ක කතා කරන්න."
"ඇහුවට හියුන් යන්න යන්න නොදෙන නිසයි මම හොරෙන් ගියේ."
"මොනව හරි අනතුරක් වුනානම් මම මොකද කරන්නේ ආ?"
"ඉතින් අපි දෙන්නට මුකුත් කරදරයක් වුනේ නෑනේ...මොකටද බය වෙන්නේ"
"දැන් ඔයා ගැන මම නැතුව වෙන කවුරු බය වෙන්නද ටේ ආහ්?"
"මම එහෙම දෙයක් ගැන නෙමෙයි පැවසුවේ හියුන් ...මදකට මම කියන දේටත් සවන් දෙන්න."
"අවශ්‍ය නෑ ටේ....ඔයා කවදාද වගකීමක් ඇතුව ජීවත් වෙන්න පුරුදු වෙන්නෙ අහ්??"
"ඒත් හියුන්...."
ටේහ්‍යුන් කුමරුට කිසිවක් පවසන්නට ඉඩ නොතියාම ජින් කුමරු එතනින් පිට වුනා.ඔවුන් හිටියේ රාත්‍රී බෝජනය ගන්න ගමන්.තමන් ප්‍රමාද වී පැමිනීම ගැන ජින් කුමරු කිසිවක් නොපැවසීම ගැන ටේහ්‍යුන් කුමරුගේ සිතේ යම් දෙගිඩියාවක් තිබුනත් ඔහු එය පිටතට නොපෙන්වා සිටියා.එහෙත් අන්තිමේදී සුපුරුදු පරිදි ජින් කුමරුගේ කෝපය ඉක්මන් වුනා.
වෙනදට තමන්ගේ සහෝදරයා කියන කිසිම දෙයක් ගනන් නොගත්ත ටේහ්‍යුන් කුමරුට අද නම් ජින් කුමරු බැන වදිද්දී ලොකු දුකක් ඇති වුනා. තමන්ගේ සහෝදරයගේ ඇස් වල තිබුනු කදුලුත් ටේහ්‍යුන් කුමරුගේ සිතේ තිගැස්මක් ඇති කලා.පලමු වරට තමන් ජීවිතේ මුහුකුරා ගියපු බවක් කුමරුට හැගුනා.සමහර විට අද දවස පුරාවටම සිදුවනු දේවල් කුමරුගේ හිතේ ලොකු බලපෑමක් ඇති කරලා තියෙන්නට ඇති.ජින් කුමරු පිටවෙලා යන ආකාරය බලන් හිටපු කිසිවෙක් කිසිවක් කිව්වේ නැහැ.
බිම බලා ගත්තු ටේහ්‍යුන් කුමරුගේ කම්මුල් තෙමමින් කදුලු ගලා ගියා.
"ඇයි ටේ මේ ඇයි මේ කවදාවත් නැතුව ඔබ අඩන්නේ?"නම්ජුන් රජු ඇහුවේ ටේ කුමරු කවදාවත් මේ විදිහට අඩන්නේ නැති නිසා.
හැම කෙනෙක්ටම හොරෙන් මාලිගයෙන් පිටවෙලා ගිහින් විනෝදවෙලා ඇවිත් ටේහ්‍යුන් කුමරු කීප වතාවක්ම ජින් කුමරුගෙන් බැනුම් අහලා තියෙනවා.නමුත් ඒ හැමදාකම වගේ විවිදාකාරයේ විහිලු තහලු කරලා ජින් කුමරුන්ව යාලු කරගන්න උත්සහ කරනවා ඇරෙන්න කවමදාකවත් කුමරු මෙහෙම අඩලා නෑ.ඉතින් කුමරු මෙහෙම අඩනවා දැක්කහම රජු පමනක් නෙමේ,සේවක සේවිකාවෝ පවා පුදුම වෙන එක පුදුමයක් නෙමේ.
YOU ARE READING
𝗕𝗲𝗮𝘂𝘁𝘆 & 𝗧𝗵𝗲 𝗕𝗲𝗮𝘀𝘁
Fanfic♥︎Tale as old as time... True as it can be... Barely even friends... Then somebody bends... Unexpectedly... Just a little change... Small to say the least... Both a little scared... Neither one prepared... Beauty and the Beast...♥︎ Cover credit goes...